Greenhopes-Amlapowder
Greenhopes-
myherbals
Myherbals-Capsules

ගුණ පිරි මුරුංගා

You are currently viewing ගුණ පිරි මුරුංගා

 

මුරුංගා යනු ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු හොඳින් හදුනන එළවළුවකි. මෙම ශාකය බොහෝමයක් ශ්‍රී ලාංකීය ජනතාවගේ නිවෙස් වල දක්නට ලැබේ. මුරුංගා ගස අයත් වන්නේ Moringaceae කියන කුලයටයි. ඒ වගේම මුරුංගා ගසේ විද්‍යාත්මක නම වන්නේ Moringa oleifera යන්නයි. මෙම ශාකය මීටර් දහයක් දොළහක් උසට වැඩෙන අතර මෙහි කඳ සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 45 ක් පමණ ඝනකමට වැඩෙයි. ගසේ කඳ, සුදු අළු පැහැයක් ගන්නා අතර එහි රැලි සහිත ස්වභාවයක් දැකිය හැකියි. මුරුංගා සිටවා  මාස හයක් ඇතුළත මල් පිදීම දක්නට පුළුවන.  සාමාන්‍යයෙන් සීතල ප්‍රදේශවල මේ මල් පිපීම දැකිය හැකි වන්නේ අප්‍රේල් සහ ජුනි මාස අතරදීය. මුරුංගා කරල් සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් විස්සක්, හතළිස් පහත් අතර දිගට වැඩෙන අතර සෙන්ටිමීටර් එකක පමණ විශ්කම්භය සහිත බීජ මෙම කරල් තුල දැකිය හැකියි. සාමාන්‍යයෙන් පුළුල් පාංශු පරාසයක වැඩීමට මෙම මුරුංගා ශාකයට හැකියාව තිබෙයි. විශේෂයෙන්ම මේ මුරුංගා ශාකය ඉතා හොඳින් වැඩෙන්නේ pH අගය 6.3-7 අතර වූ සාමාන්‍යයෙන් ආම්ලික පසෙහිය. මුරුංගා ගස වර්ධනය සඳහා හොඳින් හිරුඑළිය අවශ්‍ය වේ.

www.herbalvoice.lk-moringa- මුරුංගා-.jpg

වටිනාකමෙන් ඉහල මුරුංගා

මුරුංගා ශාකය බීජ මගින් හෝ දඬු මගින් වගා කර ගැනීමේ හැකියාව තිබේ. සාමාන්‍යයෙන් මුරුංගා සිටුවීමේදී පැළ දෙකක් අතර සෙන්ටිමීටර් 15 හෝ සෙන්ටිමීටර් 10 – 20 අතර පරතරයක් තබා ගත යුතුයි. එළවළුවක් ලෙස ප්‍රයෝජනයට ගන්නා අතරම තවත් බොහෝ ප්‍රයෝජන මෙම මුරුංගා ශාකයෙන් ලබා ගත හැකියි.

මුරුංගා ශාකය හදුන්වන තවත් නමක් වන්නේ ‘The Miracle Tree’ යන්නයි. මෙයට හේතුව වන්නේ මෙම ශාකයෙන් ප්‍රයෝජන ගනනාවක්ම තිබීමයි. තව ද, මෙම ශාකයේ ඇති ඉහළ පෝෂණීය ගුණයන් සහ අනෙකුත් වටිනාකම් හේතුවෙන් ද මෙවැනි අන්වර්ථ නාම වලින් මුරුංගා ගස හදුන්වයි. මෙම ශාකය ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක පහසුවෙන් වගා කළ හැකි ය. එසේම මුරුංගා ශාකය නඩත්තුව සඳහා බොහෝ වියදමක් හෝ අවධානයක් අවශ්‍ය නොවේ. මේ නිසා මුරුංගා ශාකය වගා කිරීම තුළින් බොහෝ වාණිජ වටිනාකම් මෙන්ම සෞඛ්‍ය වටිනාකම් ද ඔබට ලබාගත හැකිවේ.

