2019 අග භාගයේදී චීනයෙන් හිස එසවූ නව කොරෝනා වෛරසය නොහොත් (COVID 19) මේ වන විට මුලු ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්තව ඇත. මෙම වෛරසයේ දරුණු ව්‍යාප්තියත් සමඟ කා අතරත් ජනප්‍රිය වූ තවත් වචනයක් වන්නේ මුහුණු ආවරණයි. මීට ඉහතදී අප අතර ප්‍රචලිත නොවූ මෙම මුහුණු ආවරණ, මේ වන විට ලංකාවේ පමණක් නොව ලොව පුරාද වැඩි වශයෙන් විකුණුම් ලබන ද්‍රව්‍යයක් වී හමාරය. කොරෝනා වෛරසය මූලික වශයෙන් පැතිරෙන්නේ ආසාදිත පුද්ගලයෙකු කතා කිරීමේදී, කිවිසුම් පිට කිරීමේදී හෝ කහින විට පිටවන කෙල බිඳිති නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුලු වීමෙනි. මෙම නිසා සමාජ දුරස්ථබාවය පවත්වා ගත නොහැකි අවස්ථාවකදී මුහුණු ආවරණ පැලදීම මඟින් වෛරසයේ ව්‍යාප්තිය යම් තාක් දුරකට වළකා ගත හැක.
මෙම ලිපියෙහි අරමුණ එකී මුහුණු ආවරණ වර්ග සහ එහි ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමයි.
නිවැරදිව මුහුණු ආවරණයක් පළඳින්නේ කෙසේද?
පලමුව ඔබේ දෑත් හොඳින් සබන් ගා තත්පර 20ක් සෝදාගන්න. ඔබ පළඳින ආවරණයේ සිදුරු නොතිබිය යුතුය. ඔබ පළඳින මුහුණු ආවරණය, ඔබේ නාසයේ ඉහළ කෙළවරේ සිට නිකට දක්වා ආවරණය විය යුතු අතර ඔබ කතා කිරීමේදී එය ඉවත් කිරීම, නිතර නිතර ඔබේ දෑතින් එය ස්පර්ශ කිරීම කිසි සේත්ම නොකළ යුතුය. තවද භාවිතා කර අවසන් මුහුණු ආවරණ නිසි ලෙස බැහැර කළ යුතුය.

නිවැරදිව මුහුණු ආවරණයක් ඉවත් කරන්නේ කෙසේද?
ඔබ එය පැලඳගත් පසුව හෝ තෙත් වූ පසුව මුහුණු ආවරණය ඉවත් කල යුතුය. ඉවත් කිරීමේදී ඉදිරිපස ස්පර්ශ නොකර එය පටි වලින් ඉවත් කිරීම සිදු කල යුතුය. ඉන්පසු ඔබේ දෑත් සබන් ගා හොඳින් සෝදා ගන්න.
නිවැරදිව මුහුණු ආවරණයක් සෝදා නැවත භාවිතා කරන්නේ කෙසේද?
මුහුණු ආවරණය උණු වතුරෙන් හා සබන් හෝ ඩිටර්ජන්ට් යොදා සෝදා ගන්න. ඔබේ ආවරණයේ පෙරනයක් තිබේ නම්, එය ඉවතට ගෙන සේදීමට පෙර විසි කරන්න. සෝදා ගත් ආවරණ හොඳින් වියළා ගන්න. නැවත ඔබේ අත් හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

මුහුණු ආවරණ පැලඳීම මඟින් අප නිරෝගී වන්නේ කෙසේද?
නවතම පරීක්ෂණ වලට අනුව පෙනී ගොස් තිබෙන්නේ, සමාජයේ කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වන කොරෝනා අසාදිතයින් සිටිය හැකිය. මේ නිසා වෛරසය ඔවුන්ට වැළදී ඇති බව දැන ගැනීමටත් ප්‍රථම එය ව්‍යාප්ත වී තිබිය හැක. එහෙයින් ඔබ මුහුණු ආවරණයක් පැළඳීම මඟින් ඔබට මෙම රෝගය වැළඳීමෙන් සහ ඔබට රෝගය වැළඳී ඇති නම් එය තව දුරටත් ව්‍යාප්ත වීම අවම කර ගත හැක.
