සුන්දර කෙස් කළඹක් යූවතියකට ඉතා අලංකාර වූ වටිනා ආභරණයකි. සුන්දර සමක්, පිරිපුන් මුහුණක් සහ සුන්දර කෙස් කළඹක් යනු ඕනෑම යුවතියකගේ පොදු බලාපොරොත්තුවකි. කෙස් කලඹ ඔබගේ සුන්දරත්වය වැඩි කරනවාත් සමගම එය ඔබගේ ශරීර සෞඛ්‍ය පිලිබිඹු කරන කැඩපතක් බඳුවේ. සුන්දර කෙස් කලඹක් ලබා ගැනීමට මේ වන විට බොහොමයක් රසායනික ප්‍රතිකාර ක්‍රම තිබුණද ඒවායෙන් ඇති වන අතුරු බලපෑම් පිළිබඳව වැඩි සැලකිල්ලක් නොලැබෙයි. විවිධ කෘතිම සත්කාර මගින් කෙස් කළඹට හානි වන අතර ඇතැම් විට හිසකේ ගැලවී යාමත්, අග පැලීමත් සිදුවේ. එපමණක් නොව, මෙම කෘතිම ප්‍රතිකාර හේතුවෙන් වෙනත් අතුරු විපාක ද ඇතිවේ.
අතීතයේ පටන් පැරණි සිංහල කාන්තාවන්ගේ කේශ කලාපය ඉතා පිරිපුන්ව පවත්වා ගැනීමට ඔවුන් නිරතුරුවම ස්වභාවිකව පරිසරයෙන් හමුවන ප්‍රතිකාර ක්‍රම භාවිතයට කටයුතු කළහ. මෙම ලිපිය මගින් අතීතයේ පටන් වර්තමානය දක්වාම සුන්දර කෙස් කළඹක් පවත්වා ගැනීමට කාන්තාවන් භාවිතා කළ ස්වභාවික සත්කාර ක්‍රම පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි.
හිසකෙස් ආශ්‍රිත මෙම ගැටලු වලට ඔබත් මුහුණ දෙනවාද?
මේ වන විට බොහෝ දෙනෙක් පීඩාවට ලක්වී සිටින හිසකෙස් ගැලවීම, හිසකෙස් තුනී වීම, අකලට හිසකෙස් පැසීම හෙවත් කොන්ඩය සුදු වීම සහ කෙස් අග පැලීම යන ගැටලු නිසාවෙනි. මේ තත්ත්වයන් නිසා බොහෝ දෙනෙක් මානසිකව බොහෝ පීඩාවට ලක්වී සිටියි.
හිස කෙස් වැටි යාමට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ වර්තමානය වන විට මිනිසාට ගත කිරීමට ඇති ඉතා කාර්යබහුල ජීවන රටාවයි. එම නිසා තම ශරීර සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට හැකියාවක් ඔවුනට නොලැබේ. අධික ආතතිය, හිසකෙස් හොඳින් පිරිසිදු නොකිරීම, පෝෂදායී ආහාර රටාවකින් බැහැර වීම, නැවුම් එළවළු පලතුරු නිතර පරිභෝජනයට නොගැනීම, අධික සාන්ද්‍ර රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම, නිසි තෙල් සාත්තුවක් නොකිරීම යන බොහොමයක් හේතු නිසා හිසකෙස් ගැලවී යාම අද වන විට සුලබ දසුනක් වී ඇත.
