මධූනාශිනී, ගිරුකුරින්ජ, මුව කිරිවැල් යන නම් වලින්ද හදුන්වන මෙම ශාකය පිළිබඳව බොහෝ දෙනෙක් අසා නොමැති නමුත් ඖෂධීය වටිනාකම් බොහෝමයකින් සපිරි, ශ්‍රී ලංකාවේ වැවෙන ශාකයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මස්බැද්ද නමින් බහුතරයක් දෙනා මේ ශාකය හදුන්වන අතර Gymnema sylvestre යනු එහි උද්භිද විද්‍යාත්මක නාමයයි. මෙම ශාකයේ පත්‍රයක රස බැලීමෙන් අනතුරුව සීනි ආහාරයට ගතහොත් සීනිවල පැණි රසය ටික වේලාවක් යන තුරු ඔබට කිසිසේත්ම නොදැනුණු නිසැකය.
මස්බැද්ද ශාකයට ආවේණික වූ විශේෂිත ලක්ෂණයක් ලෙස මෙය දැක්විය හැකිය. දියවැඩියා රෝගය සහ තවත් රෝග ගණනාවක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම මස්බැද්ද ශාකය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම හෙළ වෛද්‍ය විද්‍යාවේ දී ද යොදා ගනී.
ඇස්පලේසියේ කුලයට අයත් මස්බැද්ද ආධාරක ශාකයක් මත කාෂ්ඨියව වැඩෙන වැලක් ලෙස වර්ධනය වේ. මෙහි වැල් ඉතා සවි ශක්තිමත් වේ. එසේම මෙම ශාකයේ පත්‍ර සහ අනෙකුත් කොටස් බොහෝමයක් බූව සහිත ස්වභාවයක් පෙන්නුම් කරයි. ලා කහ පැහැති මල් සහිත මෙම ශාකයේ පත්‍ර අණ්ඩාකාර ස්වභාවයක් ගනී. මෙම ශාකයේ මල් හට ගැනීම බොහෝ විට සිදු වන්නේ, නොවැම්බර් සිට පෙබරවාරි මාස දක්වාය. මස්බැද්ද පත්‍රය, අඳුරු කොළ පැහැයක් ගන්නා අතර සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා වේ. එසේම මස්බැද්ද ශාකය ‘හීන් මස්බැද්ද’ සහ ‘මහා මස්බැද්ද’ යනුවෙන් වර්ග දෙකක් ලෙස පවතී.
වද වී යාමේ තර්ජනයට ලක්වූ වටිනා ශාකයකි
මෙම ශාකයේ ඇති ශක්තිමත් කාෂ්ඨිය වැල් අතීතයේ විසූ දඩයක්කරුවන් විසින් දඩයම් කරන ලද මස් කුට්ටි බැඳ ගෙන යාම සඳහා භාවිත කළ බැවින් මෙම ශාකය ‘මස්බැද්ද’ යනුවෙන් ව්‍යවහාර වූ බවට අපේ පැරැන්ණෝ විශ්වාස කරති. නමුත් ඇතමෙක් පවසන ආකාරයට මිනිස් ශරීරයෙහි මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ඖෂධීය ගුණයන් මෙම ශාකයේ තිබෙන බැවින්, මෙම ශාකය ‘මස්බැද්ද’ යනුවෙන් හඳුන්වන බවයි. මෙහි නම කෙසේ ව්‍යවහාර වූ නමුත් මේ ශාකය පුරා ඇති සියලුම කොටස් වල තිබෙන ඖෂධීය ගුණය අතිමහත්ය. අප්‍රිකාව, වෙනිසියුලාව වැනි රටවල් වල මෙන්ම ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් වලත් මෙම ශාකය දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ වියලි කලාප ආශ්‍රිතව එනම්; අනුරාධපුරය, එප්පාවල, තලාව, හන්තාන, රත්තොට, දඹුල්ල, වැල්ලවාය සහ දෙවුන්දර යන ප්‍රදේශවල මස්බැද්ද ශාකය දැකිය හැකිය. පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ පල්ලෙකැලේ ඔසු උයන වැනි ස්ථාන වල ද මෙම ශාකය සංරක්ෂණය කොට තිබේ. 2012 වර්ෂයේදී මස්බැද්ද ශාකය වදවී යාමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂයක් වශයෙන් මෙරට නම් කොට තිබේ. අවාසනාවන්ත ලෙස මෙම ශාකය පිලිබදව හෝ එහි වටිනාකම පිලිබදව තවමත් බොහෝ පිරිසක් හරි හැටි විස්තර නොදනී.
මස්බැද්ද ශාකයේ අඩංගු සංඝටක
දිවට පැණි රස නොදැනෙන ප්‍රති-පැණි රස සංයෝග මස්බැද්ද ශාක පත්‍ර වල අඩංගු වේ. ජිම්නෙමික් අම්ලය යනු එවැනි ප්‍රති-පැණි රස සංයෝගයකි. මේ සංයෝගය මගින් ආහාර මාර්ගය ඔස්සේ මිනිස් ශරීරයට සීනි උරාගැනීම අවම කරයි. ඒ හේතුවෙන් රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම පහළ බසින අතර දියවැඩියා රෝගය ස්වාභාවිකව පාලනය කරයි. මෙම සංඝටක වලට අමතරව මස්බැද්ද ශාකයේ තවත් සෞඛ්‍යමය වශයෙන් වැදගත් සංයෝග බොහෝමයක් පවතියි. ඒවා අතරෙන් ප්‍රති-බැක්ටීරියා සහ ප්‍රති-වෛරස් සංයෝග ප්‍රධාන ස්ථානයක් උසුලයි. විවිධ බැක්ටීරියා නිසා මිනිස් ශරීරයේ ඇතිවන අසාත්මිකතා පාලනයට මෙන්ම වෛරස් ආසාදන වලට එරෙහිව ලෙඩ රෝග වලින් ශරීරය ආරක්ෂා කිරීමටත් මස්බැද්ද ශාකයේ ඇති ස්වාභාවික සංඝටක ඉවහල් වේ.
දියවැඩියාව සදහා ඖෂධයක් ලෙස මස්බැද්ද
වර්තමානය වන විට බොහෝ දෙනෙකු වයස් ගත වීමටත් පෙර මුහුණ දෙන විශාල සෞඛ්‍යමය ගැටලුවක් ලෙස දියවැඩියා රෝගී තත්ත්වය හැඳින්විය හැකිය. මේ සඳහා හේතු වී තිබෙන්නේ වත්මන් ලෝකය තුළ ඇති කාර්යබහුලත්වය සහ ඒ අනුව වෙනස්වන අහිතකර ආහාර රටාවයි. දියවැඩියාව නිසා බොහොමයක් පුද්ගලයින් මේ වන විටත් පීඩා විඳින අතර ඒ සඳහා ස්වභාවික ඖෂධයක් වශයෙන් මස්බැද්ද ශාකය මේ වන විටත් යොදාගැනේ. මෙම ශාකය ආශ්‍රිතව කරන ලද විවිධ පර්යේෂණ වලින් සනාථ වී තිබෙන්නේ දියවැඩියාව නැසීම සඳහා අවශ්‍ය සංඝටක බොහොමයක් මස්බැද්ද ශාකයේ පත්‍ර වල අඩංගු බවයි. එහි පත්‍ර වලින් ලබාගන්නා යුෂ වල ඇති සංයෝග හේතුවෙන් රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම පහළ යයි. මස්බැද්ද පත්‍ර වල අඩංගු ගයිනෙමික් අම්ලය ආමාශ බිත්තියේ ඇති ග්රාහක කොටස් වලට සම්බන්ධ වන අතර ඒ හේතුවෙන් ආහාර වල ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය කරගැනීම අවම කරයි. මේ නිසා රුධිර ග්ලූකෝස් මට්ටම ඉහල යාම ස්වභාවිකව වැලැක්වෙන අතර දියවැඩියාව වැනි රෝග තත්වයන් පහසුවෙන් සමනය කරයි.
වෙනත් රෝග බොහෝමයකට සෙත සලසයි
දියවැඩියාවට මෙන්ම තවත් රෝග රැසකට පිලියම් ලබාදීමට මස්බැද්ද ශාකයෙන් උකහා ගන්නා ශාකසාර උපකාරී වේ. විශේෂයෙන්ම, මුත්‍රා සමඟ සීනි පිටවීම, ප්ලීහාවේ රෝග, මුත්‍ර රෝග, අක්මාවේ රෝග, ශරීරයේ ඇති වෙනත් ග්‍රන්ථි වල ඉදිමුම් ආදිය, හදවත් රෝග, ක්ෂය රෝගය ආදී බොහෝ රෝග රැසක් සදහා ප්‍රතිකාර කිරීමට මස්බැද්ද ශාකයේ පත්‍ර මෙන්ම බීජ සහ මුල් වැනි ශාක කොටස් ද බහුලව භාවිත කෙරේ. මස්බැද්ද ශාකයේ පොතු ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත් බව පැරැණි පත පොතේ සඳහන් වේ. එසේම එම ශාකයේ පොතු ඇදුම රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට ද භාවිත කෙරේ. මෙම ශාකයේ මුල් මගින් ඇස් ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කිරීමට අවශ්‍ය ඖෂධ සැකසීමට ද භාවිත කරයි.
මීට අමතරව, වඳ බව හෙවත් දරුවන් නොමැති වීමේදී ඇතිවන විවිධ ආකාරයේ ගැටලු සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී මෙන්ම හෙළ වෛද්‍ය වෙදකමේ දී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දේශීය ඖෂධ සකසා ගැනීමට මස්බැද්ද ශාකයේ කොටස් ද භාවිත කෙරේ. තවද, බුලත්විට සමඟ ආහාරයට ගන්නා හුණූ විෂ වීම හේතුවෙන් ඇතිවන අසාත්මිකතා නැති කිරීමටද මස්බැද්ද ශාකයේ පත්‍ර ඉවහල් වේ. ශරීරයේ ඇතිවන නොයෙක් අසාත්මිකතා, මළබද්දය, කැස්ස, ආමාශයේ ප්‍රදාහ ආදී තත්වයන් සමනය කිරීමට ද මස්බැද්ද ශාකයට සුවිශේෂී හැකියාවන් පවතියි.
ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත්කොට අහිතකර කොලෙස්ටරෝල් වැනි රෝග තත්වයන් පාලනය කිරීමට ද මස්බැද්ද ශාකයේ කොටස් පරිභෝජනය තුලින් හැකියාව ලැබේ. එසේම මේ හේතුවෙන් ස්ථූලතාවය වැනි අහිතකර තත්වයන් මග හරවාගත හැකි බව ද විවිධ පර්යේෂණ මගින් සනාථ කොට තිබේ. ශරීරයේ බර අඩු කරගැනීමට වර්තමානයේ බොහෝ පුද්ගලයන් උත්සාහ කරන අතර ඊට ස්වාභාවික පිලියමක් වශයෙන් මස්බැද්ද ශාකයේ කොටස් පරිභෝජනය දැක්විය හැකිය. මිනිස් ශරීරයේ ඇති විෂ සහිත සංයෝග ඉවත් කරන ප්‍රතිඔක්සිකාරක සංයෝග ද මස්බැද්ද ශාකයේ අඩංගු වේ. මේ නිසා රුධිරය ස්වභාවිකවම පිරිසිදු කිරීමට මස්බැද්ද උපකාරී වේ.
මස්බැද්ද ශාකයෙන් නිපදවන ලද ස්වාභාවික පානයන් දැන් වෙළඳපලේ
වත්මන් සමාජයේ ජීවත් වන මිනිසාගේ කාර්යබහුල ජීවන රටාව නිසාවෙන් මේ වන විටත් රෝග බොහෝමයක් ඇති වී තිබෙයි. එවැනි රෝග වලට කෘතීම බෙහෙත් තුලින් පිලියම් සෙවීමේදී ඇතිවිය හැකි අතුරු ආබාධ බොහෝය. ඒ නිසාම ස්වාභාවික ශාකසාර තුලින් එවැනි රෝග නිවාරණයට පිලියම් ලබාගැනීමට මේ වන විටත් බොහෝ පුද්ගලයන් කැමැත්ත පල කරයි. දියවැඩියා රෝගීන් සදාහාම සකසන ලද මස්බැද්ද පානය මේ වන විටත් වෙලදපොලේ පවතින අතර ඒ තුලින් තවත් රෝග රැසකට ද පිලියම් ලබාගත හැකිය. කෘතීම සංයෝග වෙනුවට මෙවැනි ශාසාර පරිභෝජනය තුලින්, ගිලිහෙමින් යන නිරෝගී දිවිය නැවතත් අපට ලබාගැනීමට හැකිවනු ඇත.
මස්බැද්ද තේ
විවිධ කෘතීම පානයන් වෙනුවට දේශීයව නිපදවන ලද “මස්බැද්ද තේ” මේ වන විටත් වෙළදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව ඇත. දියවැඩියා රෝගින්ට මෙන්ම බොහෝමයක් නිධන්ගත රෝගවලින් පෙලෙන අයට මෙම පානය දිනපතා භාවිතය තුලින් සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකිය. දහස් ගනන් මුදල් වැය කරමින් ලෙඩ සුව කරගැනීමට වෙහෙසෙන බාල, මහලු කා හට වුව ද අඩු මුදලකින් නිරෝගි දිවියක් පවත්වාගැනීමට මෙම මස්බැද්ද තේ භාවිතය නිසැකයෙන්ම උපකාරී වනු ඇත.
මස්බැද්ද කරල්
රූපවාහිනිය, පුවත්පත් හෝ වෙනත් මාධ්‍ය තුලින් විවිධ ආකාරයේ බෙහෙත් කරල් පිලිබදවත් ඒවායෙන් ලබාදෙන ප්‍රථිපල පිලිබදවත් ඔබ ඕනෑතරම් දැක ඇත. නමුත් ඒවායෙන් සැබැවින්ම සාර්ථක ප්‍රතිඵල ලබාදෙන්නේද යන්න ගැටලුවකි. වෛද්‍ය නිර්දේශය මත වෙළදපොලට නිකුත් කොට ඇති ස්වාභාවික ශාකසාරමය මස්බැද්ද කරල් භාවිතයෙන් ලෙඩ රෝග ගණනාවකට පිලියම් ලබාගැනීමට ඔබට ඉඩ ලැබෙනු ඇත. වෙනත් බෙහෙත් භාවිතය හරහා ලැබිය හැකි අතුරුපල කිසිවක් මෙවැනි ශාකසාර සහිත කරල් භාවිතයෙන් නොලැබෙනු ඇත.
මිහිමතින් වද වෙමින් තිබෙන නමුත්, ලංකාව තුල තවමත් නොනැසී පැවතෙන මස්බැද්ද ශාකය පිලිබදව දැනුවත් කරමු. ඔබත් අදම මස්බැද්ද ශාකයේ අපරිමිත ගුණයන් තුලින් නීරෝගිමත් දිවියක් ලබාගැනීමට නොපමාව කටයුතු කරන්න.