Greenhopes-Amlapowder
Greenhopes-
myherbals
Myherbals-Capsules

විශ්ව ශක්තිය සමග ගණුදෙනු කරන වැල් පෙනෙල

You are currently viewing විශ්ව ශක්තිය සමග ගණුදෙනු කරන වැල් පෙනෙල

විශ්ව ශක්තින් සමඟ ගනුදෙනු කරන ඖෂධීය ශාකයක් ශ්රී ලාංකාවේ ඇති බවට කෙනෙකු කිවහොත් ඔබ විශ්වාස කරනවා ද? වැල් පෙනෙල යනු එවන් විශ්ම ගුණයන්ගෙන් යුත් ශාකයකි. පැරැණි සෘෂිවරුන් විසින් විශ්ව ශක්තිය සමග ගනුදෙනු කරන ශාකයක් ලෙස මෙම ශාකය හඳුනාගත් බවට පැරැණි පොත පතෙහි සඳහන් වේ. වසර දහස් ගණනක ඈත ඉතිහාසයේ පටන් මිනිස් සිරුරේ සෞඛ්යය වර්ධනය කිරීමට මෙම වැල් පෙනෙල ශාකය උපකාරීව ඇත. ශ්රී ලාංකීය හෙළ වෙදකමේ නිරන්තරයෙන් භාවිතයට ගන්නා ඖෂධීය ශාක වලින් එකක් වන වැල් පෙනෙල ශාකය, ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශවල ව්යාප්තව පහසුවෙන් වැඩෙන ශාකයකි. නමුත් ඉතා බහුලව මේ ශාකය දැකගත හැකි වන්නේ වියළි කලාපීය ප්රදේශ ආශ්රිතවය. ලෝකයේ ගතහොත්, අප්රිකාව, ඕස්ට්රේලියාව  සහ උතුරු අමරිකාව වැනි රටවල් වල ගංගා සහ පාරවල් දෙපස ඉතා බහුලව මෙම පැළ දැකිය හැකිය. 

වැල් පෙනෙල -Welpenela-Love in Puff- Balloon Vine-www.herbalvoice.lk

Cardiospermum halicacabum යන උද්භිද විද්යා නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය, Sapindaceae කුලයට අයත් වේ. සංස්කෘත භාෂාවේ ‘කකාටික්ටා’ නමින් මෙය හැඳින්වේ. Balloon plant, Balloon vine, heart seed යන නම් වලින් ද මෙය හදුන්වනු ලබනවා. වැලක් ලෙස වැඩෙන වැල් පෙනෙල ශාකයේ පත්ර වල දිග 6-12 cm පමණ වන අතර දැති හැඩැති පත්ර දාර වලින් යුක්තයි. කඩතොලු වූ රටාවක් සහිත සම්මුඛ පත්ර දැකගත හැකිය. මෙම ශාකයේ කඳ 3mm පමණ ඝනකමින් යුක්තය. මීටර දෙකක් පමණ උසට මෙම වැල් පෙනෙල වැල් වැඩෙයි. මුදුන් මුලක් සහිතව තන්තුමය මූල පද්ධතියකින් වර්ධනයට අවශ්ය පෝෂණය ලබා ගනියි. කඳෙහි 5-10 cm අතර දුරින් අන්තර් ගැට පිහිටනු දැකගත හැකිය. පුෂ්ප මංජරියකින් යුක්තව පුෂ්ප හට ගන්නා අතර පුෂ්ප වල පැහැය සුදු පැහැති වේ. මෙම ශාකයේ ගෙඩි සුළං පිරවූ බැලුම් වැනි හැඩයෙන් යුක්ත අතර, 3 cm පමණ විශාල වේ. ඒවා සාමන්යයෙන් දුඹුරු පැහැයක් ගනී. වැල් පෙනෙල ශාකය ප්රචාරණය වන්නේ එහි බීජ පිපිරී විසිරීම මගිනි.

