Greenhopes-Amlapowder
Greenhopes-
myherbals


Ausha-herbalvoice.lk

දිවිමග රකින සොබාදහම් ඔසු

එකසිය විස්සට දෙසිය විස්සක් ආයු ලැබීමට අතීත මුතුන්මිත්තන් විසින් යොදාගත් ස්වාභාවික ඖෂධීය ඔසු වල සාරය හොදින් දැන හැදින, වර්තමාන පරම්පරාවේ හිත සුව පිණිස යෙදවීමට කාලයයි මේ.

ආයුෂ – නිරෝගිකම වෙනුවෙන් ස්වාභාවික නිෂ්පාදන රාශියක්

නිරෝගිකම උතුම්ම සැපතයි. කෙතරම් මිල මුදල් තිබුන ද ලෙඩ රෝග වලින් පිරි ජීවිතයක් ගත කිරීමට ඔබට සිදු වන්නේ නම් එයින් කිසිදු පලක් නොවේ. බෝවන රෝග වලට වඩා බෝ නොවන රෝග මේ වන විට වයස් භේදයකින් තොරව මිනිසුන්ව වෙලා ගනිමින් පවතියි. කාර්යබහුල ජීවන රටාව සහ විවෘත ආර්ථිකයත් සමග මේ වන විට වෙළදපොලේ ඇති කෘතීම රසකාරක සහ ශරීරයට අහිතකර සංයෝග අඩංගු ආහාර වර්ගත් මෙම ලෙඩ රෝග බොහෝමයකට හේතු වී තිබේ. පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටෙරෝල් වැනි රෝග මේ වන විටත් බොහෝ දෙනෙක් අතර පවතින සුලබ රෝග වේ. බෝවන රෝග වලට වඩා මෙවැනි බෝ නොවන රෝග මගින් සිදුවන මරණ සංඛ්යාව ද ඉහළ අගයක් ගනියි.
මෙවැනි එක් රෝගයක් සඳහා ප්රතිකාර ගත් විට එම කෘතිම ඖෂධ වල අතුරුඵලයක් ලෙස වෙනත් රෝගී තත්වයන් ද ඇතිවීම සිදුවේ. එබැවින් ස්වාභාවික ඖෂධීය ආහාර පාන භාවිතය කෙරේ මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පවතියි. අපටත් නොදැනුවත්ම ගෙවත්තේ සරුවට වැඩෙන පැළෑටි වර්ග වල බොහෝ ගුණයන් රැසක් පවතියි. මෙවැනි පැළෑටි සහ ශාක සාර වලින් නිපදවන ලද තේ, බීම් වර්ග, ආහාර වර්ග මෙන්ම බෙහෙත් කරල් සහ වෙනත් අගය එකතු කරන ලද නිෂ්පාදන පිලිබදව දැනුම ලබාදීමට Herbal Voice අප සැදී පැහැදී සිටියි. මෙම දේශීය නිෂ්පාදන භාවිතය තුළින් ඔබට නිධන්ගත රෝග ගණනාවකින් ආරක්ෂා වීමට පුලුවන. මේ නිෂ්පාදන හරහා පිළිකා වැනි මාරාන්තික තත්වයන් ද සමනය කරගැනීමට හැකි බව විද්යාත්මකව සනාථ වී ඇත.
එපමණක් නොව, ගෝලීය වශයෙන් ඇතිවන මාරාන්තික වසංගත රෝග තත්වයන් වලින් ආරක්ෂා වී ස්වාභාවික ප්රතිශක්තිකරණය ඉහළ නංවාගැනීමට ද දේශීය ශාකසාර නිෂ්පාදන ඉවහල් වනු ඇත. බොහෝ රෝගී තත්වයන් රැසකින් ඔබේ ශරීරය ආරක්ෂා වීම මෙන්ම දීර්ඝායුෂ ලබාගැනීමටත් මෙම නිෂ්පාදනයන් උපකාරි වනු නිසැකය.