අප කව්රුත් පාහේ දන්නා හා ආහාරයට ගන්නා ‘ධාන්‍ය’, ඇසට පෙනෙන ප්‍රමාණයෙන් ඉතා කුඩා වූවද ඉතාම පෝෂ්‍යදායි ආහාරයකි. ප්‍රමාණයෙන් කුඩා වූද, වියලි, තද බවින් යුත් ධාන්‍ය, පිෂ්ටය හා තවත් බොහෝමයක් පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් යුත් ආහාරයකි. ඈත අතීතයේ පටන්ම ධාන්‍ය වගා කිරීමට ශ්‍රී ලාංකික ගොවියා උපන් හපනෙකි. ඒ නිසාවෙන් ද ධාන්‍ය අපේ ජීවිත වලට ඉතා ලඟ නෑකමක් ඇති ආහාරයකි. අතීතයේ ඇන්ඩස් ඓතිහාසික යුගයේ ධාන්‍ය ආශ්‍රිත ආහාර රටාවක් පැවති බවට සාක්ෂි ලැබී ඇත. මිනිසාගේ මෙන්ම සත්ව ආහාරයක් ලෙසටද යොදා ගන්නා ධාන්‍ය වියලිමෙන්, වෙනත් ආකාරයේ ආහාර, කැවිලි වර්ග නිෂ්පාදනය සඳහා ද යොදාගත හැකිය.
තෘණ කුලයට අයත් ශාක විශේෂයක් වන ධාන්‍ය, රනිල හා මාංෂ බෝග ලෙසට වර්ග දෙකකි. ධාන්‍ය අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව අනෙකුත් එලවලූ හා පළතුරු වැනි ආහාර වලට සාපේක්ෂව, වියලීම මගින් දිගු කාලයක් තබා ගත හැකිය. තවද, මේවා පිටි, කුඩු හා ඇට වර්ග ලෙස වෙළඳපොලෙන් මිලදී ගත හැකිය. ධාන්‍ය මතුපිට දැඩි පිටපොත්තක් තිබෙන අතර මෙම බීජ කුඩා ඒකක ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා දෙයි.
තන්තුමය මූල පද්ධතියක් සහිත මෙම බෝග එක් එක් වර්ගය අනුව විවිධාකාර උසට වැඩෙයි. මධ්‍යය කුහරමය කඳක් සහිත ධාන්‍ය බෝගයෙන් අස්වනු නෙලීමෙන් පසුව පිදුරු ද ලබාගත හැකිය. ධාන්‍ය කඳෙන් සාදාගන්නා පිදුරු, වසුනක් ලෙසද, සත්ව ආහාරයක් ලෙසද, සැරසලි පිණිසද භාවිතා කල හැකිය. ප්‍රභාසංස්ලේෂණය සඳහා දිගු සිහින් පත්‍ර වලින් ධාන්‍ය බෝග සමන්විත වේ. ධාන්‍ය කරල් හට ගන්නා අවස්ථාව වන විට එක් පත්‍රයක් කරල ආරක්ෂා කරයි. එය කඩු පත්‍රය නම් වේ. මෙම පත්‍රය, ලපටි බෝගය පසෙන් ඉහලට පර්ව 3ක් දක්වා වැඩුනු පසුව හටගනියි. බෝගයට අවශ්‍ය කරන පෝෂණය සැපයීමේ කාර්යය තන්තුමය මූල පද්ධතියේ කාර්යයි. පසෙහි ඉතා ගැඹුරට වේගයෙන් වර්ධනය වන මූල පද්ධතිය බීජය රෝපණය වන අවධියේදී ප්‍රාථමික මූල මණ්ඩලයක් සාදා ගනිමින් බීජ රෝපණයට අවශ්‍ය පෝෂණය ලබා දෙයි. බෝගය තවදුරටත් වැඩීමත් සමඟ ද්විතීක මූල පද්ධතියක් හට ගනී. එමඟින් තවදුරටත් බෝගය වර්ධනයට පෝෂණය ලබා දෙයි.
කුරක්කන්, මෙනේරි, තනහාල්, කවුපි, කොල්ලූ, සෝයා, බඩ ඉරිගු, ඉදල් ඉරිගු, තිරිඟු, මුං යන මේවා ධාන්‍ය සඳහා උදාහරණ කිහිපයකි. ධාන්‍ය වල බොහෝ වශයෙන් කාබෝහයිඩ්‍රේට පිරී ඇති අතර ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ වලින් පිරුනු පෝෂ්‍යමය කොටස් බොහොමයකින් ද ඒවා සමන්විත වේ. තවද, ධාන්‍ය මේදය අඩු ආහාර වේ. වියලි ධාන්‍ය ලෙසින් මෙන්ම මේවා තවත් නොයෙක් ආකාර වලින් පරිබෝජනයට ගත හැකිය. සමපෝෂ වැනි, ධාන්‍ය වර්ග කිහිපයක් වුවද එක් කොට සකසන ආහාර ලෙසින්ද මේවා පරිබෝජනයට ගත හැකිය. මේ ධාන්‍ය වලින් නොයෙක් ආකාරයේ අතුරුපස වර්ග, රොටී, පිට්ටු, තලප වර්ග වැනි ආහාර වර්ග නිපදවිමද සිදුකල හැකිය.
පාන් පිටි වෙනුවට කුරක්කන්
කුරක්කන් හෙවත් කුරහං Poaceae කුලයට අයත් ධාන්‍ය වර්ගයකි. කුරක්කන් යනු ඉතියෝපියානු උස්බිම් නිජ බිම කරගනිමින් හටගත් ආසියානු රටවල මෙන්ම අප්‍රිකානු රටවල ධාන්‍යක් ලෙස වගා කරනු ලබන වාර්ෂික බෝගයකි. Eleusine coracana හෙවත් කුරක්කන් යනු සහල් වලට අමතරව ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධාන ආහාරයකි. කුරක්කන් භාවිත කරමින් පිට්ටු, රොටී, ඉඳි ආප්ප, තලප වැනි ආහාර සකසා ගනියි. වර්තමානය වන විට අනුරාධපුරය, මොණරාගල, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, නුවරඑලිය, බදුල්ල හා යාපනය යන ප්‍රදේශ වල කුරක්කන් වගාව අති සාර්ථකව ව්‍යාප්තව ඇත. කුරක්කන් බීජ දිගු කාලයක් ගබඩා කර තබා ගත හැකිය. කුරක්කන් යනු ඉතා පෝෂණීය ධාන්‍ය විශේෂයකි. මෙය කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන් වලට අමතරව කැල්සියම්, යකඩ, මැග්නිසියම්, මැන්ගනීස්, විටමින් බී හා බොහෝ ඛනිජ බහුල ආහාරයකි. කුරක්කන් ග්‍රෑම් 100ක කැලරි 341.6ක් පමණ අඩංගු වේ.