උණුසුම් තෙල් සත්කාරයක් හිස් කබලට මනා පෝෂණයක් ලබාදෙන අතර ඔබේ මනස ද එමගින් සුවපත් කරයි. ඇතැම් කාන්තාවන් පොල්තෙල් වැනි තෙල් වර්ග පමණක් භාවිත කළ ද තවත් සමහර කාන්තාවන් තමා විසින්ම හිස කෙස් අලංකාර කර ගැනීම සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තෙල් නිපදවීම නිවසේදීම සිදු කිරීමට පෙළඹී ඇත. මෙයට හේතුව ස්වාභාවික ශාක සාරයන්ගෙන් හිස කෙස් නිරොගිව පවත්වා ගැනීමට ලැබෙන්නා වූ මනා පෝෂණයයි. සමබර ආහාර වේලක් ලබා ගැනීම සහ නිසියාකාරයෙන් තෙල් සාත්තුවක් සිදු කිරීමෙන් ඔබගේ කෙස්කලඹ පිරිපුන් වූ අයුරින් පවත්වා ගැනීමට ඔබට හැකිවේ. වෙළදපොලේ ද මේ වන විට හමුවන එවන් වූ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සැකසූ ඖෂධීය සත්කාර පිළිබව දැන් විමසා බලමු.

කෝමාරිකා

ආදි කාලයේ පටන්ම බොහෝමයක් ආලේපන වර්ග සකස් කර ගැනීම සඳහා කාන්තාවන් යොදා ගත් අමුද්‍රව්‍යක් ලෙස කෝමාරීකා හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ඉතා බහුලව මෙම ඖෂධීය ශාකය සොයාගත හැකි නිසා ශ්‍රී ලාංකිකයන් වන අපට නිරන්තරයෙන්ම භාවිතයට ගත හැකි ශාකයක් ලෙස මෙය හැදින්විය හැකිවේ. කෝමාරිකාහෙවත් Aloe vera යනු හිසකෙස් වර්ධනයට සහ හිස් කබල පෝෂණයට ඉතාම වැදගත් වන පෝෂය පදාර්ථයන් බොහොමයක් අඩංගු වන ස්වභාවික සත්කාරයකි. කෝමාරිකා පත්‍ර වල ඇති මදය විටමින් ඒ, සී සහ ඊ වලින් සමන්විතය. ඊට මතර විටමින් බී-12 සහ ෆෝලික් අම්ලයද මෙහි අඩංගු ය. මෙනිසා කෝමාරිකා හිසෙහි ගැල්වීම මගින් හිස් කබලේ ඇතිවන ඉස්හොරි තත්ත්වයන් මඟහරවා ගැනීමට හැකි වෙයි. තවද, කෝමාරිකා හිස්කබල ගෑල්වීම නිසා එහි ඇති සිසිල් බව මගින් හිසට ඉතාම ඉහල සුවදායක බවක් දැනේ. එමගින් මානසික සුවතාවය ද ඇති වෙයි. හිස් කබලේ ඇති අධික තෙල් සහිත ස්වභාවයන් මගහරවා ගැනීමට ද මෙම කෝමාරිකා ගුණය උපකාරී වේ.
ස්වභාවික කෝමාරිකා පත්‍ර සාරය එලෙසින්ම හෝ මේ වන විට වෙලදපොලෙහි දක්නට ලැබෙන කෝමාරිකා සාරය අඩංගු නිෂ්පාදන ලෙසින් ඔබට භාවිත කළ හැකිය. කෝමාරිකා සාරය සපිරි තෙල් මෙන්ම ශැම්පූ වර්ග ද ඔබට පහසු මිලට මේ වන විට ලබාගත හැකිය. කෝමාරිකා සාරය සහිත ස්වාභාවික නිෂ්පාදන භාවිතය මගින් හිස් කබලේ pH අගය යාමනය කරන අතර වැසුනු රෝම කූප විවෘත කරයි. එමගින් කෙස් වර්ධනය වීම වඩාත් ඉක්මන් වේ.