මුහුණු ආවරණ වර්ග
මේ වන විට වෙලඳපොළේ විවිධ මුහුණු ආවරණ ඔබ දැක ඇතුවාට සැක නැත. මූලික වශයෙන් මේවා වර්ග කිහිපයකි.
-
KN95 රෙස්පිරේටර්

N95 රෙස්පිරේටර් වඩාත් හොඳින් මුහුණට තද වන, 95% ප්‍රතිශතයකින් යුතු ආරාක්ෂාවක්, ඉතාම කුඩා අංශු වලට පවා ප්‍රතිරෝධයක් (වෛරස් සහ බැක්ටීරියාද ඇතුලත්ව) ලෙස ක්‍රියා කරන ඉතා ආරක්ෂාකාරී මුහුණු ආවරණ වර්ගයකි. මෙම ආවරණ සාමාන්‍යයෙන් රවුම් හෝ ඕවලාකාර හැඩයකින් යුක්ත වන අතර එය ඔබේ මුහුණට තද මුද්‍රාවක් ලෙස තිබීමට නිරිමාණය කර ඇත. එහි ඇති ප්‍රත්‍යාස්ථ පටි ඔබේ මුහුණ තදින් අල්ලා ගැනීමට උපකාරී වේ. සමහර වර්ග වල හුස්ම ගැනීමේදී සහ තාපය සහ අර්ද්‍රතාවය ඉහල යාමේදී උපකාරී වන කපාටයක් ඇත.
N95 රෙස්පිරේටර් සියලූම දෙනාට ගැළපෙන්නේ නැත. ඒවා භාවිතයට පෙර නිසි මුද්‍රාවක් තිබේ දැයි පරීක්ෂා කළ යුතුය. මුහුණු ආවරණය නිසි ලෙස ඔබේ මුහුණට තද නොවේ නම් ඉන් ඔබට සැලකිය යුතු මට්ටට්මේ ආරක්ෂාවක් නොලැබේ. යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව N95 රෙස්පිරේටර් භාවිතා කරන පුද්ගලයන් ඒවා පැළඳ සිටින සෑම අවස්ථාවකදීම මුද්‍රා පරීක්ෂණය සිදු කළ යුතුය. තවත් වැදගත් කරුණක් වන්නේ තද මුද්‍රාවක් තබා ගත නොහැකි පුද්ගල කණ්ඩායම්ද ඇති බවයි. එනම් කුඩා ළමුන් සහ මූණේ රැවුල ඇති අයය. තද මුද්‍රාවක් ඇති හෙයින් මේවා දිගු කාලයක් පැළඳීමට අපහසු වේ. ලෝකය පුරා N95 රෙස්පිරේටර් සැපයුම සීමා සහිත බැවින් පළමුව සෞඛ්‍ය සේවකයන් සඳහා ඒවා ලැබිය යුතුය. ඔබ රෝගීන් සමඟ කෙලින්ම කටයුතු නොකරන්නේ නම් මේ ආකාරයේ මුහුණු ආවරණ භාවිත කිරීම අනවශ්‍යය..
N95 රෙස්පිරේටර් සහ ශල්‍ය මුහුණු ආවරණ වල සමානකම් වන්නේ තරල ප්‍රතිරෝධය, අංශු හා බැක්ටීරියා පෙරීමේ කාර්යක්ෂමතාවය සහ ජෛව අනුකූලතාවය සඳහා ඒවා පරීක්ෂා කරනු ලැබීමයි. නැවත පාවිච්චිය සහ හුවමාරු කර ගැනීමේ හැකියාව මෙම ආවරණ වර්ග දෙකටම නොපවතී. මේවා හානි වී හෝ පෙඟී ඇත්නම් නිසි ලෙස බෑගයක දමා ඉවත් කර නැවත අලුත් ආවරණ පැළඳීමට වග බලා ගත යුතුය. වඩා හොඳ ආරක්ෂාවක් ලැබෙන්නේ මෙම වර්ගයෙනි.
K95 රෙස්පිරේටර් යනු චීන රජය විසින් නියාමනය කරනු ලබන N95 මෙන්ම අවම ලෙස 95% ක් කුඩා අංශු පෙරීම සිදු කළ හැකි මුහුණු ආවරණ වර්ගයකි.
2. FFP1 මුහුණු ආවරණ

FFP යන්නෙහි තේරුම වන්නේ Filtering Face Piece Particles හෙවත් මුහුණ ආශ්රිත ප්‍රදේශය වෙත පැමිණෙන අංශුන් පෙරීමයි. වාතයේ ඇති අංශු සහ බිදිති යන දෙවර්ගයම පෙරීමකට ලක් කිරීමට මෙම මුහුණු ආවරණ වලට හැකියාව පවතියි. වාතයේ පවතිනි බිදිති වලින් 80%ක් පෙරීමට මෙම මුහුණු ආවරණ වලට හැකියාව පවතියි. FFP2 මුහුණු ආවරණ වර්ගයේ මෙම බිදිති පෙරීමේ කාර්යක්ෂමතාය්වය 94%ක් වන අතර FFP3වර්ගයේ එම අගය 99%ක් වේ.
පෙරහන් මුහුණු ආවරණයක් වන මෙම මුහුණු ආවරණ වර්ග යුරෝපීය සංගමය මගින් නිර්දේශ කොට ඇත. විවිධ දූවිලි අංශු මගින් ද, වසංගත රෝග මගින් ද ආරක්ෂා වීමට සුදුසුම මුහුණු ආවරණ වර්ගයක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම මුහුණු ආවරණ සදහා EN 149 යනුවෙන් තත්ත්ව සහතිකයක් ද ලබාදී ඇත.
3. ශල්‍ය මුහුණු ආවරණ

මේවා ඉවත දැමිය හැකි නිල් පැහැති සුදු නැමුම් වලින් යුත් මුහුණු ආවරණ වර්ගයකි. මෙමඟින් නාසය, කට මෙන්ම නිකටද ආවරණය වේ. වැඩි වශයෙන් ස්ර්ජිකල් මාස්ක් භාවිතා කරන්නේ රෝහල් කාර්ය මණ්ඩලය හෝ රෝගීන්ට බොහෝ විට නිරාවරණය වන පුද්ගලයින්ය. බාහිර පරිසරයේ ඇති අපවිත්‍ර ද්‍රවය වලට සහ රෝගකාරක ද්‍රවය වලට භෞතික බාධකයක් ලෙස මෙම ආවරණ වර්ගය ක්‍රියා කරයි. සර්ජිකල් මාස්ක් කිසිවෙක් සමඟ හුවමාරු කරමින් භාවිතා කිරීම නොකළ යුතුය. විවිධ ඝනකමකින් යුතු ද්‍රව්‍ය වලින් මේවා නිර්මාණය කරන හෙයින් පරිසරය සමඟ සම්බන්ධ වීමේදී ඔබව ආරක්ෂා කිරීමට එයට හැකියාව ඇත. තවද ඔබට පහසුවෙන් හුස්ම ගැනීමට හැකි අයුරින්ද මේවා නිර්මාණය කර ඇත. මේවා නිසි ලෙස පැළඳ සිටී නම්, ශල්‍ය මුහුණු ආවරණ වලින් විෂබීජ (වෛරස් හා බැක්ටීරියා) අඩංගු විය හැකි විශාල ජල අංශු බිඳිති, ස්ප්ලෑශ්, ස්ප්‍රේ හා ස්ප්ලැටර් අවහිර කර ඒවා ඔබේ නාසයට හා මුඛයට ඇතුල් වීම වැළකීමට උපකාරී වේ. තවද විවිධ ශ්වසන ශ්‍රාවය හා කෙළ බිඳිති අන් අයට නිකුත් වීමද වලකයි.
මෙහි ඇති අවාසි වන්නේ විශාල අංශු ඇතුල් වීම වැළකුවද මෙම ශල්‍ය ආවරණ මඟින් ඉතා කුඩා අංශු ඇතුල් වීමට ඉඩකඩ ඇති අතර මෙය භාවිතා කල හැක්කේ එක් වරක් පමණි. භාවිතයෙන් පසු නිසි ආකාරයෙන් ඒවා ඉවත දැමිය යුතුය. මීට අමතරව ශල්‍ය ආවරණය සහ මුහුණ අතර ඉඩ තිබීමෙන් අහිතකර අංශු නාසයට හෝ මුඛයට ඇතුල් වීමට ඉඩකඩ ඇත. භාවිත කල මුහුණු ආවරණ ඇල්ලීමෙන් පසු හොඳින් අත් සෝදා ගත යුතුය. ආවරණ සෝදා නැවත භාවිතා කිරීම ද සිදු නොකල යුතුය.
4. සක්‍රීය කාබන් මුහුණු ආවරණ

නමෙහි සදහන් කර ඇති ආකාරයෙන්ම මෙහි සක්‍රීය කාබන් පෙරනයක් පවතියි. එනිසා වාතයේ සහ අවට පරිසරයේ පවතින විවිධ අපද්‍රව්‍ය පෙරා, පිරිසිදු වාතය ආඝ්‍රාණය කිරීමට ඉඩ සලස්වයි. බොහෝ ලෙස පරිසර දූෂණයට ලක්ව ඇති පරිසරයක ජීවත් වන පුද්ගලයන් හට මෙවැනි මුහුණු ආවරණ සුදුසු වේ. වාතයේ ඇති බැක්ටීරියා සහ දිලීර වලට එරෙහිව සටන් කිරීමේ විශේෂ හැකියාවක් මෙම මුහුණු ආවරණ තුළ පවතියි. කොවිඩ්-19 වෛරසයෙන් ඔබව ආරක්ෂා කිරීමට මෙම මුහුණු ආවරණ වර්ගය සාර්ථක ප්‍රථිපල නොපෙන්වූ නමුත්, වෙනත් වෛරස් වර්ග 10%-20% ත් අතර ප්‍රමාණයකින් ඔබේ ශ්වසන පද්ධතිය ආරක්ෂා කිරීමට මෙම මුහුණු ආවරණ යොදාගත හැකිය.
5. නිවසේදී රෙදි වලින් සාදා ගත් මුහුණු ආවරණ

මෙම ආවරණ පැළදීම සුදුසු වන්නේ සෞඛය සේවයේ නිරත නොවන සාමාන්‍ය ජනතාව සඳහාය. ඔබ නිවසින් පිටව යන ඕනෑම අවස්ථාවකදී එනම් පොදු ස්ථාන වලදී COVID – 19 වෛරසය වැළඳීමෙන් වැළකී සිටීමට, ඉතා පහසුවෙන් සොයා ගත හැකි අමුද්‍රවය වලින් සකසා ගත් මෙම රෙදි මුහුණු ආවරණ භාවිත කළ හැකිය. සමාජ දුරස්ථතබාවය පවත්වා ගැනීමට අසීරු අවස්ථා වලදී කිසිවකින් තම මුහුණ ආවරණය නොකර සිටිනවාට වඩා ආරක්ෂාවක් මින් ලැබේ. කොට්න්, ලිනෙන් රෙදි වලින් ඔබට ඉතා ලෙහෙසියෙන් සාදා ගත හැකි මෙම ආවරණ නැවත භාවිතයට පෙර හොඳින් සෝදා වියළා ගත යුතුය.
මෙහි ඇති අවාසි වන්නේ මේවා සර්ජිකල් මාස්ක් වලට වඩා අඩකින් ද N95 රෙස්පිරේටස් වලට වඩා 50 ගුණයකින්ද අඩු ආරක්ෂාවක් ලබා දීමයි.
ඔබට රෙදි හෝ ඇඳ ඇතිරිලි භාවිතා කර තාවකාලික මුහුණු ආවරණයක් සාදා ගත හැකිය. පළමුව ඔබ භාවිතා කරන රෙදිකඩින් 25cm * 15cm කොටු දෙකක් කපා ගෙන එය තිරස් පසුබිමක් මත තබා ගෙන තිරස් පෙරනයක් මධයස්ථයේ තබා ගන්න. රෙදි කැබැල්ලේ ඉහල සහ පහල කොටස් මැද පෙරනය වැසෙන ලෙස නවා ගන්න. නවා ගත් රෙදිකඩේ කෙළවරවල් රබර් පටි ආධාරයෙන් ගැට ගසා ගන්න. ඉන්පසු එක් එක් රෙදි කැබැල්ල එකිනෙකට සම්බන්ධ කර රබර් පටි හෝ නූල් තදින් අදින්න. මුහුණ ප්‍රදේශය නිතරම ඇල්ලීමෙන් වැළකීම මෙවැනි මුහුණු ආවරණයක් වුව ද පැළදීම මගින් සිදුවේ.
COVID – 19 වියාප්තිය වැළකීම සඳහා සුදුසුම මුහුණු ආවරණය කුමක්ද?

COVID – 19 පැතිරීම නැවැත්වීම සඳහා හොඳම තේරීම කපු මුහුණු ආවරණ බව වෛදය ප්‍රජාවේ පොදි එකඟතාවයයි. මෙයට හේතුව කපු වෙනත් ද්‍රවය වලට වඩා අංශු වල වැඩි ප්‍රතිශතයක් පෙරීමයි. තවද කපු කෙඳි මෘදු, සිසිල් සහ හුස්ම ගැනීම පහසු කරවන වඩා සුවපහසුම අමුද්‍රවයයි.
ඔබේ මුහුණට වඩා ගැළපෙන්නේ ඔබට අවශය ලෙස සකස් කර ගත හැකි හිස පිටුපස බැඳිය හැකි පටි සහිත මුහුණු ආවරණ වේ. බොහෝ අය භාවිතා කරන්නේ කන් වල රැඳවිය හැකි පටි සහිත මුහුණු ආවරණයි.
රෙදි ස්ථර මාලාවකින් සමන්විත ආවරණ වෛරස් අංශු ඇලවීමට වැඩි ස්ථාන සලසයි. මෙම ක්‍රියාවලියට පෙරනයක් උපකාරී වේ. නමුත් වැඩි ස්ථර මාලාවක් තිබීම නිසා ශ්වසන අපහසුතා ඇති විය හැක. වඩාත් සුවපහසු මුහුණු ආවරණ භාවිතා කිරීම නිසා ඔබට එය නැවත නැවතත් පැලඳීමට ආශාවක් ඇති වේ. පෙරනයේ ෆයිබර් ග්ලාස් වැනි භයානක ද්‍රව්‍ය නොමැති බව පරීක්ෂා කිරීමට වග බලා ගත යුතුය.
ඔබ මුහුණු ආවරණයක් මිලදී ගැනීමේදී වඩා සැළකිලිමත් විය යුතු කරුණු නම්,
- එය මුහුණේ පැත්තට සරිලන පරිදි සුවපහසු ලෙස ගැලපිය යුතු අතර නාසය, මුඛය හිඩැස් වලින් තොරව ආවරණය විය යුතුය..
- නිසි ලෙස කන් වල රැඳවිය හැකි පටි හෝ පිටිපසින් ගැට ගැසිය හැකි පටි තිබිය යුතුය.
- රෙදි ස්ථර කිහිපයකින් සමන්විත විය යුතුය.
- අපහසුවකින් තොරව පහසුවෙන් හුස්ම ගත හැකි විය යුතුය.
- කණ්ණාඩි පළඳින පුද්ගලයන් සඳහා ඉහළින් නැමිය හැකි මායිමක් සහිත මුහුණු ආවරණයක් භාවිතා කිරීම යෝග්‍ය වේ. එමඟින් ඔබේ කණ්ණාඩි අපහැදිලි වීම වලකා ගත හැක.
- එහි හැඩයට හානි නොවන ලෙස හා මුහුණු අවරණය පලුදු නොවන ලෙස සෝදා නැවත පාවිච්චි කිරීමට හැකියාව තිබිය යුතුය.

මුහුණු ආවරණ බාවිතය සදහා අවදානම් අය කව්ද?
- අව්රුදු දෙකට අඩු කුඩා ළමුන්
- හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයන්
- සිහිසුන්ව සිටින අය
- මුහුණු ආවරණය ගලවා ගත නොහැකි අය සහ එක්තැන් අය
සමහර පුද්ගලයන් මුහුණු ආවරණ පැලඳීම මඟින් කාබන්ඩයොක්සයිඩ් විෂ වීමක් ඇති වේ යැයි අනියත බියක් ඇති කර ගෙන සිටියද විශේෂඥයන් පවසන්නේ වෛද්‍ය වෘතිකයන් පවා භාවිතා කරන N95 වර්ගය භාවිතයෙන් ද සෞඛය සම්පන්න පුද්ගලයින්ට කිසිඳු අවදානමක් ඇති නොවෙන බවයි.
මුහුණු ආවරණ බැහැර කිරීමේදී පරිසර හානියක් සිදුවේද?
වණිජමය වශයෙන් ලබා ගත හැකි බොහෝ මුහුණු ආවරණ ප්ලාස්ටික් ස්ථර වලින් සාදා ඇති අතර ඒවා තනි භාවිතය සඳහා නිර්මාණය කර ඇත. ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි විද්‍යාඥයන් විසින් කරන ලද විෂ්ලේෂණයකට අනුව, එක්සත් රාජධානියේ සෑම පුද්ගලයෙක්ම වසරකට එක් දිනක් එක් ආවරණයක් භාවිතා කරන්නේ නම් අපිරිසිදු ප්ලාස්ටික් අපද්‍රවය 66,000ක් වැඩිපුර නිර්මාණය වනු ඇත. මේ නිසා සාමාන්‍ය ජනතාව නැවත භාවිතා කල හැකි මුහුණු ආවරණ භාවිතා කිරීමෙන් ප්ලාස්ටික් අපද්‍රවය සැළකිය යුතු ලෙස අඩු වනු ඇති අතර මුහුණු ආවරණ පැළඳීම සඳහා වන ඕනෑම ප්‍රතිපත්තිමය අවශයතාවයක දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම සැළකිය යුතු ලෙස අඩු වේ.
මෙම කාලය සැමට ඉතාමත් අපහසු කාලයකි. වසංගත කාලයකදී, රෝගාතුර වීමෙන් ඔබව අරක්ෂා කර ගැනීමට කළ හැකි සෑම දෙයක්ම කිරීම අත්‍යවශ්‍ය බව ඔබ සිහි තබා ගත යුතුය. මුහුණු ආවරණ යනු පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයෙන් බේරීමට අනුගමනය කළ හැකි ඉතා පහසු ක්රමයකි. මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස නොව එය වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි කුඩා පියවරක් බව සිහි තබා ගෙන කටයුතු කිරීමෙන් ඔබට හැකි තාක් කාලයක් කොවිඩ් නොවැළඳී නිරෝගීව සිටිය හැකිය. මුහුණු ආවරණ පැළඳීමත් සමඟම සමාජයීය දුරස්ථතාවය පවත්වාගෙන, නිසි ලෙස අත් සෝදා කටයුතු කිරීම වෛරසය තව දුරටත් පැතිරීම අවම කිරීම අප කොයි කාගෙත් වගකීමකි.