වගා කිරීම

හිරු එළිය බහුල ප්රදේශ වල ඉතා හොදින් වැවෙන අතර තෙතමනය සහිත පස යෝගය වේ. සෝයා බෝංචි වගාව ආශ්රිතව මෙම පැළෑටිය වල් පැළෑටියක් ලෙස සලකයි. ඊට හේතුව වන්නේ මෙහි සීග්ර වර්ධනයයි. සෝයා බෝංචි සහ වැල් පෙනෙල බීජ ස්වරූපයෙන් ඉතා සමාන වීම නිසා ඒවා එකිනෙක මිශ්ර වු විට වෙන් කරගැනීම ඉතා අපහසුය. සාමන්යයෙන් මෙහි හටගන්නා ඉත්තේ පළමු මල ගැහැණු වන අතර ඉතුරු සියලුම මල් පිරිමි ඒවා වේ. වසර පුරාම මල් සහ ගෙඩි හටගැනීම සිදු වන අතර ඉතා අධික නියං කාලවලදී පමණක් මෙහි මල් දැකීම අපහසු වේ. එනිසා ඉතා අවම ජල පහසුකම් යටතේ වුව ද වැල් පෙනෙල හොදින් වැවේ.

වැල් පෙනෙල -Welpenela-Love in Puff- Balloon Vine-www.herbalvoice.lk

පුරුෂ ශක්තිය වඩවන හොද ඔසුවකි

වැල් පෙනෙල ශාකයේ කොටස් භාවිත කර කොළ කැඳ, සලාද සහ මැල්ලුම් වැනි ආහාර ඉතා පහසුවෙන් සාදාගත හැකිය. අතීතයේ ශ්රී ලාංකීය ජනයා අතර ඉතාම ප්රචලිත ආහාරයක් ලෙස මෙහි ව්යංජනය සහ කොළ නිරන්තරයෙන් භාවිතයට ගන්නා ලදී. දේශීය හා ආයුර්වේද වෛද්ය වෙදකම් වලදී වැල් පෙනෙල මුල්, ඇට, ගෙඩි, මල්, දළු  සහ පත්ර යන සියලු කොටස් භාවිතයට ගනී.

විශේෂයෙන්ම වැල් පෙනෙල ප්රචලිතව ඇත්තේ ශුක්ර ධාතු සහ පුරුෂ ශක්තිය වඩවන ආහාරයක් ලෙසයි. ශරීර ශක්තිය මෙන්ම ශුක්ර ධාතු වර්ධනය සඳහා ද වැල් පෙනෙල ඉවහල් වන බව ආයුර්වේදයේද සඳහන් වෙයි. මෙනිසාම ප්රේමයේ ආහාරය ලෙස වැල් පෙනෙල හඳුන්වා දෙයි. මෙමගින් වර්ධනය වන හෝමෝන ක්රියාකාරීත්වය නිසා කාන්තා පිරිමි දෙපක්ෂයම කෙරෙහිම බලපාන කරුණු පවතියි. ලිංගික ආශාවන් වැඩි කිරීමේ හැකියාවක් මෙම ඖෂධීය වැල් පෙනෙල ශාකය සතු වන අතර වියපත් වන විට ඇතිවන ලිංගික බෙලහීනතාවය වැනි තත්ව මගහරවා ගැනීමට ද ස්වාභාවික ප්රතිකාරකයක් වේ. එමෙන්ම වැල් පෙනෙල, ගෝනෝරියාව වැනි ලිංගාශ්රිත රෝග වලට එරෙහිව ප්රතිචාර දක්වන බව, බටහිර වෛද්ය අධ්යයනයකින් මෑතකදී සිදු කෙරුණු පරීක්ෂණ වලින් අනාවර්ණය කොට තිබේ.

වැල් පෙනෙල -Welpenela-Love in Puff- Balloon Vine-www.herbalvoice.lk

තවත් රෝග බොහෝමයක් නිවාරණය කරයි

වැල් පෙනෙල ශාකයේ පත්ර මෙන්ම ලපටි කඳන් ආහාරයක් ලෙස භාවිත කළ හැකියි. මෙම ශාකය බොහෝ අවස්ථාවල කොළ කැඳ සෑදීමට ගන්නා ඖෂධයකි. තවද ළපටි පත්ර සලාද සෑදීමටද යොදා ගනී. ආයුර්වේදයේදී තුන් දොස් සමනය සඳහා සහ වාත අමාරු වලට ඉතා අගනා ඖෂධයක් ලෙස වැල්පෙනල භාවිත කිරිම සිදු කෙරෙයි. තවද, කාන්තාවන්ගේ ඔසප් චක්රය ආශ්රිත ගැටලු මගහරවා ගැනීමට ද ඖෂධයක් ලෙස මෙය යොදාගත හැකිය. එමෙන්ම මුත්රා රෝග, කෑම අරුචිය, අතීසාරය, වාත රෝග, අර්ශස් සහ පණු රෝග වලටද මෙම පැළෑටියෙන් සාදා ගන්නා මැල්ලුම් සහ කැඳ ඉතා ගුණදායක වේ. සර්ප විෂ නිසා ඇතිවන උණට ඖෂධයක් ලෙස ආයුර්වේද වෛද්යවරුන් විසින් නිර්දේශ කරන ලබන ශාකයකි.