පොල්තෙල්

ගෙදරදොරහි පහසුවෙන් සොයා ගත හැකි පොල්තෙල් හිස කෙස්වල වර්ධනයට සහ හිස් කබලේ පෝෂණයට ඉතා වැදගත් වන තෙල් වර්ගයකි. ආහාර පිසීමේදී මේ තෙල් වැඩි වශයෙන් භාවිත වන අතර හිසකේ වලට අවශ්‍ය ඖෂධීය ගුණ රැසක් මෙහි අන්තර්ගත වේ. පොල්තෙල් වල විටමින් සහ අත්‍යවශ්‍ය මේද අම්ල අඩංගු නිසා ඔබේ හිසකෙස් ඝනකම් කරන අතර දිස්නයක් ද ලබාදේ. පොල්තෙල් හිසෙහි ගැල්වීම මගින් හිස් කබලේ ප්‍රෝටීන හානිවී යාම අවම කර ගත හැකිය. පොල්තෙල් වල අඩංගු ලෝරික් අම්ලය හිස් කබල තුළටම ගමන් කිරීමේ හැකියාව පවතින අතර එමගින් හිසකෙස් ඇතුළතින්ම පෝෂණය කරයි.
වියලි හිසකෙස් සහිත පුද්ගලයෙකුට පොල්තෙල් හිසෙහි ගැල්වීම මගින් සිනිදු කෙස් කලඹක් ලබා ගත හැකිය. නමුත්, වෙළදපොලෙන් පොල්තෙල් මිලදී ගැනීමේදී එහි පිරිසිදු බව පිලිබදව සැලකිලිමත් විය යුතුය. වෙළදපොලේ ඇති ඇතැම් පොල්තෙල් වර්ග පිරිසිදු ඒවා නොවන අතර ඒවායේ වෙනත් තෙල්වර්ග අඩංගු වීම නිසා ඔබේ හිසකේ වලට අගුණ විය හැකිය. එනිසා ඔබේ හිසකේ ශක්තිමත් හා පෝෂ්‍යදායි කිරීම සඳහා සුපිරිසිදු ශාකසාර පොල්තෙල් වගකිව යුතු නිෂ්පාදකයන්ගෙන්ම මිලදී ගැනීමට කටයුතු කරන්න.
ලූණු යුෂ
ලූනු ගෙඩියෙන් ලබා ගන්නා යුෂ මඟින් හිස කෙස් වර්ධනය කිරීමට උපකාරී වන බව විද්‍යානුකූලව සොයා ගෙන ඇත. නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ බොහෝ දෙනෙක්ට මෙම ලූණු යුෂ වල දුර්ගන්ධය ඉවසාගත නොහැකි වීමයි. ලූනු යුෂ මඟින් හිස්කබලේ රුධිර සංසරණය වැඩි කරයි. එහි සල්ෆර් වැඩි වශයෙන් අඩංගු වේ. එමගින් හිසකෙස් වල වර්ධනය වඩාත් ඉක්මන් වෙයි. සතුන් යොදාගෙන කරනු ලබන පර්යේෂණ මඟින් හෙළි වී ඇත්තේ ලුණු වලින් හිසකෙස් වල කැරොටින් මට්ටම වැඩි කරන බවයි. මේ නිසා ඔබට නිරෝගී, දිගු කෙස් කළඹක් කෙටි කාලයක් ඇතුලත ලබාගැනීමට හැකියාව ලැබේ.
රෝස්මරි තෙල්
රෝස්මරි නම් ඖෂධීය පැළෑටියෙන් සකසා ගන්නා තෙල් බොහෝ දෙනෙක් හිසකෙස් වර්ධනය සඳහා භාවිතයට ගනී. රෝස්මරි තෙල් මගින් හිසකෙස් වර්ධනය කරන අතර හිසකෙස් වැටීම ද පාලනය කරයි. රෝස්මෙරි තෙල් හිස් කබලේ ගැල්වීම මගින් නව හිසකෙස් ඇති වීම ද උත්තේජනය කරයි.