කුරක්කන් සෞඛ්‍යයට වඩාත් හිතකර ධාන්‍ය විශේෂයක් වන අතර ශරීරය සන්සුන් කරයි. මෙහි ඇති මැග්නිසියම් හදවතේ ක්‍රියාකාරිත්වයට හා හෘද සෞඛ්‍යයට වැදගත් වේ. තවද, ඇදුම රෝගය, ඉරුවාරදය වැනි රෝග වලින් පෙලෙන්නන්ට මෙය හිතකර ආහාරයකි. කුරක්කන් වල ඇති ස්වභාවික රසායනික ද්‍රව්‍ය තයිරොයිඩ ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරයි. එම නිසා තයිරොක්සින් ශ්‍රාවය අඩු විම හේතුවෙන් තයිරොයිඩ ග්‍රන්ථියේ ඉදිමුමක් ඇති රෝගීන්ට කුරක්කන් එතරම් හිතකර ආහාරයක් නොවේ. කුරක්කන් වල ඇති තන්තු බහුල ස්වභාවය නිසා ඒවා පියයුරු පිළිකා වලට එරෙහිව ක්‍රියා කරයි. තවද කුරක්කන් ග්ලූටන් රහිත ආහාරයක් නිසා, ග්ලූටන් අහිතකර රෝගින්ට පවා සුදුසු වේ. කුරක්කන් පිත්තාශයේ ගල් ඇති විමට එරෙහිව ක්‍රියා කරයි. අධික ස්ථූලතාවයෙන් පෙලෙන්නන්ට බර අඩු කර ගැනිමට මෙම ආහාරය උපකාරී වේ. ග්ලූටන් රහිත නිසා කුඩා දරුවන්ට පහසුවෙන් ජීරණය කල හැකිය.
වගාව
කුරක්කන් වගාව ප්‍රතිකූල පාංශු හා කාලගුණික වගා තත්ව යටතේ සිදුකල හැකිය. වර්ෂාවත් සමග ලැබෙන ජලය ප්‍රමාණවත් වේ. කුරක්කන් වගාව ලෝකයේ නිවර්තන කලාපයේ රට වලට වඩාත් සුදුසු වනුයේ මෙම බෝගය පලිබෝධ රෝග වලට ප්‍රතිරෝධී වන නිසාත්, කෙටි වගා කාලයක් ඇති නිසාත් සහ නියං තත්ව යටතේ වුවද වගා කර ඉහල අස්වැන්නක් ලබා ගත හැකි නිසාවෙන්ය. කුරක්කන් වගා කරන වගා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනුයේ එලවලූ සහ අනෙක් බෝග සඳහා වැඩි අවධානයක් යොමුවීම හේතුවෙනි. නමුත් මේ වන විට වැඩි අස්වැන්නක් ලබා දෙන කුරක්කන් වල නව ප්‍රභේද හදුන්වා දීමත් සමඟ නැවතත් වැඩි වශයෙන් කුරක්කන් වගා කිරීම ආරම්භ වි ඇත. අතීතයේ පටන් කුරක්කන්, බෝග මාරු ක්‍රමයට වගා කිරීම සිරිතකි.
නිර්දේශිත ප්‍රභේද
– රාවණා
– ඕෂධ
කාලගුණික තත්ව
ශ්‍රී ලංකාවේ වර්ෂා පෝෂිතව වියලි කලාපීය හා අතරමැදි කලාපීය උස් බිම් වල හොඳින් වැඩේ. මුහුදු මට්ටමේ සිට අඩි 2000 ඉහලින්, උෂ්ණත්ව පරාසය සෙල්සියස් 18-27 අතර හොඳින් වැඩෙයි. කුරක්කන් යනු සෙල්සියස් 36ක් පමණ උෂ්ණත්වයක් දක්වා දැරිය හැකි බෝගයකි. වසරකට වර්ෂාපතනය 500 mm තරම් බෝග වර්ධනයට ප්‍රමාණවත් වේ. යල කන්නයේදී පහත් බිම් කුඹුරු වලද ජලය එක් රැස් විම වැලැක්වුවහොත් වගා කල හැකිය. ජලය හොඳින් බැසයන ලෝම පසක් වඩාත් සුදුසු වේ. පසෙහි pH අගය මධ්‍යස්ථ ආම්ලික හෝ මධ්‍යස්ථ භාෂ්මික වීම සුදුසුය. වැලිමය රෙගසෝල් පස, රතු දුඹුරු පස, කැල්සිකැ රතු කහ ලැටසෝල් පස් වල හොඳින් වර්ධනය වේ.
බිම් සැකසීම
අලූතින් සැකසූ හේන් වගාව මහ කන්නයේ සිදු කල හැකිය. එහිදී බිම් සැකසීම සිදු නොකරයි. වඩාත් හොඳ වගාවක් හොඳින් බිම් සැකසූ පසක දැක ගත හැකිය. බිම් සැකසීම සඳහා උදැල්ලක් හෝ තැටි නගුලක් වඩාත් සුදුසු වේ. උස් බිම් වල පස තෙත් කල යුතුය. ජලය රැදීම වැලැක්වීමට උස් පාත්ති සකස් කල හැකිය. යල කන්නයේදි පාත්ති බේසම් ආකාරයට සකස් කරයි.
පැළ සිටුවීම
බීජ ඉසීම කුරක්කන් වගාව තුල වඩාත් ප්‍රචලිත ක්‍රමයයි. නමුත් පේලියට බීජ සිටුවීමද කල හැකිය. එමගින් වල් පැළෑටි පාලනය කල හැකිය. පැළ දෙකක් අතර පරතරය 10-15 cm අතර තිබිය යුතුය. මහ කන්නයේ වැසි ලැබීමත් සමගම බිම් සැකසීම කල හැකි අතරම පැළ සිටුවීම හෝ බීජ ඉසීම ඔක්තෝබර් මස අවසන් වනවාත් සමග කල හැකිය. යල කන්නයේ බිම් සැකසීම මාර්තු මස දෙවන සතියේ සිදු කර පැළ සිටුවීම හෝ බීජ ඉසීම අප්‍රේල් මස පලමු සතියේ සිදු කල හැකිය.
පොහොර යෙදීම
භූමියේ පැළ සිටුවීම හෝ බීජ ඉසීම කරන අවස්ථාවේදී කාබනික පොහොර යෙදිය හැකිය. පැළ සිටවීමෙන් සති 4-5කට පසු ගොම පොහොර, කුකුල් පොහොර හෝ එලු පොහොර වැනි ස්වාභාවික පොහොර නැවතත් යෙදිය යුතුයි. ජලය සැපයීම භූමියේ පැළ සිටුවීම හෝ බීජ ඉසීමෙන් පසු දිනකට වරක් බැගින් දින 4-5ක් යන තුරු කල යුතු වේ. වල් පැළෑටි හා පලිබෝධ පාලනයද කල යුතුයි. මේ සඳහා ස්වභාවික පලිබෝධනාශක යෙදිය හැකිය. සුදුලූණු, රතුලූණු පොතු ආදිය හොදින් අඹරා ගන්නා ලද යුෂ පැල වලට ඉසීම මගින් පලිබෝධ හානි වළක්වාගත හැකිය. ඒ සඳහා වගාව කෙරෙහි මනා අවබෝධයක් සහ නිරන්තර අධික්ෂණය වැදගත් වේ.