තරුණ පෙනුම රැකගැනීමට උපකාරී වේ

ජෝතිෂවේදීන් පවසන ආකාරයෙන් වැල් පෙනෙල දැකීමෙන් හා ස්පර්ශයෙන් සිකුරු දෝෂ මඟ හරවා ගත හැකි ය. තරුණ පෙනුම රැක ගැනීමට සහ ශරීරයේ යහපත් හෝමෝන ක්රියාකාරිත්වය සඳහාද මෙම ඖෂධීය ශාක ගුණය ඉවහල් වෙයි. වැල් පෙනෙල ශාකයේ මුල් අර්ශස්, වාත රෝග සහ පණු රෝග සඳහාත්, කොළ, අතීසාර රෝග, මුත්රා ආසාදන සඳහාද, ඇට චූර්ණය ආම වාතයේදී උණ, හර්නියාව වැනි රෝග සඳහාත් බහුල වශයෙන් යොදා ගනියි. වැල් පෙනෙල වෙනත් ශාක සාර සමග අඹරා ගෑමෙන් සම මතුපිට ගෙඩි හා සන්ධි ඉදිමුම් වේදනා සමනය කරගත හැකිය.

සම පැහැපත් කිරීමටද මෙම ඖෂධීය ශාකයට නොමද හැකියාවක් ඇති අතර හිරු රශ්මිය නිසා සම දුර්වර්ණ වීම, ශරීරයේ කුරුලෑ, අලුහම් වැනි තත්වයන්ට එරෙහිව ක්රියාකර සමෙහි තරුණ පෙනුම රඳවා තබන හැකියාවක්ද මෙම ශාකයේ පවතී.

එසේම ස්නායු රෝග සමනයට මෙහි මුල් වලින් සකසාගත් කසාය ඉතාමත් ගුණදායක වේ. පක්ෂාඝාතය වැනි තත්ව වලින් පෙලෙන රෝගියකුට ඉක්මන් සුවය වැල් පෙනල කැද හරහා ලබාගත හැකිය. එමෙන්ම විටමින් ඩී ඌනතාව නිසා ශරීරයට කැල්සියම් අවශෝෂණයට නොහැකි වීමෙන් හටගත් අස්ථි ඇදවීම හෙවත් මාන්දම් තත්ත්වය සමනයට පැරැන්නන් වැල් පෙනෙල දළු ලබාදුන් බවටත්, එමගින් මාන්දම් තත්වය සුව කරගත් බවත් පැරණි පොත්පත් වල සඳහන් වේ.

කිරිපණු රෝගයටත්, සන්ධි ප්රදාහයටත් වැල් පෙනල කොළ සහ ඇට මගින් හෙළ වෙදකමේදී ප්රතිකාර සිදුකොට ඇත. මී විෂ සඳහා වැල් පෙනෙල ඉතා ප්රත්යක්ෂ ඔසුවකි. සතියකට දෙවරක්වත් ආහාරයට ගන්නේ නම් ආහාර ජීර්ණ පද්ධතිය මනාව පිරිසිදු වන්නා සේම, ආතරයිටිස් රෝගය ඇති වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම පහව යන බව ද සදහන් වේ. එසේම වියපත් වීමෙන් පසුව ඇතිවන රෝග තත්ත්වයන් බොහෝමයක් අවම කිරීමට ද වැල් පෙනෙල උපකාරි වේ.