රෝස්මෙරි තෙල් වැනි සුවඳ හමන ශාකවලින් ලබාගන්නා සාරය එක්වරම හිස් කබලේ ගැල්වීම ගැන්වීම සිදු නොකළ යුතු දෙයකි. එමගින් ඇතමුන්ට ආසාත්මිකතා ඇතිවිය හැකිය. මෙම රෝස්මෙරි තෙල් ආලේපනය කිරීමේදී තවත් තෙල් වර්ගයක් සමග මිශ්‍ර කිරීම වඩාත් සුදුසු වේ.
ලෙමන්

ලෙමන් යුෂ හිසකෙස් වල වර්ධනයට යොදාගත හැකි තවත් එක් ස්වභාවික සත්කාරයකි. ලෙමන් යුෂ මගින් හිසකෙස් වල වර්ධනය වැඩි කරනවාත් සමගම හිසකෙස් වල ගුණාත්මක භාවයද ඉහළ දමයි. ලෙමන් හෝ දෙහි යුෂ හිසේ ගැල්වීමෙන් හිස්හොරි වලින් තොර හිස්කබලක් ලබාගැනීමට හැකිවේ.
ලැවැන්ඩර් තෙල්

ලැවැන්ඩර් තෙල් බොහෝ දෙනා අතර ප්‍රචලිත වන්නේ තට්ට්ය පැදීම වළක්වා හිසකේ වැඩීම ඉක්මන් කරවන තෙල් වර්ගයක් වශයෙනි. ලැවෙන්ඩර් ගසෙහි සාරයෙන් නිෂ්පාදනය කරන මෙම තෙල් වල ඉතා සිත් ඇදගන්නා සුළු සුවඳක් ඇත. ලැවැන්ඩර් තෙල් හිසකබලේ ගැල්වීම මඟින් හිස් කබලේ රුධිර සංසරණය වඩාත් ක්‍රමවත් වන අතර එමඟින් හිසකෙස් වර්ධනය වඩාත් ඉක්මන් වේ. හිස කෙස් වර්ධනය කරනවාත් සමගම හිස් කබලේ ස්වභාවික තෙල් නිපදවීමද වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට හැකිවීම ලැවෙන්ඩර් තෙල් වල තවත් ප්‍රයෝජනයකි. ලැවැන්ඩර් තෙල් භාවිතයේ අතුරු ප්‍රයෝජනයක් ලෙස එහි ඇති කෘමි විකර්ශක හැකියාව හැඳින්විය හැකි ය. මෙනිසාම එමගින් හිස් කබලේ සිටින උකුණන් මර්දනය කිරීමට ද පුලුවන. හිස් කබලේ පෝෂණීය බව වැඩි කර ගැනීමට ඉවහල් වන නිසා ලැවැන්ඩර් තෙල් හිසකෙස් වර්ධනයට ඉතාම සුදුසු ඖෂධයකි.
වද මල්

වදමල් ශ්‍රී ලංකාවේ බහුලවම දක්නට ලැබෙන පුෂ්පයකි. මෙය පොකුරු ආකාරයෙන් සහ තනි පෙති ආකාරයෙන් දක්නට ලැබෙයි. බොහෝ දෙනෙකු හිසකෙස් වර්ධනය කරගැනීම සඳහා වදමල් වල පොකුරු ආකාරයෙන් ඇති විශේෂය තෝරා ගනියි. වදමල් සාරයෙහි ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් සහ විටමින් බොහොමයක් අඩංගු වන අතර ඒවායින් හිස් කබල පෝෂණය කරන අතර හිසකෙස් වර්ධනය ද වඩාත් ඉක්මන් කරයි. එමෙන්ම වදමල් භාවිතය නිසා හිස් කබලේ ඇති වන හිස්හොරි වැනි තත්ත්වයන් මඟ හරවා ගැනීමට හැකිය. වදමල් වලින් නිෂ්පාදිත ශැම්පූ වර්ග මේ වන විට වෙළදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව ඇත.
ජින්සෙන්
ජින්සන් ශාකය වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ චීනය වැනි රටවලය. නමුත් මෙය හිසකෙස් වර්ධනයට ඉතාම සුදුසු ඖෂධීය ශාකයකි. හිස කෙස් වැටීම වැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකය බෙහෙවින් උපකාරී වන බව චීන ජාතිකයන්ගේ මතයයි. තව ද, මෙම ඖෂධීය ශාකය මගින් හිසකෙස් වල ශක්තිමත් භාවය ද වැඩි කරයි.
ග්‍රීන් ටී
අප කවුරුත් දන්නා පරිදි “ග්‍රීන් ටී” යනු ප්‍රතිඔක්සිකාරක බොහොමයක් අඩංගු වන පානයකි. මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා හිසකෙස් වැටීම අවම කොට එහි ශක්තිමත් භාවය ද වැඩි කරයි. මෙහි අඩංගු “කැටෙචින්” නම් සංයෝගය මගින් හිසකෙස් වැටීම පාලනය කරයි. ග්‍රීන් ටී වල ඇති පොලිෆීනෝල් සංයෝග හිසකෙස් මුලටම ගොස් ඒවා පෝෂණය කරයි. ඊට අමතරව මෙහි අඩංගු වන විටමින් මගින් ද ඔබට ඝන කේශ කලාපයක් ලබාගත හැකිය.
මීන්චි ශාකය
මිංචි කුලයට අයත් බොහොමයක් ප්‍රභේද දක්නට ඇති අතර ඒ අතුරින් පෙපර්මින්ට් යන විශේෂය හිසකෙස් වර්ධනයට වඩාත් වැදගත් වන ඖෂධීය ශාකයකි. පෙපර්මින්ට් ශාකය මගින් හිස කෙස් වල මූලය ශක්තිමත් කරයි. එමගින් හිස කෙස් වැටීම අවම වේ. පෙපර්මින්ට් තෙල් හිස් කබලේ ගැල්වීම මඟින් එහි රුධිර සංසරණය වඩාත් ක්‍රමවත් වේ. පෙපර්මින්ට් තෙල් වල අඩංගු දිලීර වලට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණය නිසා හිස් කබලේ ඇතිවන දිලීර ආසාදන වළක්වා ගත හැකි වෙයි.
මුරුංගා
මුරුංගා ශාකයේ ඇති විවිධ පෝෂ්‍ය පදාර්ථයන් වලින් හිස කෙස් වල මූලය ඉතා ශක්තිමත් කරයි. එමගින් හිසකෙස් වැටීම අවම වෙයි. මුරුංගා තෙල් හිස් කබලේ ගැල්වීම මගින් එහි පෝෂණීය බවද වර්ධනය කරයි. මෙම ශාකසාර ස්වාභාවික ගුණයන් මගින් පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබට හැකිවේ. මුරුංගා ශාකයෙන් නිෂ්පාදිත තෙල් සහ ශැම්පූ වර්ග වෙළදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව පවතියි. මෙම නිෂ්පාදන ස්වාභාවිකව සකසන ඒවා නිසාවෙන් ඔබට කිසිදු අතුරු ඵලයක් අත් නොවනු ඇත. මේවායේ ඇති ස්වාභාවික ගුණය නිසාවෙන් ඔබට ශක්තිමත්, පිරිපුන් කෙස් කළඹක් අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.
