Greenhopes-Amlapowder
Greenhopes-
myherbals
Myherbals-Capsules

බියර් වලින් නිපදවන බියර් සබන්

You are currently viewing බියර් වලින් නිපදවන බියර් සබන්

මේ පුදුමාකාර විස්තරය පිලිබදව ඔබ ඇසුවොත් විමතියට පත්වනවා නියතයි. ලෝකය පුරා බොහෝ දෙනෙක් කාන්තා, පිරිමි භේදයකින් තොරව තම රූ සපුව අලංකාර කරගැනීමට වෙහෙසෙන බව නොරහසක්. මේ සඳහා නොයෙක් ආලේපන මෙන්ම සබන් වර්ග ද ඔබ භාවිත කිරීමට පුරුදුව සිටිනවා ඇති. විවිධ ආකාරයේ සබන් වර්ග පිලිබඳව ඔබ බොහෝ විස්තර දන්නා බවට කිසිදු සැකයක් නොමැත. නොයෙක් වර්ණයෙන් සහ නොයෙක් සුවදෙන් යුතු සබන් වර්ග පිලිබදව ඔබ කුඩා කල සිටම දැනුවත් බව සැබෑය. නමුත් මේ විස්තරය මදක් වෙනස් සහ සුවිශේෂී සබන් වර්ගයක් පිලිබඳවයි. මේවා නමින් “බියර් සබන්” ය. බියර්, පානයක් ලෙස පමණක් හැදිනූ ඔබට ඒ ආශ්‍රිතව සිදු කරන ලද නවතම නිෂ්පාදනයක් ලෙස මෙම සබන් වර්ගය දැකිවිය හැකිය. ලොව පුරා මිනිසුන් අතර මෙම සබන් වර්ගය මේ වන විටත් ප්‍රසිද්ධ වෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ ද සුප්‍රසිද්ධ චරිත මෙම සබන් වර්ගය භාවිතයට යොමු වී සිටීම දැකිය හැකිය.

 

සාමන්‍යයෙන් සබන් නිපදවීමේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භෂ්මයක් ද, මේද අම්ල, ජලය සහ වෙනත් සුවඳකාරක ද්‍රව්‍යය වැනි දෑ මූලිකවම අවශ්‍ය වේ. බියර් සබන් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන්ම සිදු කරන වෙනස නම් ජලය වෙනුවට ස්වාභාවික බියර් යොදා ගැනීමයි. බියර් නිපදවීම සිදු කරනුයේ බාර්ලි පැසවීම තුලින් වන අතර එහි තිත්ත රසය ලැබෙනුයේ “හොප්ස්” නම් ස්වාභාවික මල් වර්ගය එකතු කිරීම මගිනි. ලෝකයේ ජලය සහ තේ පානයට පසුව ප්‍රසිද්ධ පානය බවට පත්ව තිබෙන්නේ ද බියර් ය. ස්වාභාවිකව, උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන ලද බියර් වර්ග විවිධ රටවල් පුරා ප්‍රසිද්ධ වන අතර ඒ ආශ්‍රිත, වෙනත් අගය එකතු කරන ලද නිෂ්පාදන රැසක් ද පවතියි. ඒවා අතරින් නවතම නිපදවීමක් ලෙස “බියර් සබන්” හැදින්විය හැකිය.

පානය වෙනුවට සබන් සෑදීමට බියර්

මෙලෙසින් බියර් සබන් නිපදවීම ක්‍රම කිහිපයක් යටතේ සිදු කළ හැකිය. මෙම සබන් වර්ගයෙන් නිකුත් වන  සුවඳ කිසිසේත් බියර් පානයෙන් හමන සුවඳ පමණක් නොවන අතර ස්වාභාවික සුවඳකාරක යොදවා එයට විවිධ සුවඳ වර්ග එකතු කිරීම ද සිදු කල හැකිය. විශේෂයෙන්ම නොයෙක් මල් වර්ග, දොඩම් පොතු, කුරුඳු හෝ වෙනත් ස්වාභාවික ශාකසාර මගින් “බියර් සබන්” වලට සුදුසු සුවඳක් එක් කළ හැකිය. කර්මාන්තශාලා ආශ්‍රිතව විශාල පරිමාණයෙන් මෙම සබන් වර්ගය නිපදවීමට අමතරව, නිවෙස් තුළ කුඩා පරිමාණයෙන් වුව ද බියර් සබන් නිපදවිය හැකිය. මේ සඳහා ඔබට මූලිකවම අවශ්‍ය වන්නේ, පොල්තෙල්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බියර් වර්ගයක් පමණි. මෙම අමු ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයන්ගෙන් එකතු කොට රත් කිරීම හරහා පහසුවෙන් සබන් නිපදවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