අස්වනු නෙලීම
වගාවේ කරල් දුඹුරු පැහැයට හැරුනු පසුව අස්වනු නෙලිය හැකිය. කරලෙන් ධාන්‍ය වෙන්කර ගැනීමෙන් පසුව වියලා අනතුරුව ඉදිරි නිෂ්පාදන සඳහා භාවිතා කල හැකිය. කුරක්කන් පිටි දැනට වෙළදපොලේ මිලදීගැනීමට ඇති අතර මෙම පිටි මගින් ඔබට කැමති ලෙස රොටී, පිට්ටු, තලප ආදී ආහාර හෝ කැද වර්ග ද සකසාගත හැකිය.
අපට අමතක වී යන මෙනේරි
ශ්‍රී ලංකාවේ තවත් එක් ධාන්‍ය බෝගයකි මේනේරි. ඈත අතීතයේ පටන්ම ලාංකික ජන සමාජය අතර ප්‍රචලිත මෙම ධාන්‍ය බෝගය උපත ලබන්නේ චීනය, ඉන්දියාව හා නැගෙනහිර ආසියානු රටවල් වලය. ලෝකයේ වගා කෙරුනු පැරණිම බෝග අතරින් එකක් වන මෙම බෝගයට ඉතා දිගු ඉතිහාසයක් ඇත. වියලි කලාපීය ප්‍රදේශ වල ඉතා සරුවට වැඩෙන මෙම බෝගය ඒකක භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ධාන්‍ය බෝගයකි. මෙනේරි Poaceae කුලයටම අයත් වේ. තවද මෙම බෝගය කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් ලබා දෙයි. මෙය ඒක වාර්ෂික බෝගයකි. ඉතා අඩු ජල ප්‍රමාණයක් යොදා ගෙන වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.
මේනේරි බීජ, කහ, ක්‍රීම්, තැඹිලි-රතු හෝ දුඹුරු පැහැයෙන් යුක්ත වේ. තවද මේවා ඉතා කුඩා බීජ වේ. මේනේරි බීජ වල කාබෝහයිඩ්‍රේට 70%, මේදය 4% සහ ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් (10-12%) හා ඇමයිනෝ අම්ල අඩංගු වේ. මෙය ග්ලූටන් රහිත ආහාරයක් වන නිසා දියවැඩියාව වැනි රෝග වලින් පෙලෙන අයට වඩාත් සුදුසු ය. තිරිගු පිටි සඳහා අගනා ආදේශකයකි. මෙනේරි වල ඔලෙයක් අම්ලය, ලිනොලිනික් අම්ලය, ස්ටියරික් අම්ලය හා අත්‍යවශ්‍ය ඛනිජ ලවණ වන පොස්පරස්, මැග්නිසියම්, මැන්ගනීස් හා කැල්සියම් වැනි දෑ අඩංගු ය. තවද විටමින් බී වර්ග ද අඩංගුය. මේනේරි වල අඩංගු පයිටික් අම්ලය මගින් රුධිරයේ කොලොස්ට්‍රෝල් මට්ටම පහල හෙලයි. පයිටේට් අම්ලය මගින් පිළිකා අවධානම අඩු කරයි. තවද සර්ප විෂ සඳහාද සුදුසු බව ආයුර්වේද පොත් වල සඳහන් වේ. හෘද රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, පියයුරු පිළිකා, පිත්තාශ ගල් වැනි රෝග වලින් මිදීමට සුදුසු ය.
මේනේරි බීජ ප්‍රමාණය අනුව වර්ග දෙකකි. ඉතා කුඩා මේනේරි බීජ සහිත වර්ගය අස්වනු නෙලිම සඳහා ඒකක වගාවක බීජ, පරිනතියට පත් වන කාලය බොහෝ සෙයින් වෙනස් වෙයි. එක සමාන කාලයකදී බීජ පරිනත නොවන නිසා බොහෝ සෙයින් මෙම වර්ගයේ බීජ වලින් ලැබෙන අස්වැන්න වියලීම නිසා හැලි යයි. එම නිසා අස්වැන්න සාපේක්ෂව අඩු අගයක් ගනියි. ප්‍රමාණයෙන් තරමක් විශාල බීජ එක සමාන කාලයකදී පරිනත වන නිසා අස්වනු හානි විම අඩු වේ. එබැවින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය. වගා කිරීමට වඩාත් සුදුසු වනුයේ යල කන්නයේ වැසි ලැබීමත් සමගයි.
නිර්දේශිත ප්‍රභේද
– MS 1491
– AC 254
– V 62
කාලගුණික තත්ව
බෝගයේ ඉහල වර්ධන වේගයක් ලබා ගැනීම සඳහා තරමක් ගැඹුරු ලෝම පසක් සහිත සරු කාබනික ද්‍රව්‍ය බහුල පසක් වීම වඩාත් වැදගත් වේ. බීජ සිටුවීමෙන් පසු වර්ධනය සඳහා මනා ජල සැපයීමක් අවශ්‍යය වේ. එම නිසා වැසි ලැබීමත් සමඟම බීජ සිටුවීමෙන් පසෙහි තෙතමනය පහව යන්නට පෙර අස්වැන්න ලබා ගත හැකිය. පැළ දෙකක් අතර පරතරය සෙන්ටිමීටර (7- 10) පමණ තිබීම වැදගත් වේ. හෙක්ටයාර එකක් සඳහා බීජ කිලෝග්‍රෑම් 5-6 පමණ අවශ්‍ය වේ.
වගා කාලය
මහ කන්නයේ වර්ෂා පෝෂිතව මේනේරි වගා කල හැකිය. එනම් සැප්තැම්බර් මස අග බාගයේදී හෝ ඔක්තෝබර් මස පළමු සතියේ පමණ වගාව ආරම්භ කල හැකිය. යල කන්නයේ අප්‍රේල් මස අග බාගයේ ලැබෙන වර්ෂාවත් සමඟ වගාව ආරම්භ කල හැකිය. නිසි කාලයේදි වගා කිරීමෙන් පලිබෝධ හානිය අවම කර ගත හැකිය.
පොහොර යෙදීම
ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදී ආබනික පොහොර වර්ග යෙදීම තුළින් මෙම භෝගය ඉතා හොදින් වගා කරගත හැකිය. වල් පැල පාලනය, අතින් උදුරා දැමිම මගින් හෝ සුදුසු පරිසර හිතකාමි දියරයක් යෙදීමෙන් සිදු කළ හැකිය. පලිබෝධ හානි පාලනය සඳහා කොහොඹ බීජ දියර ආදිය යොදාගත හැකිය. වියලි කාලයේදී දින 4-7 ක් එක දිගට ජලය යෙදීම අත්‍යවශ්‍ය වේ.
අස්වනු නෙලීම
බීජ සිටුවා මාස තුනකින් පසු අස්වනු ලබා ගත හැකියාව ඇත. නිසි කලට අස්වනු නෙලීමෙන් පසු ඒවා වියලා තෙතමනය අඩු කර ගත යුතුය. හිරු එළිය ආධාරයෙන් වියලීම සුදුසු වේ.