ගොටු කොළ

ආයුර්වේද විද්‍යාවේ බොහොමයක් ප්‍රතිකාර සඳහා මෙම ගොටුකොළ ශාකය යොදා ගනී. හිසකෙස්වල වර්ධනයටත් හිසකෙස් ශක්තිමත් කිරීමටත් ගොටුකොළ ඖෂධීය වශයෙන් ඉමහත් ලෙස උපකාරී වේ. ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් එදිනෙදා ආහාරයට යොදාගත් ඖෂධීය කොළ වර්ගයක් ලෙස ගොටුකොළ හැදින්විය හැකිය. හිසකෙස් වල දිග වැඩි කිරීමටත් නව හිසකෙස් වර්ධනය වීම ඉක්මන් කිරීමටත් ගොටුකොළ ආහාරයට එකතු කරගැනීමෙන් හැකියාව ලැබේ. මේ සඳහා උපකාරී වන යකඩ මෙන්ම විටමින් බොහෝ ප්‍රමාණයක් ද එහි අන්තර්ගත වේ. ගොටුකොළ වල ඇති ඖෂධීය සංඝටක මගින් හිස් කබලේ රුධිර සංසරණය වීමේ හැකියාව වර්ධනය වන බව විද්‍යානුකූලව සනාථ කර ඇත. ගොටුකොළ කැඳ, ගොටුකොළ තේ සහ ගොටුකොළ සාරයෙන් නිපදවූ කරල් වර්ග මේ වන විට වෙළදපොලේ තිබෙන අතර ඒවා භාවිතයෙන් ඔබට නිරෝගි, දිගු මෙන්ම කලු පැහැති කෙස් කළඹක් ලබාගැනීමට හැකියාව තිබේ.
බැසිල් ශාකය
ඖෂධීය ගුණ රැසක් ඇති බැසිල් ශාකය මනා සුවඳකින් යුක්ත වෙයි. තුවාල සුව කිරීමේ ගුණය ද ඉතාම ඉහළින් අඩංගු වන මෙම ශාකයෙ ශාකයෙන් උකහාගන්නා තෙල්, හිසකෙස්වල ගැල්වීම මගින් හිසකෙස් වර්ධනය වීම සහ දිගු වීම සිදුවේ. එමෙන්ම හිස් කබලේ ඇතිවන ආසාත්මිකතාවයන් අවම කර ගැනීමට ද මෙම ශාකයේ සාරය ප්‍රයෝජනවත් වේ. හිස් කබලේ හිස්හොරි වැනි තත්ත්වයන් මඟ හරවා ගැනීමටද බැසිල් ශාකයේ සාරය වැදගත් වේ.
කීකිරිඳිය
හෙළ ආයුර්වේද විද්‍යාවේ කිකිරිදිය ශාකය බොහෝමයක් ප්‍රතිකාර සඳහා යොදා ගන්නා අතරම හිසකෙස්වල වර්ධනයට ද ප්‍රයෝජනවත් වේ. එම නිසා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් හිසකෙස් වල ගැටළු ඇති ඕනම කෙනෙකුට පාහේ කීකිරිදිය නිර්දේශ කරයි. හිසකෙස් වැටීම අවම කිරීමේ හැකියාවක් මෙම ඖෂධීය ශාකය සතු වේ. හිසකෙස් වල මූල කොටස් ශක්තිමත් කිරීම මගින් හිසකෙස් වැටීම අවම කරගත හැකි වේ. දිගු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සඳහා කීකිරිදිය ශාකයේ ඇති පෝෂණීය ගුණය ඉතා ප්‍රයෝජනවත් වේ. අකලට කෙස් පැසීම අවම කර ගැනීමටද මෙම ඖෂධීය ශාකය ඉවහල් වේ. මෙම ශාකයෙන් නිපදවූ තෙල් වර්ග මේ වන විටත් වෙළදපොලෙහි අන්තර්ගත වේ.
උළු හාල්

ඈත අතීතයේ පටන්ම පටන්ම හිසකෙස් සමඟ සමඟ සෘජු සම්බන්ධතාවයක් දක්වන උළුහාල් ශාකය හිස් කබලේ ආසාත්මිකතා අවම කරගැනීමට උපකාරී වේ. පිරිපුන් කෙස් කළබක් ලබාගැනීම සඳහා අතීතයේ කාන්තාවන් උලුහාල් සාරය යොදාගත් බව පැරණි පොත්පත් වල සඳහන් වේ. ස්වාභාවික උලුහාල් ගුණය අඩංගු ශැම්පු සහ තෙල් වර්ග දැන් වෙලදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව ඇත.