හිස්හොරි මර්දනයට උපකාරී වේ

අනෙකුත් පළා වර්ග මෙන්ම වැල් පෙනල ශාකයද නිරෝගී කෙස් කළඹක් ලබාගැනීමට නිරන්තර උපකාරී වේ. වැල් පෙනෙල පත්ර හරහා සකසා ගන්නා අත් බෙහෙත් භාවිතයෙන් හිස්හොරි දුරු කර ගැනීමටත් හැකියාවක් පවතී. වැල්පෙනල කොළ සහ දේශීය සහල් එක් කොට සකසන කැඳ වර්ගය පාසල් දරුවන්ට ක්ෂණික ආහාර වෙනුවට ශක්තිමත් උදේ ආහාරයක් සපයයි. වැල් පෙනෙල යොදාගෙන කැද සෑදීමේදී වැල් පෙනල කොළ පමණක් යොදා හෝ හාතාවාරිය, ගොටුකොළ, පොල්පලා, මොණරකුඩුම්බිය වැනි වෙනත් කොළ සමග එක් කර වුවද කොළ කැඳ සාදා ගැනීමට පැරැන්නන් පුරුදු වී සිටියහ.

වැල් පෙනෙල -Welpenela-Love in Puff- Balloon Vine-www.herbalvoice.lk

වැල් පෙනෙල බීජ වලින් ලබාගන්නා තෙල්

වැල් පෙනෙල ශාකයේ ඇති බිජ වලින් ලබාගන්නා තෙල් වල කෘමි විකර්ශක ගුණය තිබෙන බවට විද්යාත්මකව ද සනාථ කොට තිබේ. එනිසා මෙම තෙල්, කෘමි විකර්ශක නිපදවීමට ද යොදා ගැනේ. වෙළදපොලේ ඇති නොයෙක් කෘතිම සංයෝග අඩංගු කෘමි විකර්ශක භාවිතයෙන් ශ්වසන අපහසුතා වැනි ආබාධ ඇතිවිය හැකි නමුත් වැල් පෙනෙල බීජ වලින් සැකසූ කෘමි විකර්ශක භාවිතයෙන් එවැනි අහිතකර තත්ව ඇති නොවනු ඇත.

වැල් පෙනෙල -Welpenela-Love in Puff- Balloon Vine-www.herbalvoice.lk

වැල් පෙනෙල වලින් සැකසූ වාජීකරණ කරල්

වැල් පෙනෙල වල තිබෙන වාජීකරණ ගුණයන් නිසාවෙන්ම ඒ මගින් සැකසූ විවිධ වාජිකරණ කරල් මේ වන විටත් වෙළදපොලේ විකිණීමට තිබේ. ශරීරයේ ඇති හෝමෝන අසමානතා මග හැර හිතකර හෝර්මෝන මට්ටමක් ශරීරයට ලබාදීම මගින් ඔබගේ ලිංගික ජීවිතය සුවපත් කිරීමට මෙම කරල් වලට හැකියාව තිබේ. වෛද්ය උපදෙස් වලට අනුකූලව මේවා ලබාගැනීම තුලින් නීරෝගිමත් මෙන්ම සතුටු යුග දිවියක් ගත කිරීමට ඔබටත් හැකි වනු ඇත.

වැල් පෙනෙල -Welpenela-Love in Puff- Balloon Vine-www.herbalvoice.lk

වැල් පෙනෙල තේ

ස්වාභාවික වැල් පෙනෙල සාරය සහිත “වැල් පෙනෙල තේ” මේ වන විටත් වෙළදපොලේ තිබෙන අතර ලෙඩ රෝග රැසක් සමනය කිරීමට මෙම තේ පානය තුලින් ඔබට හැකිවනු ඇත. එසේම ඒඩ්ස් වැනි රෝග තත්වයන් සමනයට ද මෙම ශාකය ඉවහල් වන බවට පර්යේෂකයන් කරුණු ඉදිරිපත් කොට තිබේ. පහසු මිලකට මෙවැනි නිෂ්පාදන ලබාගැනීමට ඔබට වර්තමානය වන විට හැකියාව පවතියි.

ගම් ආශ්රිතව යම් ආකාරයකට මෙම ශාකය දැකිය හැකි නමුත්, නාගරික ප්රදේශවල මෙම ශාකය දැක ගත හැක්කේ ඉතා අවම වශයෙනි. එබැවින් මෙහි වටිනාකම පිලිබදව හරි හැටි දැනගැනීම තුලින් නිරෝගි මෙන්ම ප්රීතිමත් දිවියක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත.

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න