මෙනේරි භාවිතය මගින් එදිනෙදා ආහාර වර්ග පෝෂ්‍යදායි ආකාරයෙන් පිළියෙළ කරගත හැකි අතර සියලුම දෙනාගේ නීරෝගි බව ද සුරැකිය හැකිය.
ඖෂධීය ගුණ පිරි තණ හාල්
ඉතා ඈත ඉතිහාසයකට උරුම කම් කියන තවත් ධාන්‍ය බෝගයකි මේ තණහාල්. Setaria italica තණහාල් වල උද්භිත විද්‍යාත්මක නාමයයි. ඉන්දියාව, ඊජිප්තුව හා චීනය යන රටවල් නිජබිම් කරගෙන ඇති මෙම බෝගය දකුණු ඉන්දියාව වැනි රටවල ප්‍රධාන ආහාරයක් වේ. වාර්ෂික ශාකයක් වන මෙය C4 ශාක වර්ග යටතට අයත් වේ. තරමක් වැඩි උෂ්ණත්ව කලාප වල තණහාල් හොඳින් වර්ධනය වේ. තණහාල් වගාව පුලූන් වගාව සමඟ අතුරු බෝග වගාවක් ලෙස කරගෙන යා හැකිය. තණහාල්, බෝග මාරු ක්‍රමයට වගා කිරීමේදි රනිල කුලයේ බෝග වැවීමෙන් පසු සිදු කිරීම වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ මෙම බෝගය හොඳින් වර්ධනය වේ. තෘණ ගණයට අයත් මෙම ශාකයේ කඳ සිහින් වන අතර සෙන්ටි මීටර 120-200 පමණ උසකට සිරස්ව වැඩෙයි. ඉතා කුඩා බීජ මිලිමීටර් 2 තරම් විෂ්කම්භයකින් යුක්ත ය. බීජ තුනී පොත්තකින් වටවි ඇති අතර විවිධ වර්ග අනුව පැහැය වෙනස් වේ. මූල පද්ධතිය ගැඹුරට වැඩෙන එකකි. පත්‍ර තද නොළ පැහැති ය. මැද නාරටියක් සහිත දිගු පත්‍ර වේ. පුෂ්පය තරමක් විශාල වේ. එක් පුෂ්ප මන්ජරියක තණහාල් බීජ විශාල ප්‍රමාණයක් ඇත.
පොරි වර්ග, පාන්, රොටි වැනි ආහාර සහ බත් ලෙස පිළියෙල කිරීමෙන්ද තණ හාල් පරිබෝජනයට ගත හැකිය. රුසියාව වැනි රටවල විවිධ බීම නිපදවීමද සිදුකරයි. තවද සත්ව ආහාරයක් ලෙසටද භාවිතා කල හැකිය. පාංශු ඛාදනය පිලියමක් ලෙසටද මෙම තණ හාල් වගා කරයි.
කාලගුණික තත්ව
මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ඉහලින් පමණ වගා කිරීම සුදුසු අතර මිලිමීටර් 500-700 තරම් වර්ෂාපතනයක් ප්‍රමාණවත් වේ. උෂ්ණත්ව පරාසය සෙල්සියස් 20-30 අතරේදී උපරිම වර්ධනයක් දැක ගත හැකිය. ආලෝකය කෙරෙහි එතරම් සංවේදී බවක් නොදක්වයි. වැලිමය ලෝම සහිත පසක් හෝ මැටිමය ලෝම සහිත පසක් වඩා සුදුසුය. කෙසේ නමුත් පස, ජලය රඳා නොපවතින පසක් විය යුතුය. මෙම බීජ වලට වැඩි මැටි සහිත පසක වර්ධනය විය නොහැකිය.
පෝෂණ ගුණය
තණ හාල් ග්‍රෑම් 100 ක, කැලරි 332 ක ශක්ති ප්‍රමාණයක් ද, ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්‍රේට, තන්තු හා බනිජ ලවණ ද අඩංගු වේ. කිරිබත් ආකාරයෙන් ද මෙම සහල් පිලියෙළ කරගත හැකි අතර එහි පෝෂණ ගුණය ඉතා ඉහළ වේ. මෙම සහල් වර්ගයෙන් සකසන ආහාර දිරවීමේ හැකියාව ඉතා ඉහළ ය. මෙම සහලින් පිලියෙළ කරගත් කැද වර්ග මගින් සර්ප විෂ රෝගීන් සුවපත් කිරීමට ද හැකියාව තිබෙන බව පොත් පත්වල සදහන් ය. ශරීරයේ ඇතිවන වැටීම්, තැලීම් ආදියේදී සිදුවන ලේ කැටි ගැසීම් වලට ද මෙම තණ්හාල් මගින් සුවය ලබාදිය හැකිය. මව් කිරි නොමැති ළදරුවන් සදහා කිරිපිටි වෙනුවට ලබාදිය හැකි ඉතා ගුණදායි කැද වර්ගයක් ලෙස තණ හාල් කැද දැක්විය හැකිය. ආයුර්වේදයේ සදහන් වන තුන් දොස් සමනය කිරීමට ද මෙම තණහාල් වලට හැකියාව තිබේ. තව ද, අස්ථි බිදීමකදී නැවත අස්ථි පෑහීමට ද මෙම සහල් වර්ගය යොදා ගනියි.
බිම් සැකසීම
පලමුව පස පෙරලා පසුව හොඳින් කැට පොඩි කරන ලද සියුම් මතුපිටක් සහිත පොලොවක් බිම් සැකසීමට සෑදිය යුතු වේ. එසේම ජලය හොඳින් ගලා යෑමට සැලැස්විය යුතුය.
වගා කාලය
මහ කන්නයේ වර්ෂා පෝෂිතව හා අවශ්‍ය වූ විට ජල සම්පාදනයෙන් ජලය සැපයීමත් සමඟ වගාව ආරම්භ කල යුතුයි. නියං කාල වලදී බාහිරින් ජලය සැපයිය යුතුවේ. බිම් සැකසීමෙන් පසු මහ කන්න වර්ෂාවත් සමඟ එනම් සැප්තැම්බර් මස අවසන් කාලයේ හෝ ඔක්තෝබර් මස පළමු සතියේ පමණ වගාව ආරම්භ කල යුතුයි. යල කන්නයේ වැසි ලැබිමත් සමඟ එනම් අප්‍රේල් මස අවසන් භාගයේ වගාව ආරම්භ කල යුතුයි. නිසි කාලයේදි වගා කිරීමෙන් පලිබෝධ හානිය අවම කර ගත හැකිය. පැල අතර නිසි පරතරයක් පවත්වා ගැනීමද වැදගත් ය. පරතරය සෙන්ටි මීටර 30∙30 විය යුතුයි.
පොහොර යෙදීම
කාබනික පොහොර යොදා වගා කිරීම මගින් ගුණදායි ඉහළ අස්වැන්නක් ලබාගත හැකිය. කොම්පෝස්ට් පොහොර, මතුපිට පස සහ වැලි නියමිත අනුපාත වලින් යෙදීම මගින් ඉතා හොදින් පැළ වගා කරගත හැකිය. බෝග වර්ධනය සඳහා කුකුල් පොහොර, ගොම පොහොර සහ කොළ පොහොර යෙදීම ද සුදුසු වේ.