බියර් සබන් භාවිතයෙන් ලැබෙන ප්‍රථිපල

වෙනත් සබන් වර්ග භාවිතයට වඩා “බියර් සබන්” භාවිතය තුළින් ඔබට වාසි රැසක් අත්කරගත හැකිය. සුසිනිදු, පැහැපත් සහ නිකැළැල් සමක් ලබාගැනීමට මෙම සබන් භාවිතය තුළින් ඔබට හැකියාව ලැබෙනු ඇත. මෙම සබන් භාවිතය නිසා ඔබේ සමට කිසිදු අහිතකර බලපෑමක් අත් නොවෙනු ඇත. ඔබේ සමේ තිබෙන කුරුලෑ අවම කිරීම, වියලි සහ තෙල් සහිත සමක් ඇතිවීම වැළැක්වීම, පැහැපත් මෙන්ම ආකර්ශනීය සමක් ලබාදීම වැනි වාසි රැසක් බියර් සබන් භාවිතය තුළින් ලබාගත හැකිවේ. සමේ තෙතමනය රැකගැනීමට මෙම සබන් වර්ගය ඉමහත් ලෙස දායක වේ. ඊට හේතුව ලෙස බියර් නිෂ්පාදනයේදී යොදගන්නා ස්වාභාවික අමුද්‍රව්‍ය දැක්විය හැකිය. මේ නිසාම සමේ රැලි වැටීම් අවම කොට නිරෝගි සහ ආකර්ශනීය සමක් ලබාගැනීමට බියර් සබන් උපකාරී වන බව මේ වන විටත් ලෝකය පුරා බොහෝ දෙනෙක් විශ්වාස කරති. මීට අමතරව රැවුල කැපීමේදී මෙම සබන් වර්ගය භාවිතය තුලින් මුහුණේ ඇතිවිය හැකි අසාත්මික තත්ත්ව මග හරවා ගත හැකි වීම ද වැදගත් කාරණයකි. මෙහි සාර්ථකත්වය පිලිබඳව විද්‍යාත්මකව ද සනාථ කොට තිබේ.

බියර් සබන් සෑදීමට යොදාගන්නා බියර් වර්ග

වෙළදපොලේ තිබෙන කෘතිම බියර් වර්ග මේ සඳහා කිසිසේත් නොගැළපේ. ඉතා උසස් තත්වයෙන් ස්වාභාවිකව නිපදවන ලද බියර් වර්ග පමණක් බියර් සබන් සෑදීමට යොදා ගැනේ. සැබෑ බාර්ලි ධාන්‍ය යොදාගෙන, ඒවා  නිවැරදිව පැසීමට ලක් කොට, ශාකසාර “හොප්ස්“ මල් වර්ගය එකතු කොට සෑදූ බියර් පානය පමණක් මෙම සබන් නිෂ්පාදනය සඳහා අනුමත කෙරේ. මෙලෙස ස්වාභාවිකව සකසන ලද බියර් මගින් නිපදවන සබන් භාවිතයෙන් ඔබේ සමට කිසිදු ආකාරයේ අසාත්මිකතාවයක් ඇති වීමට ඉඩ නොලැබේ. ඊට හේතුව වන්නේ, ස්වාභාවිකව සකසන ලද බියර් වල අඩංගු ප්‍රති-අසාත්මික සහ ප්‍රති-බැක්ටීරියා ගුණයන් ය. තව ද, පොල් තෙල් වෙනුවට කටුපොල් වලින් නිපදවන ලද තෙල් හෙවත් “පාම් ඔයිල්” භාවිතය නොකළ යුතුය.  මෙම කරුණු  සම්බන්ධයෙන් විශේෂ  අවධානය යොමු කළ විට ඔබට පිර්සිදු සහ තත්වයෙන් උසස් බියර් සබන් නිපදවීම හෝ මිලදී ගැනීම පහසුවෙන් සිදුකරගත හැකිය.

බියර් සබන් මිලදී ගැනීමට ඇති අවකාශය

බියර් සබන් මිලදී ගැනීමට අවකාශය ඔබට ද පවතියි. අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයෙන් හෝ වෙනත් සුපිරි වෙළදසැල් වලින් බියර් සබන් මිලදී ගැනීමේ හැකියාව ඔබට පවතියි. ඊට අමතරව නිවසේදීම ඒවා සකසාගැනීම ද ඔබට සිදු කළ හැකිය.   

ලෝකය දිනෙන් දින ඉදිරියට ගමන් කරමින් පවතියි. මෙම ගමන් මග සාර්ථක කරගැනීමට නම් අප වෙනස් ආකාරයෙන් සිතිය යුතුය. මෙවැනි නිෂ්පාදන ඔබව වෙනස් ව්‍යවසායකත්වයකට නැඹුරු කරනු ඇත. එසේම එවැනි නව නිපැයුම් වල වටිනාකම ඉහළ යනුයේ සොබාදහමට ගරු කරමින් ශාකසාර නිෂ්පාදන වලට මුල් තැන ලබාදෙන විටදීය. Herbal Voice තුළින් තවත් වැදගත් සහ නව නිපැයුම් පිලිබඳව ඔබව දැනුවත් කිරීමට අප සූදානමින් සිටිමු.

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න