මුරුන්ගා වල පෝෂණීය ගුණය

අනෙකුත් එළවළු සහ පලතුරු හා සසඳන විට  මුරුන්ගා වල ඔබ නොදන්නා බොහෝ පෝෂණ ගුණයන් අන්තර්ගතය. විශේෂයෙන්ම මුරුංගා පත්‍ර ගතහොත් ඒවායේ විටමින් ඒ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. විටමින් ඒ බොහෝ ප්‍රමාණයක් අඩංගු වීම නිසා ඇස්වල නිරෝගී බව පවත්වා ගැනීමට මුරුංගා කොළ ආහාරයට ගැනීම වටී. එසේම සමේ නිරෝගී බව පවත්වා ගැනීමටත් මුරුංගා කොළ ආහාරයට ගැනීම වැදගත් වේ. කැරට් වල අඩංගු විටමින් ඒ ප්‍රමාණය මෙන් හතර ගුණයක් විටමින් ඒ, මුරුංගා කොළ වල අඩංගු වේ. එසේම කෙසෙල්වල අඩංගු ප්‍රමාණය මෙන් පොටෑසියම්, තුන් ගුණයක් මුරුංගා පත්‍රවල අඩංගු වේ. එපමණක් නොව, කිරි වල අඩංගු කැල්සියම් ප්‍රමාණය මෙන් හතර ගුණයක් මුරුංගාවල අඩංගුවන අතර එහි විටමින් සී ද අඩංගු වේ. දොඩම් වැනි පළතුරු වල අඩංගු විටමින් සී ප්‍රමාණය මෙන් හත් ගුණයක් විටමින් සී ද, යෝගට් වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය මෙන් දෙගුණයක් ප්‍රෝටීන් ද මුරුංගා පත්‍රවල අඩංගු වේ. එසේම මිනිස් ශරීරයේ අස්ථි සහ ප්‍රතිශක්තිකරණ  පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමටත් මේ මුරුංගා පත්‍ර ආහාරයට ගැනීම උපකාරී වේ.

සාමාන්‍යයෙන් ශරීරයේ යහපත් පැවැත්මට අවශ්‍ය වන විටමින් බී වර්ග රාශියක් ද මුරුංගා පත්‍ර වල අඩංගු වේ. විටමින් බී1 හෙවත් තයමින් ද, විටමින් බී2 හෙවත් රයිබොෆ්ලේවින් ද, විටමින් බී3 හෙවත් නියසින් ද, විටමින් බී5 හෙවත් පෙන්ටොතනික් අම්ලය සහ විටමින් බී6 වැනි විටමින් වර්ග රාශියක් මුරුංගා කොළවල අඩංගු වේ. මේ නිසාවෙන් ඔබේ ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගැනීමට මුරුංගා පත්‍ර මගින් සකසන ලද ආහාර පරිභෝජනය මගින් හැකියාව ලැබේ. ඊට අමතරව යකඩ බොහෝ ප්‍රමාණයක් ද, මැග්නීසියම් පොස්පරස් වැනි ඛනිජ ලවණ රාශියක් ද  මුරුංගා පත්‍රවල අන්තර්ගතය. තවද විටමින් බී අඩංගු වීම හේතුවෙන් මිනිස් ශරීරයේ හිසකෙස් සහ සමෙහි නිරෝගී බව පවත්වා ගැනීමටත් මුරුංගා කොළ ඉවහල් වේ .

www.herbalvoice.lk-moringa-මුරුංගා-1.jpg

මුරුංගා තෙල්

බොහෝ ශාක වලින් නිෂ්පාදනය කරනු ලබන තෙල් වර්ග පිළිබඳව ඔබ දන්නා නමුත් මුරුංගා ඇට වලින් නිෂ්පාදනය කරන තෙල් පිළිබඳව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් පාහේ නොදනී. මුරුංගා ඇට වලින් තෙල් නිෂ්පාදනය කිරීම මගින් විවිධ ආහාර සකසා ගැනීමටත්, විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳ පළට හඳුන්වා දීමටත් හැකියාව ලැබේ. වෙළෙඳපොළේ ඇති විවිධ කෘතිම තෙල් වර්ග ආහාර පිසීම සඳහා නුසුදුසු විය හැකියි. මෙයට හේතුව වන්නේ එවැනි තෙල් වල අඩංගු වන ශරීරයට අහිතකර සංයෝග නිසා ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑමයි. මේ නිසා බොහෝ ලෙඩ රෝග වර්ධනය විය හැකියි. නමුත් මුරුංගා ඇට වලින් ලබාගන්නා තෙල් ශරීරයට ඉතාමත් හිතකර වන අතර ඒවා මගින් ආහාර පිස ගැනීම නිසා ඔබේ රුධිරයේ ඇති අහිතකර කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමක් සිදු නොවේ. එසේම මිනිස් ශරීරයේ බොහෝමයක් ලෙඩ රෝග සුව කිරීමට ද මුරුංගා තෙල්, ආහාර පිසීමට යොදා ගැනීම මගින් හැකියාව ලැබේ.මේ වන විට වෙළඳපලේ මිලදී ගැනීමට අැති මෙම මුරුංගා ඇට වලින් ලබා ගන්නා තෙල් සාදා ඇත්තේ ඉහළ ප්‍රමිතියකින් වන අතර පහසු මිලකට ඔබට ඒවා ලබා ගැනීමටද හැකියාව ලැබේ.

මුරුංගා තෙල්- www.herbalvoice.lk

රූපලාවන්‍ය කටයුතු සඳහා මුරුංගා ගස  උපකාරී වන්නේ කෙසේද?

වර්තමානය වන විට ශරීරය පැහැපත් කිරීම සඳහාත්, සම නීරෝගීව පවත්වා ගැනීම සඳහාත් උපකාරී වන බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳපලේ  තිබෙන නමුත් මෙම නිෂ්පාදන වලින් බොහෝමයක් කෘතිම ඒවා වේ. මෙවැනි නිෂ්පාදන භාවිතය තුළින් ඔබගේ සමටත්, ශරීරයටත් බොහෝ අහිතකර ප්‍රතිඵල ලැබේ. ඇතැම් විට පිළිකා පවා ඇති වේ. නමුත් මුරුංගා මගින් සකසන ලද ආලේපන හා තෙල් වර්ග ස්වාභාවික ශාක සාර ගුණයන්ගෙන් යුතු හෙයින් මෙම රූපලාවණ්‍ය නිෂ්පාදන මගින් ඔබේ ශරීරයට කිසිදු හානියක් හෝ අතුරු විපාකයක් නොලැබේ.

මේ වන විට මුරුංගා තෙල් සහ මුරුංගා පවුඩර් වෙළද පොළෙන් පහසු මිලට ලබාගත  ගත හැකි අතර ඒවා මගින් ඔබේ සම රැලි වැටීම අවම කරයි. මීට අමතරව අධික හිරු රශ්මිය නිසා ශ්‍රී ලාංකිකයන්ගේ සමට ඇති වන බලපෑම අවම කොට සමේ ඇති ලප කැළැල් ඉක්මනින් ඉවත් කිරීමටද මුරුංගා තෙල්,පවුඩර් හා රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය තුළින් හැකිවේ. සමේ පැහැපත් බව ලබා ගැනීම සඳහා වෙළඳපලේ ඇති බ්ලීචිං ක්‍රීම් භාවිතය වෙනුවට ඔබට මුරුන්ගා ශාකයෙන් සාදන ලද ස්වභාවික නිෂ්පාදන යොදාගත හැකියි. මේ වන විට විවිධ පර්යේෂණ හරහා ද මේ මුරුංගා කොළවල ඇති සංයෝග මගින් සම පැහැපත් කළ හැකි බව සනාථ කොට තිබෙයි.

එසේම මුරුංගා තෙල් ඔබේ තොල් වල ආලේප කිරීම හරහා තොල් වියලීම ස්වභාවිකව වලක්වා ගත හැකියි.  මුරුංගා තෙල් වලින් නිෂ්පාදනය කරන ලද ලිප් බාම් වර්ග මේ වන විටත් වෙළදපළේ මිලදී ගැනීමට තිබේ. වෙනත් කෘතිම ලිප් බාම් භාවිතය මගින් ඔබේ තොල් කළු පැහැ ගැන්විය හැකි අතර මෙවැනි සොබාවික ශාක සාර සහිත ලිප් බාම් හරහා ඔබේ දෙතොල් නීරෝගීව තබා ගත හැකි ය.

වර්තමානයේ බොහෝමයක් කාන්තාවන්ට මෙන්ම පිරිමි පාර්ෂ්වයට ද තිබෙන තවත් විශාල ගැටලුවක් වන්නේ කුරුලෑ ආසාදනය වීමයි. මේ සඳහා ඔබ බොහෝ ප්‍රතිකර්ම මේ වන විටත් ඒ සදහා අත්හදා බලා ඇති බව නොඅනුමානය. නමුත් ඒ කිසිවකින් පලක් නොවූවා විය හැකියි. මෙවැනි කුරුලෑ ආසාදනය අවම කරගැනීමට ස්වභාවිකව සකසන ලද මුරුංගා ආලේපන යොදා ගත හැකිය. ඔබේ සමේ ඇති බැක්ටීරියා පාලනය කොට සම නිරෝගී කිරීමටත්, පැහැපත් කිරීමටත් මුරුංගා මගින් සැකසූ ආලේපන සහ තෙල් වලට හැකියාව තිබේ. විවිධ  පර්යේෂණ මඟින් සනාථ කොට තිබෙන්නේ මේ මුරුංගා තෙල් වල අඩංගු ප්‍රති-බැක්ටීරියා සංයෝග නිසා එය සමට හිතකර බවත්, කුරුලෑ පාලනයට සොභාවික හැකියාවක් ඒ තුළ පවතින බවත්ය.

මුරුංගා-www.herbalvoice.lk-moringa-Moringa-Boddy-Butter.jpg

ඔබේ සම අවපැහැ ගැන්වීමට ප්‍රධාන හේතුවක් වන්නේ රුධිරයේ අන්තර්ගත විෂ සහිත සංයෝගයි. මුරුංගා ආහාරයට ගැනීම තුළින් ශරීරයේ තිබෙන අහිතකර, විස සහිත සංයෝග ඉවත් කරගැනීමට හැකියාව පවතියි. මේ නිසා ඔබේ සමට හොඳින් පිරිසිදු  රුධිරය සැපයීම හේතුවෙන් ඔබේ සම නිරායාසයෙන්ම පැහැපත් වේ. මීට අමතරව මේ මුරුංගාවල තිබෙන කොලජන් නම් ප්‍රෝටීන් හේතුවෙන් ඔබේ මුහුණේ සමේ  තිබෙන වලවල් නැවත පිළියෙල කොට ස්වභාවිකවම සුසිනිඳු සමක් ලබා දීමට හැකියාව ලැබේ.

මුරුන්ගා කොල වලින් ලබාගන්නා කුඩු භාවිතය මගින් ඔබගේ හිසකෙස් නීරෝගීව තබා ගැනීමට හැකියාව ලැබේ. විශේෂයෙන්ම හිස් කබලේ ඇති හිස්හොරි මර්දනය කිරීමටත්, වෙනත් හිස් කබල ආශ්‍රිත ආසාදනයන් අවම කිරීමටත් මෙම මුරුංගා කුඩු වලට හැකියාව තිබේ.

වෙළඳපලේ  අඩංගු විවිධ කෘත්‍රිම ෆේස් පැක් භාවිතය වෙනුවට මුරුන්ගා කොළ හෝ මුරුංගා යුෂ මගින් සකසා ගන්නා ලද ආලේපන භාවිතය මගින් ඔබේ සමට ඉතා හොඳ පෝෂණයක් ලබා දිය හැකියි. මෙලෙසින් මුරුංගා මගින් සාදන ලද තෙල් වලින් සකසා ගන්නා ලද සබන් වර්ග වෙළෙඳපොළෙන් ඔබට පහසු මිලට මිලදී ගැනීමට හැකියාව  මේ වන විට තිබේ. කෘතිම  සංයෝග අඩංගු නොවන මෙම සබන් වර්ග ඔබේ දරුවාගේ සමට ද විස සහිත නොවේ. මුරුංගා  මගින් සැකසූ ඇග සේදුම් දියර ද දේශීය වෙළඳපලේ අන්තර්ගත අතර ස්වභාවික ස්ක්‍රබ් වර්ග ද ඔබට පහසු මිලට ලබාගත හැකිය. සමේ ඇතිවිය හැකි දද, කුෂ්ඨ  ආදියට ද ස්වාභාවික පිලියමක් ලෙස මෙම නිෂ්පාදන දැක්විය හැකිය.

මුරුංගා තේ ඔබව නීරෝගීව තබයි

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවුරුත් තේ පානය සඳහා පුරුදුව සිටියි. එසේම මේ වන විට බොහෝ දෙනෙකු පුරුදුව සිටින්නේ විදේශීය කිරි පිටි පානයට වීම කනගාටු දායකය. මේ තුළින් මිනිස් ශරීරයේ බොහෝ නිදන්ගත රෝග ඇති වන බව වෛද්‍ය විද්‍යාත්මකව ද සනාථ කොට තිබේ. මේ නිසා අප ශරීරය නිරෝගීව පවත්වාගත හැකි ස්වභාවික පානයන් සඳහා අවධානය ලබාදීම ඉතාම වැදගත් වේ. මෙවැනි ස්වභාවික පානයන් අතරින් මුරුන්ගා තේ සඳහා මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබේ. මුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගා කර ගත හැකි හෙයින් මුරුංගා තේ පානය පිලිබඳව අපගේ දැනුම වර්ධනය කරගැනීම වැදගත් වේ. 

මුරුංගා කොළ මගින් සකසන ලද තේ පානය මේ වන විට දේශීය වෙළෙඳපොළේ පවා බොහෝ ප්‍රචලිත වී තිබේ. මේ මුරුංගා තේ පානය තුළින් ඔබේ ශරීරය නිරෝගීව පවත්වා ගැනීමටත්, ඔබේ ශරීරයේ හැඩය මැනවින් පවත්වාගෙන යෑම සඳහාත් හැකියාව ලැබේ.

මුරුංගා තේ පානය තුළින් ඔබේ ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරනු ලැබේ. ඔබේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සෘජුවම මෙම පානය බලපායි. ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් දහනය කිරීමට මුරුංගා තේ වලට හැකියාව තිබේ. මෙම මුරුංගා තේවල ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් සහ පොලිෆීනෝල් සංයෝග ‍රැසක් ද අඩංගු වේ. මේ නිසා ඔබේ රුධිරයේ තිබෙන අනවශ්‍ය මේදය ඉවත් කොට ශරීරයට නිරෝගී සහ ආකර්ෂණීය හැඩයක් ලබා දීමටත් මුරුංගා තේ වලට හැකියාව තිබේ.

මුරුංගා තේ වලට ඔබේ රුධිර පීඩනය අවම කිරීමට ද පුලුවන. වෙළඳපලේ ඇති ඇතැම් පාන වර්ග භාවිතය හරහා ඔබේ රුධිරයේ තිබෙන රුධිර පීඩනය ඉහළ යෑම හේතුවෙන් තවත් බොහෝ රෝග වලට අතවැනීමක්, ඔබටත් නොදැනීම සිදු වේ. නමුත් මුරුංගා තේ වැනි ස්වභාවික පානයක් ලබාගැනීම තුළින් රුධිර පීඩනය අවම කරගැනීමට ඔබට හැකියාව ලැබේ. විවිධ බෙහෙත් කරල් වර්ග වලට හුරු නොවී මෙවැනි සොබාවික පානයන් තුළින් ඔබේ රුධිරයේ පීඩනය අවම කරගත හැකි නම් එය බොහෝ වටින බව නොඅනුමානය.

දැනටමත් ලොව බොහෝ දෙනකුට තිබෙන විශාල සෞඛ්‍ය ගැටලුවක් වන්නේ රුධිරගත සීනි මට්ටම ඉහළ යාමයි. වයස භේදයකින් තොරව මේ වන විට බොහොමයක් පිරිසට දියවැඩියා රෝගය තිබේ. මුරුංගා තේ පානය තුළින් රුධිරයේ ඇති සීනි මට්ටම අවම කර ගැනීමට හැකියාව තිබේ. මීට අමතරව මුරුංගා තේ වල අඩංගු විටමින් සී හේතුවෙන් ඔබේ ශරීරයේ තිබෙන දෙවන වර්ගයේ දියවැඩියා තත්ත්වය ද පාලනය වේ.

මුරුංගා තේ පානය මගින් රුධිරගත කොලස්ට්‍රෝල් මට්ටම අවම කොට හෘද රෝග ඇති වීමේ අවදානම ද අවම කිරීමට හැකියාව ලැබේ. තවත් බොහෝමයක් රෝග නිවාරණය සදහා මුරුංගා මගින් සකසන තේ පානයට ඇත්තේ ඉහළ සහ ඉක්මන් හැකියාවකි. දැනටමත් මෙම පානයේ අගය වටහාගත් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාවෙන් මුරුංගා තේ ආනයනය සිදු කරමින් සිටියි.

මුරුංගා තේ

එදිනෙදා ආහාර වේල සඳහා මුරුංගා වල ප්‍රයෝජන

ඉපැරැණි  කාලයේ සිට මෙම මුරුංගා ශාකයේ ගුණ දැනගත් අපේ මුතුන්මිත්තන් ව්‍යාංජනයක් ලෙස මුරුංගා කරල් ද, එහි මදය ද, එහි මල් ද ආහාරයට ගැනීමට පෙළබී සිටියහ. මෙනිසා මුරුංගා ශාකයේ බොහෝ කොටස් මෙලෙසින් ඔබට එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීමට හැකියාව තිබේ. මුරුංගා කුඩු දිනපතා පානයට එකතු කරගැනීම ද ඔබට හැකිවේ. එදිනෙදා සකසාගනු ලබන සුප් වැනි පානයන් සඳහා ද ඔබට මුරුංගා කුඩු එකතු කරගත හැකිය. එසේම ඔබ සකසා ගන්නා විවිධ ආහාර වර්ග සඳහා කොළ පැහැය ස්වාභාවිකවම ලබාදීම සඳහාත් මුරුංගා කුඩු යොදා ගත හැකිය.

මුරුංගා මගින් සකසන ලද කැද වර්ග පානය තුලින් ද ඔබට ශරීර සෞඛ්‍ය ඉහල නංවාගත හැකිය. මෙම කැද වර්ග ද ඔබට මේ වන විට වෙළදපොලෙන් ලබාගැනීමට හඑකි වේ.

මෙවැනි ආහාර වර්ග එදිනෙදා ආහාර වේලට එකතු කරගැනීම මගින් ඔබේත්, පවුලේ අයගේත් සෞඛ්‍ය තත්වය යහපත් පවත්වා ගැනීමට හැකි වේ.  මුරුංගා වලින් සැකසූ ආහාර පරිභෝජනය මගින් ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් වළක්වා ගැනීමටද හැකියාව පවතී. ශරීරයේ පවතින විවිධ කැක්කුම් සමනය කර ගැනීමට ද මුරුංගා  උපකාරී වේ .

මුරුංගා වලින් සැකසූ ස්වාභාවික කරල් දැන් වෙළදපොලේ

ලෙඩ රෝග බොහෝමයක් ස්වභාවිකව සමනය කළ හැකි මෙම මුරුංගා මගින් සැකසූ කරල් දැන් වෙළදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව පවතියි. මෙම කරල් නිශ්පාදනය කොට තිබෙන්නේ නිසි ප්‍රමිතීන් වලට අනුව වන අතර ඒ සදහා වෛද්‍ය නිර්දේශයද ලැබී ඇත.

මීට අමතරව විජලනය කරන ලද මුරුංගා කොළ ද ඔබට වෙළදපොලෙන් ලබාගැනීමට හැකියාව පවතියි. මුරුංගා පොතු යොදා ගැනීමෙන් සර්පයන් දෂ්ඨ කිරීම් වලට ප්‍රතිකාර කල හැකි අතර සුව නොවන වෙනත් තුවාල සඳහා ද ප්‍රතිකාර කිරීමට මෙම මුරුංගා පොතු වලට හැකියාව තිබේ. පිලිකා වැනි තත්ව පවා සුව කිරීමට මෙම මුරුංගා වලට සුවිශේෂී ගුණ තිබෙන බව විද්‍යාත්මකව ද සනාථ කොට තිබේ.

මෙවැනි ගුණයන් රැසකින් පිරි මුරුංගා, ඔබත් අදම ඔබේ ජීවන රටාවට එකතු කරගන්න. ස්වාභාවික ශාක සාරයෙන් යුතු මෙවන් ශ්‍රී ලාංකීය නිෂ්පාදන පරිබෝජනය තුලින් සුවපත් හෙට දවසක් පමා නොවී ලබාගනිමු.

 මුරුංගා-www.herbalvoice.lk-moringa-Moringa Capsules-1.jpg

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න