කිරි බඩල්ල ශාකය
හිමාල කඳු වැටිය ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙම ශාකය ආයුර්වේද විද්‍යාවේ සහ සිද්ධි වෛද්‍ය විද්‍යාවේ හිසකෙස් වර්ධනයට යොදා ගන්නා මූලිකම ඖෂධීය ශාකයකි. මෙම ඖෂධීය ශාකයේ ගුණයෙන් හිසකෙස් දුර්වර්ණ වීම සහ හිසකෙස් සුදු වීම වළක්වයි. එම ශාකයේ ඇති ගුණයන් පිළිබඳව තවදුරටත් විද්‍යාඥයින් පර්යේෂණ පවත්වයි.
කොහොඹ

කොහොඹ ශාකයේ යුෂ බොහොමයක් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා අතර යහපත් සෞඛ්‍යය පවත්වාගෙන යාම සඳහා ද කොහොඹ වඩාත් ප්‍රයෝජනවත් ඖෂධීය ශාකයකි. හිස් කබලෙහි හිස්හොරි තත්ත්වයන් මගහරවා ගැනීමට සහ හිසකෙස් වල මනා සෞඛ්‍ය පවත්වා ගැනීමට ද මෙම කොහොඹ ශාකයෙන් ලබාගත් යුෂ භාවිත කළ හැකිය. අතීතයේ පටන්ම කාන්තාවන් තම කේශ කලාපයෙහි පිරිපුන් බව ආරක්ෂා කර ගැනීම සඳහා කොහොඹ සාරය භාවිත කළ බව පැරණි පොතපත වල බවත් සඳහන් වේ. දැනටමත් මේ සාරය ආශ්‍රිත සබන්, ශැම්පූ මෙන්ම තෙල් ද ඔබට මිලදී ගැනීමේ හැකියාව පවතියි.
නෙල්ලි

ශ්‍රී ලාංකීය හෙළ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හිසකෙස් වර්ධනයට සහ හිස් කබලේ පෝෂණය රැක ගැනීම සඳහා භාවිත කරන ප්‍රධානතම ඖෂධීය ශාකයකි නෙල්ලි. නෙල්ලි වල අඩංගු විටමින් C වැනි පෝෂ පදාර්ථ වලින් හිස් කබලට රුධිරය සැපයීම වඩාත් විධිමත්ව සිදුකරන අතර එමගින් හිසකෙස් වර්ධනය සහ නව හිසකෙස් හට ගැනීම වඩාත් ඉක්මන් කරයි. හිසකෙස් වල අඩංගු කොලජන් ප්‍රෝටීනය නිපදවීම නෙල්ලි මගින් වඩාත් ඉක්මන් කරන බවට විද්‍යාඥයින් පර්යේෂණ වලින් තහවුරු කරගෙන ඇත. එම නිසා නිසා නෙල්ලි, පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සඳහා වඩා වැදගත් වන ඖෂධීය ශාකයකි. නෙල්ලි සාරය පිරි තේ මෙන්ම ඒවා අඩංගු කොට සැකසූ තෙල් සහ ශැම්පූ මේ වන විට වෙළදපොලෙන් ලබාගැනීමට පුලුවන.
එඬරු තෙල්
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බොහොමයක් අවස්ථාවන් වලදී එඬරු තෙල් ඖෂධීය ශාකයක් ලෙස භාවිත කරයි. එඬරු ශාකයේ ඇට වලින් ලබාගන්නා තෙල් බොහෝ ප්‍රයෝජනවත් වේ. බොහෝ දෙනෙක් තම කේශ කලාපය සුන්දරව පවත්වා ගැනීම සඳහා එඬරු තෙල් භාවිත කිරිම වර්තමානය වන විට සුලභ දසුනකි. එඬරු තෙල් අනිකුත් තෙල් වලට සාපේක්ෂව තරමක් උකු ගතියක් ඇති අතර හිසකෙස් වල ආලේපනය තුළින් හිසකෙස් මුල් වල සිටම පෝෂණය කරයි. හිසකෙස් වල ඝණකම වැඩි කර ගැනීමට ද එඬරු තෙල් භාවිතයෙන් හැකියාව ලැබේ. එමගින් හිසකෙස් වල ශක්තිමත් බව වැඩිවන නිසා කොණ්ඩය කැඩීයාම වළක්වාගත හැකිය.