අස්වනු නෙලීම
දින 56-62 පමණ වන විට මල් පිපීම ආරම්භ වේ. පසෙහි තෙතමනය වියලී යාමට පෙර අස්වනු නෙලිය යුතුය. අතින් නෙලීම සිදු කල හැක . පසුව හිරු එලියේ හොඳින් වියලා ගත යුතුය.
තණ හාල් දැනට වෙළදපොළෙන් මිලදීගත හැකි අතර මෙම සහල් පරිභෝජනය තුලින් ඔබටත් පවුලේ අයටත් නීරෝගි දිවියක් ගත කිරීමට අවකාශ ලැබේ.
සහල් වලට දෙවෙනි ඉරිඟු
සහල් වලට පසුව වැඩිම භූමි ප්‍රමාණයක් වගා කරන ධාන්‍ය බෝගය ඉරිඟු වේ. වසර 10000කට පමණ පෙර දකුණු මෙක්සිකානු රටවල් කේන්ද්‍ර කරගෙන උපත ලැබූූ ඉරිඟු ශාකය මේ වන විට ලෝකය පුරාම ප්‍රචලිත වේ. ශ්‍රී ලාංකාවේ ඉරිඟු වගා කලද, ඉරිඟු වලට ඇති ඉල්ලුමට සරිලන ලෙස සැපයුමක් ලබා දීමට තරම් එය ප්‍රමාණවත් නොවේ. එබැවින් වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව ඇත. ත්‍රිපෝෂ වැනි ආහාර නිපදවීමේදී වැඩි වශයෙන් ඉරිඟු භාවිතයට ගැනේ. තවද, ඉරිඟු නිෂ්පාදන වන ඉරිඟු පිටි, ඉරිඟු තෙල් හා තවත් බොහෝ දෑ මෙරටට ආනයනය කරනු ලබයි. නමුත් මෙරට දැනට තිබෙන දේශීය ඉරිගු නිෂ්පාදන සම්බන්ධයෙන් ඔබේ අවධානය නිසි ලෙස යෙදුවහොත්, ඉරිගු කර්මාන්තය අනිවාරයෙන් දියුණු කළ හැකි වේ. ලෝකයේ රටවල් බොහෝමයක ඉරිඟු ප්‍රධාන ආහාරය බව පත් වී ඇත. ඉරිඟු බොහෝ සෙයින් භාවිත වනුයේ එතනෝල් ආශ්‍රිත නිෂ්පාදන , සත්ත්ව ආහාර සහ අනෙකුත් ඉරිඟු නිෂ්පාදන වර්ග සඳහාය. සමහර ඉරිඟු ප්‍රභේද වල ස්වභාවිකවම පැණි රසක් දැක ගත හැකිය.
ඉරිගු ධාන්‍ය වර්ගය යටතට බඩ ඉරිගු, ඉදල් ඉරිගු වැනි ඉරිගු වර්ග සියල්ලම අයත් වේ. මේවායේ පත්‍ර වලින්ම සෑදුනු කඳක් සහිත ඉරිඟු ශාකය උසින් මීටර් 3ක් පමණ වේ. සමහරක් වර්ග මීටර් 13 පමණ උසකට වැඩෙයි. ශාකයේ කඳෙහි සාමාන්‍යයෙන් පුරුක් 20ක් පමණ දක්නට ලැබේ. එක් පර්වයකින් එක් පත්‍රයක් බැගින් හට ගනී. පත්‍රයක දිග සාමාන්‍යයෙන් සෙන්ටි මීටර 120 පමණ වන අතර පළල සෙන්ටි මීටර 9 ක් පමණ වේ. කරල හට ගන්නේ පත්‍ර කිහිපයක් හට ගත් පසු, පත්‍ර හා ශාක කඳ අතරයි. කරල සෙන්ටිමීටර 18 පමණ දිගකට වර්ධනය වේ. පුෂ්ප මංජරියේ ගැහැණු පුෂ්පය පත්‍ර කිහිපයකින් වැසී ආරක්ෂාකාරීව ඇත.
පෝෂණ ගුණය
ඉරිගු ග්‍රෑම් 100 ක කැලරි 359ක පමණ ශක්තියක් අඩංගු වේ. තවද, ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඞ්රේට, තන්තු හා බනිජ ලවණ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. ඊට අමතරව සල්ෆර්, පොස්පරස්, පොටෑසියම්, ක්ලෝරීන්, මැග්නීසියම්, සෝඩියම්, යකඩ, කැල්සියම් සහ වෙනත් ලවණ වර්ග හා විටමින් වර්ග ද ඉරිගු වල අඩංගුය. ධාන්‍ය ලෙස භාවිතයට අමතරව සුප්, එලවලු මිශ්‍රණ ආදී ලෙසින් ඉරිගු භාවිත කල හැකිය. මෙම ඉරිගු වර්ග අහාරයට ගැනීම තුලින් පිළිකා සහ හදවත් රෝග අවදානම අවම කරයි. මෙවැනි ඉරිගු නිෂ්පාදන භාවිතය තුලින් රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන අතර ක්ෂයරෝගය, අධික රුධිර පීඩනය වැනි අහිතකර තත්ව පාලනය කරයි. මීට අමතරව කුඩා දරුවන්ගේ වර්ධනයට ද මෙම ඉරිගු නිෂ්පාදන භාවිතය තුලින් හැකියාව ලැබේ.
නිර්දේශිත ප්‍රභේද
– භද්‍රා
– රුවන්
– අරුණ
– මුතු
කාලගුණික තත්ව
ගැඹුරු, ලෝම, සරු පසක් හා කාබනික ද්‍රව්‍ය බහුල පසක මනා වර්ධනයක් දැක ගත හැකිය. ජලය හොඳින් බැස යන මනා තෙතමනයක් සහිත පසක් විය යුතුය. නිසි කාලයට එනම් වර්ෂාව ලැබිමත් සමඟ වගාව ආරම්භ කිරීමෙන් පසෙහි තෙතමනය වියැකී යන්නට පෙර අස්වනු ලබා ගත හැකිය. මෙම ඉරිඟු බෝගයද අනෙකුත් බෝග සමඟම වගා කල හැකි අතර ඉහල අස්වැන්නක්ද ලබා ගත හැකිය.
බිම් සැකසීම
ඉරිගු සිටුවීමේදී, ඇලි සහ වැටි ක්‍රමයට බිම් සැකසීම කල යුතුවේ. පොලොවේ වැටි සැකසීම ඉරිඟු පැළැටියේ සිට සෙන්ටි මීටර 60ක් පමණ දුරින් සිදු කල යුතුය. වැසි කාලයට ජලය රඳා නොපවතින පරිදි ඇලි වල බීජ සිටුවිය යුතුය. අමතර ජලය නොරැදෙන සේ කාණු කැපිය යුතුය. පැල අතර පරතරය සෙන්ටි මීටර 60∙60 හෝ සෙනටි මීටර 30∙60 අතර පවත්වා ගත යුතුය. එක් වලකට බීජ දෙක බැගින් වන සේ සිටුවයි.
වගා කාලය
මහ කන්නයේ වර්ෂා පෝෂිතව හා අවශ්‍ය වූ විට ජල සම්පාදනයෙන් ජලය සැපයීමත් සමඟ වගාව ආරම්භ කල යුතුයි. නියං කාල වලදී බාහිරින් ජලය සැපයිය යුතුවේ. බිම් සැකසීමෙන් පසු මහ කන්න වර්ෂාවත් සමඟ එනම් සැප්තැම්බර් මස අවසන් කාලයේ හෝ ඔක්තෝබර් මස පළමු සතියේ පමණ වගාව ආරම්භ කල යුතුයි. යල කන්නයේ වැසි ලැබිමත් සමඟ එනම් අප්‍රේල් මස අවසන් බාගයේ වගාව ආරම්භ කල යුතුයි. නිසි කාලයේදි වගා කිරීමෙන් පලිබෝධ හානිය අවම කර ගත හැකිය.
අස්වනු නෙලීම
අස්වනු නෙලීම මාස 3ක් පමණ වන විට සිදු කල හැකිය. අස්වැන්න නෙලා ගත යුත්තේ , ධාන්‍ය වල තෙතමනය තරමක් අඩු වූ විට හා නියමිත පරිනතියට පත් වූ විටයි. පසුව ඉරිඟු වල තෙතමනය වියලීමෙන් අඩු කර ගන්නා අතර එය ඉදිරි නිෂ්පාදන සඳහා හිතකර තත්වයක් විය යුතුය.
රසයෙන්, ගුණයෙන් සපිරි ඉරිගු පිටි භාවිතයට ඔබත් අදම පුරුදුවන්න. නීරෝගී හා ශක්තිමත් දේශයක් වෙනුවෙන් මෙම වෙනස ඉතා යෝග්‍ය වනු ඇත.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන කව්පි
රනිල බෝග කුලයට අයත් Vigna ungiculata යන උද්භිත විද්‍යාත්මක නාමය සහිත කව්පි ශ්‍රීලංකාවට වඩාත් වැදගත් ධාන්‍ය බෝගයකි. මෙම බෝගය ඉතාම වටිනා ප්‍රෝටීන් ප්‍රභවයකි. මෙම බෝගය ඉතා හොඳින් වියලි කලාපයට අනුවර්තනය වන ශාකයකි. වාර්ෂික ශාකයක් වන මෙම ශාකය, වැලිමය පසෙහි හොඳින් වර්ධනය වන නිසාවෙන් අප්‍රිකාව හා ආසියාව වැනි රටවල සාර්ථකව වැඩෙන බෝගයකි. මෙම කව්පි බෝගයේ ඇති විශේෂත්වය නම් වායුගෝලීය නයිට්‍රජන් වායුව මූල පද්ධතියේ ඇති මූල ගැටිති තුලින් තිර කර ගැනීමේ හැකියාවයි. එම හේතුව නිසා බෝගයට යෙදිය යුතු නයිට්‍රජන් අඩංගු පොහොර ප්‍රමාණය අඩු වේ. බෝග මාරුව සඳහා වඩාත් සුදුසු බෝගයකි. තවද සියලුම කොටස් සත්ත්ව ආහාර ලෙස භාවිත කල හැකිය.
ස්ව පරාගනය වන කව්පි බෝගයේ ප්‍රභේද බොහෝමයක් ඇති අතර ඉන් එකිනෙක වැඩීමට අවශ්‍ය තත්වයන් වෙනස් වේ. කෙටි ශාකයක් ලෙස, වැලක් ලෙස හා පදුරු ලෙස වර්ධනය වන බෝගයකි. මූල පද්ධතියේ මුදුන් මුල මීටර් 2.4 පමණ ගැඹුරකට සති 8කින් පමණ වර්ධනය වේ. පත්‍ර විවිධ හැඩයෙන් සහා විවිධ ප්‍රමාණයෙන් දක්නට ඇත. තවද කව්පි වලටම ආවේණික සෙන්ටි මීටර 20-50 පමණ දිගකින් යුක්ත නටුවකි. එක් නටුවකින් කව්පි කරල් 4ක් හෝ වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වේ. දම්, රෝස කහ සුදු හා නිල් පැහැති විවිද පැහැයන්ගෙන් පුෂ්ප දක්නට ලැබේ. බීජ සිටුවා දින 45ක් පමණ වන විට මල් පිපීම ආරම්භ වේ. කරලක දිග සෙන්ටි මීටර 10-110 පමණ වේ. එක් කරලක බීජ 13ක් පමණ ඇත. බීජ වල පැහැය සුදු, ක්‍රීම්, කොළ, දුඹුරු හා කලු පැහැ සහ විවිධ සංයේජනයන්ගෙන් දක්නට ලැබේ. බීජ පරිණත වන විට ගෝලාකාර ස්වරූපයක් ගනී. තවද කරල් වල පරිණතයත් සමඟ තන්තු ප්‍රමාණය වැඩි වේ.
හම්බන්තොට, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, හලාවත, අම්පාර, පොළොන්නරුව වැනි ප්‍රදේශ වල ඉතා සාර්ථකව වැඩෙන බෝගයකි.
නිර්දේශිත ප්‍රභේද
– MI 35
– විජය
– වරුණි
– ධවල
– බොම්බෙ
පෝෂණ ගුණය
කව්පි යනු බොහෝ පෝෂණ ගුණයන්ගෙන් යුතු ධාන්‍ය වර්ගයකි. මේදය, කාබෝහයිඩ්‍රේට, විටමින්, ඛනිජ සහ යකඩ බොහෝ ප්‍රමාණයක් අඩංගුය. කව්පි ආහාරයට ගැනීම මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කරන අතර ප්‍රදාහ තත්වයන් ද වලකයි. සමේ ඇතිවිය හැකි කැසීම් හා වෙනත් චර්ම රෝග වලින් ඔබව රැකගනියි. කව්පි මගින් කෑම රුචිය වැඩි කරවන අතර බඩේ දැවිල්ල ද, පපුවේ වේදනාවන් ද සමනය කරයි. ස්ත්‍රීන්ගේ මාසික ඔසප් වේදනාවන් සමනය කරයි. මූත්‍රා පිට කිරීමේදී ඇතිවන වේදනා සමනය කරන අතර සර්ප විස නැසීමට ද ඉවහල් වේ. කව්පි ආහාරයට ගැනීම මගින් මතක ශක්තිය වැඩි කරයි. සන්ධි වේදනා ද අවම කරයි. ශරීරයේ අනවශ්‍ය මේද තැන්පත් වීම වලකාලන අතර ලේ වඩවයි. කුඩා ළමුන්ට ඇතිවිය හැකි මන්දපෝෂණ තත්ව වළක්වාලීමට මෙම කව්පි බොහෝ ඉවහල් වේ. ව්‍යංජනයක් ආකාරයෙන් හෝ වෙනත් ආකාර වලින් ආහාරයට ගත හැකි අතර මෙම ධාන්‍ය පිටි අඩංගු නිෂ්පාදන ද ඔබට වෙළදපොලෙන් මිලදී ගත හැකිය. ලෙඩ රෝග බොහෝමයකින් ඔබවත්, ඔබේ දරුවාත් අරක්ෂා කිරීමට කව්පි ඉවහල් වේ.
කාලගුණික තත්ව
කව්පි බෝගය විවිද පාංශු තත්ව වල දී වගා කල හැකිය. පසේ pH අගය 4.5-8.0 දක්වා විය යුතුය. කව්පි බෝගය ජලය රඳා පැවතීමට වඩාත් සංවේදී බෝගයකි. සුදුසුම උෂ්ණත්ව පරාසය සෙල්සියස් 20-30 අතර වේ.
බිම් සැකසීම
පස පෙරලීමෙන් පසුව පරිසර තත්වයනිට උචිත පරිදි පාත්ති සකස් කර ගැනීමෙන් පසුව බීජ සිටුවිය හැක. හෙක්ටෙයාරයට බීජ කිලෝග්‍රෑම් 35-40 ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඇලි සහ වැටි ක්‍රමයට බිම් සැකසීම සිදු කල හැකිය. පසෙහි නිසි තෙතමන තත්වයක් ඇති අවස්ථාවේදී බීජ සිටුවිය යුතුයි.
පොහොර යෙදීම
කාබනිකව වගා කළ හැකිය. ජල සම්පාදනය නිරතුරුවම සිදු කල යුතුයි. පළමු සති 3 දින 4ක් එක දිගටම ජලය යෙදිය යුත වේ. කව්පි බෝගය හොඳින් වැඩෙනවාත් සමගම ජලය යෙදීම නැවත්විය යුතු අතර බෝගයේ කප්පාදුවක් සිදු කල යුතුයි. එනම් ළග ළග ඇති පැළ ගලවා දැමීමයි.
අස්වනු නෙලීම
කව්පි බීජ වල තෙතමනය අවම වූ විට අස්වනු නෙලීම කල හැකිය. බෝගය වියලී යාමෙන් එම තත්වය හදුනාගත හැකිය. යන්ත්‍රානුසාරයෙන් හෝ අතින් අසවැන්න නෙලා ගත හැකිය. පසුව වියලා වෙලඳපොළ වෙත අස්වැන්න සකස් කල ගත යුතුය.
ශරීරයට ගුණදායි
ආයුර්වේද විද්‍යාවේ ඉතා ප්‍රචලිත ධාන්‍ය වර්ගයක් ලෙස කොල්ලූ හැදින්විය හැකිය. Macrotyloma uniflorum මෙහි උද්භිිත විද්‍යාතමක් නාමයයි. හින්දි භාෂාවෙන් කුල්ති ලෙස හදුන්වයි. ආහාර කලාවේ මෙම ධාන්‍ය වර්ගය එතරම් ප්‍රචලිත නොවුනද වෙද හෙද කම් වලදී මෙය නිරතුරුවම භාවිතයට ගනී. අශ්වයන්ගේ ආහාරයක් වන මෙම ධාන්‍ය මිනිස් පරබෝජනය පිණිසද යොදා ගැනේ. ඉන්දයාවේ තමිල්නාඩු, බෙන්ගාල වැනි ප්‍රදේශ වල බහුල වශයෙන්ද ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ වලද බහුලවම වගා කෙරේ. සම්පුර්ණ බීජය පිටින්ම ආහාරයට ගන්නා මෙම ධාන්‍ය විශේෂය ඉන්දියානු සංස්කෘතියේ නිරන්තරයෙන්ම දැක ගත හැකිය.
පෝෂණ ගුණය
වැඩි වශයෙන්ම වියලි කාලගුණයක් සහිත ප්‍රදේශ වල හොඳින් වර්ධනය වේ. කොල්ලූ ඉතාම පොෂණීය ධාන්‍යයකි. යකඩ හා මොලිබ්ඩිනම් වැනි පෝෂ පදාර්ථයන් බහුල වේ. කොල්ලූ වල ඇති ට්‍රිප්සීන් නිශේදකය හා හිමැග්ලූටීන් ක්‍රියාකාරිත්වය නිසා ස්වභාවික ෆීනෝල් ප්‍රමාණය අනෙකුත් ධාන්‍ය වර්ග වලට වඩා වැඩි වේ. නොපිසින ලද කොල්ලූ වල විශේෂ ගුණයන් ඇති අතර ඉන්සියුලීන් ප්‍රතිරෝධී භාවය අඩු කිරීම සිදු කරයි. තවද පොලිෆීනෝල්, ෆ්ලේවනොයිඩ, ප්‍රෝටීන් හා පලතුරු වල ඇති බොහෝමයක් ප්‍රතිඔක්සිකාරක ද අඩංගු වෙයි. ආහාර ජීරණයේදී, ශරීරයේ බර අඩු කරගැනීමේදී, රුධිර සිනි මට්ටම අඩු කිරීමට, පිරිමි පුද්ගලයකුගේ ශ්ක්‍ර තරලයේ ශුක්‍රාණු ගණන වැඩි කිරීමට, ගැහැණු ළමුන්ගේ ඔසප් චක්‍රයේ ගැටලූ මගහරවා ගැනීමට හා වකුගඩු ගල් ඇති වීමෙහි අවදානම අඩු කිරීමට මෙහි ඇති පෝෂණීය ගුණය උපකාරී වේ. කොල්ලු ග්‍රෑම් 100ක කැලරි 321ක් පමණ ද, ප්‍රෝටින්, යකඩ, තන්තු, කාබෝහයිඩ්‍රේට, තයිමීන්, රයිබොෆ්ලේවීන් වැනි පෝෂණ කොටස් ද අඩංගු වේ.
නිර්දේශිත ප්‍රභේද
– CO-1
– VL ගහටා 1
– VL ගහටා 8
– CRIDA 18R
– CRHG-01
– CRHG-02
– CRHG-03
– CRHG-04
කාලගුණික තත්ව
බොහෝ සෙයින් නිවර්තන හා උප නිවර්තන කලාපීය ප්‍රදේශ වල හොඳින් වගා කල හැකිය. මෙම බෝගය නියං ප්‍රතිරෝධී ශාකයක් වන නිසා වර්ෂාව අඩු ප්‍රදේශ වලද වගා කල හැකිය. මිලිමීටර 500 සිට 700 දක්වා වර්ෂාපතනයක් ප්‍රමාණවත් වේ. උෂ්ණත්වය සෙල්සියස් 20 සිට 34 පමණ පරාසයක වගා කිරීම උචිත වේ. විවිධාකාර පාංශු පරිසර වල වැඩිමේ හැකියාව ඇත. වැඩිපුර ආම්ලික හෝ භාෂ්මික ලක්ෂණ සහිත පස නුසුදුසුය. වගා කරන පසට කාබනික පොහොර යෙදීම වැදගත්ය.
වගාව
හෙක්ටෙයාරයකට කිලෝග්‍රෑම් 35-40 පමණ බීජ ප්‍රමාණයක් අවශ්‍ය වේ. බීජ සිටුවීමේදී සෙන්ටිමීටර 1.5– 2 පමණ ගැඹුරට සිටුවිය යුතුයි. පැළ අතර පරතරය සෙන්ටි මීටර 10 හා 30 වීම වැදගත් වේ. බීජ සිටුවීමට පෙර ඒවායේ ඇති හානි වූ බීජ හා නිසි ප්‍රමිති ලක්ෂණ නොපෙන්වන බීජ ඉවත් කල යුතුය. පලිබෝධ හානි පාලනයට විවිධ කෙම් ක්‍රම මෙන්ම කොහොඹ වැනි ශාක සාර යොදාගත හැකිය.
පොහොර යෙදීම
හොඳින් දිරාපත් වූ ගොම පොහොර යෙදිය යුතු අතර දැඩි නියං කාල වලදී ජල සම්පාදනයත් නිරන්තර අධීක්ෂණයත් සාර්ථක බෝග වගාවකට අත්‍යවශ්‍ය වේ. මීට අමතරව කොම්පෝස්ට් පොහොර ද මේ සදහා යෙදිය හැකිය.
අස්වනු නෙලීම
කරල් කොල පැහැයේ සිට පිදුරු පැහැයට හැරුනු පසු අස්වනු නෙලීම සිදු කරයි. වැසි කාල මගහරවා ගනිමින් අස්වැන්න නලා ගත යුතුය. පසුව වියලා වෙලඳපොළ වෙත අස්වැන්න සකස් කල ගත යුතුය.
කොල්ලු පානයක් වශයෙන් ද වෙළදපොලෙන් මිලදීගත හැකි අතර පිළිකා කාරක අඩංගු බීම වර්ග වෙනුවට ගුණයෙන් ඉහල කොල්ලු භාවිතයට ගැනීමට සැවොම පුරුදු වීම අනිවාර්යයෙන් වටියි.
ශාකසාර ප්‍රෝටීන බහුල සෝයා බෝංචි
සෝයා බෝංචි හෙවත් සෝයා ලෙස හදුන්වන මෙම රනිල කුලයට අයත් බෝගය උද්භිිත විද්‍යාත්මකව හදුන්වන නම වන්නේ Glycine max ලෙසයි. නැගෙනහිර ආසියානු රට නිජබිම කරගත් සෝයා වලින් විවිධාකාර ප්‍රයෝජන රැසක් ඇත. සෝයා බෝංචි යොදා ගෙන පැසවීමකින් තොරව නිෂ්පාදනය කරන ආහාර ලෙස සෝයා කිරි, සෝයා ටෝෆු හැඳින්විය හැක. පැසවීමෙන් නිෂ්පාදනය කරන ආහාර ලෙස සෝයා සෝස්, සෝයා බෝංචි, තලප හැඳින්විය හැක. ඉතාම පහසුවෙන් ප්‍රෝටීන ලබා ගත හැකි ලාභදායි ප්‍රෝටීන ප්‍රබවයකි. TVP යනු එලෙස බොහෝ දෙනෙකු පර්බෝජනය කරන සෝයා බෝංචි වලින් සැකසූ ආහාරයකි. මීට අමතරව සෝයා අයිස් ක්‍රීම් වැනි බොහෝ නිෂ්පාදනයන් සෝයා බෝංචි ඇට වලින් ලබාගන්නා සාරයෙන් නිපදවිය හැකිය.
වියලි හා අතරමැදි කලාපීය ප්‍රදේශ වල සෝයා හොඳින් වගා කල හැකිය. නමුත් ශ්‍රී ලංකාවේ සෝයා වගාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ඇතැම් මහවැලි කලාප වල වගා කරයි. සුලු වශයෙන් කුරුණෑගල, මාතලේ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක වලද වගා කරයි.
සෝයා බෝංචි වල සැලකිය යුතු තරමක් පයිටික් අම්ලය, විටමින් ඊ හා ඛනිජ ලවණ අඩංගු වේ. සෝයා වලින් නිපදවනු ලබන සෝයා තෙල් ආහාර කර්මාන්තයේ නිරතුරුවම භාවිතයට ගැනේ. මිනිස් පරිබෝජනයට මෙන්ම සත්තව ආහාරයක් ලෙසද මෙම ධාන්‍ය යොදා ගැනේ. සෝයා යනු වාර්ෂික බෝගයකි. පත්‍රයක දිග සෙන්ටි මීටර 6-15 පමණ වන අතර සෙන්ටි මීටර 2-7 පළලින් යුක්ත වේ. මෙම බෝගයේද මූල ගැටිති දැකගත හැකිය. හොඳින් වැඩුනු බෝගයක උස සෙන්ටිමීටර 51- 127 පමණ වේ. පුෂ්ප හට ගැනිමට දිවා කාලයේ දිග බලපායි. එක් එක් ප්‍රභේදය අනුව මෙම දිවා කාලයේ අවශ්‍යතාව වෙනස් වේ. සුදු, රෝස හා දම් පැහැයෙන් පුෂ්ප වල පැහැය වෙනස් වේ. ඒ සඳහාද ප්‍රභේදය බලපායි. කරලෙහි පොත්ත බූව සහිත වේ. සාමාන්‍ය කරලක දිග සෙන්ටි මීටර 3- 8 පමණ වන අතරම එක් කරලක බීජ 2ත් 4ත් පමණ සංඛ්‍යාවක් ඇත. බීජ වල පැහැය කලූ, දුඹුරු කහ හා කොළ විය හැකිය.
පෝෂණ ගුණය
නිර්මාංශිකයන් බොහෝ දෙනෙකු හට තම ප්‍රෝටීන අවශ්‍යතාවය සපයාගැනීමට උපකාරී වන පෝෂණ ගුණයෙන් ඉහළ බෝගයක් ලෙස සෝයා බෝංචි හැදින්විය හැකිය. වෙනත් රනිල බෝග වලට වඩා වැඩි ප්‍රෝටීන හා ලිපිඩ ප්‍රමානයක් මෙහි අන්තර්ගත වේ. මස් හා කිරි වලින් ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණයම ලබාදිය හැකි ශාකසාර ගුණයක් මෙම සෝයා බෝංචි වල තිබේ. රටකජු වැනි බෝග හැරුනු කොට වෙනත් රනිල කුලයේ බෝග වලින් ශරීරයට ලැබෙන ලිපිඩ ප්‍රමාණය බොහෝ අඩු වුවත්, සෝයා බෝංචි වලින් ලිපිඩ 40%ක් පමණ ලැබේ. ලිපිඩ ප්‍රමානය වැඩි නමුත් ඒවායෙන් වැඩි කොටසක් ශරීරයට හිතකර මේද අම්ල වීම විශේෂත්වයකි. එසේම සෝයා බෝංචි වල ඔමේගා-3 මේද අම්ල ද අඩංගු වේ. මීට අමතරව කැල්සියම්, යකඩ, මැග්නීසියම්, විටමින් බී සංකීර්ණ, සින්ක්, විටමින් කේ, තන්තු හා තවත් බොහෝ පෝෂණ කොටස් මෙහි අන්තර්ගතය.
සෝයා බෝංචි ආහාරයට ගැනීම මගින් ඔබේ ශරීර ශක්තිය වඩවයි. එසේම එමගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා කාර්යක්ෂම වේ. ශරීරයේ බර පාලනය කිරීමට ද මