ජලය යනු සමස්ථ ජීවි ප්‍රජාවටම අත්‍යවශ්‍ය සාධකයකි. භෞතික වශයෙන් ඝන,...
වැඩිදුර කියවන්න

අප රකින මිහිලිය
මිනිසා සහ අනෙකුත් සියලුම සත්ත්වයන් හට මිහිමත ජීවය ලබාදෙන සොබාදහම රැකගැනීමට මෙන්ම, ඊට සුදුසු ලෙස ඔබගේ ජීවිත පරිසර හිතකාමි අයුරින් ගොඩනංවාගැනීමට අවශ්‍ය උපදෙස් සහ නව ප්‍රවණතා පිලිබදව ඔබට දැනුම ලබාගත හැකිය.
සොබාදහම – සොබාදහමට අවනත වෙමු
අවසානයේදී සියල්ලෝම අවනත විය යුතු එකම දෙය නම් සොබාදහමයි. ස්වාභාවධර්මයට එරෙහි වී දියුණුවක් ලැබීමට සිතූ බොහෝමයක් දෙනාට අත් වූ ඉරණම ඉතාම ඛේදනීය වේ. පරිසරය සුරැකීමට ප්රමාද වීම හේතුවෙන් පීඩා විදීමට සිදු වන්නේ එක් පුද්ගලයෙකුට පමණක් නොව, මුලු මහත් මිනිස් ප්රජාවටමය. එය සැබෑවක් බැව් අප දැනටමත් හොදින් අත් දකිනා කාරණයකි. මිනිසා හට මෙන්ම සියලුම ජීවින් හට සුවසේ විසීමට සියලු සම්පත් වලින් පිරි පරිසරයක් සොබාදහම අපට තිලිණ කොට ඇත. නමුත් මිනිසා විසින් එහි ජීවය වන ගොඩබිම, ජලය සහ වා තලය දිනෙන් දින දූෂණයට ලක් කරමින් සිටියි. පොලිතින්, ප්ලාස්ටික් සහ වෙනත් විෂ අපද්රව්ය පරිසරය ගිල ගනිමින් සිටියි. මේ සඳහා පිළියම් යෙදිය යුතු බව අප සියලුම දෙනා වටහාගත යුතු කාරණයකි. ඇතැම් රටවල් මෙවැනි ගැටලුකාරී තත්වයන් සඳහා පිළියම් යොදමින් සිටින අතර මුලු මහත් ලෝකයම ඊට අවධානය දිය යුතු බව අපගේ අදහසයි.
සොබාදහම සුරැකීම පිණිස සියලුම දෙනාව දැනුවත් කිරීමටත්, ඒ සඳහා අපට ගත හැකි විවිධ ආකාරයේ පුලුල් පරාසයකින් යුතු විසදුම් කෙරෙහිත් ඔබේ අවධානය ලබාදීමට Herbal Voice හඩ නගනු ඇත. එදිනෙදා අප පරිහරණය කරන සෑම දෙයක්ම නිසි පරිදි, නිසි කළමනාකරණයෙන් යුතුව පරිසරයට මුදා හැරීම සම්බන්ධයෙන් අප සැවොම දැනුවත් විය යුතුය. එවිට සොබාදහම අපව නිරන්තරයෙන් රකිනු නොඅනුමානය.


කාබන් ඩයොක්සයිඩ් වායුව
කාබන් ඩයොක්සයිඩ් යනු, ලොව පුරා සුලභව දැකිය හැකි සියලූම ජීවීන්...
වැඩිදුර කියවන්නවායු දූෂණයේ බලපෑම සහ එය වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග
වසර ගණනාවකට පසු ඈත පිහිටි ස්ථාන පියවි ඇසින් පැහැදිලිව දර්ශනය...
වැඩිදුර කියවන්නපරිසර දූෂණය අවම කරවීම පිණිස, අපද්‍රව්‍ය නැවත භාවිතකරන සහ ප්‍රතිචක්‍රීකරණය කරන උපක්‍රම 10ක්
අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය යනු අලුතෙන්ම හඳුන්වා දුන් නව...
වැඩිදුර කියවන්නස්වාභාවික පොහොර සපයන මී ගස ගස ගැන ඔබ නොදත් තතු
ශ්‍රී ලංකා භූමිය පුරා නොයෙක් ආකාරයේ ශාක විශේෂ බොහෝමයක් තිබෙන...
වැඩිදුර කියවන්න