රෝස පෙති

රෝස, පුෂ්පයක් වුව ද බොහොමයක් ආසාත්මිකතා වලට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධීය ශාකයක් ලෙස යොදා ගනියි. රොසමල් පෙති වලින් ලබා ගන්නා රෝස වතුර විවිධ ආකාරයේ අවස්ථාවන් වල දී ප්‍රයෝජනයට ගත හැකි වේ. හිස් කබලේ පෝෂණය සහ හිස කෙස් වල ශක්තිමත් භාවය පවත්වා ගැනීම සඳහා රෝස වතුර භාවිතා කළ හැකි වේ. රෝස වතුර වල ඇති මනා සුවඳ නිසා කෙස් කළඹට ස්වාභාවික සුවඳක් ද ලබා දෙයි. දිදුලන කෙස් කළඹක් ලබාගැනීම සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කල හැකිය.
කරපිංචා

කරපිංචා යනු යනු බොහොමයක් ප්‍රතිකාර ක්‍රම සඳහා යොදා ගන්නා ඖෂධීය ශාකයකි. හිස කෙස් වර්ධනයටත් කරපිංචා වල ඇති පෝෂණීය ගුණය ඉතාම වැදගත් වේ. ශ්‍රී ලංකාවේ ඉතා බහුලව වැඩෙන ශාකයක් නිසා සොයා ගැනීමට පහසු නොවන අතර එමගින් තෙල් සකසා ගැනීමටද බොහෝමයක් ක්‍රම පවතියි. කරපිංචා වල අඩංගු අධික බීටා කැරොටින් සහ ප්‍රෝටීන නිසා හිසකෙස් ගැලවී යාම අවම කරයි. එමෙන්ම කරපිංචා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ අම්ල සංඝටක හිසකෙස් ශක්තිමත් කරයි.
ගොඩපර

බොහෝ ජලාශ්‍ර ආශ්‍රිතව වැඩෙන මෙම ශාකයේ ගෙඩි වල මදය හිසකෙස් නිරෝගිව පවත්වා ගැනීමට උපකාරී වේ. දිගු කෙස් කළඹක් ලබාගැනීමට මෙන්ම හිස්හොරි සමනය කරගැනීමට ද මෙම ශාක සාරය ඉවහල් වේ. මෙම ශාකය ආශ්‍රිතව නිපදවූ ශැම්පූ වර්ග ද මේ වන විට වෙළදපොලේ දක්නට ලැබේ.
මෙවැනි ස්වාභාවික ශාක වර්ග ශ්‍රී ලංකාව වැනි රටක බහුලව හමුවන අතර ඒවායෙන් හැකිතාක් ප්‍රයෝජන ලබාගැනීමට අප කටයුතු කළ යුතුය. එසේම නිරොගී, පිරිපුන්, ශක්තිමත් මෙන්ම දිලිසෙන කෙස් කළඹකට හිමිකම් කීමට මෙවැනි ශාක ආශ්‍රිතව සිදු කරන ලද නිෂ්පාදන භාවිතය ඉවහල් වේ. විදේශීය රටවල් වලින් මෙරටට ගෙන්වන විවිධ කෘතිම නිෂ්පාදන පසෙකලා අපේ රටේ නිපදවන ස්වාභාවික නිෂ්පාදන භාවිතය තුලින් ඔබටත් රටටත් දීප්තිමත් අනාගතයක් හිමිවනු නිසැකය.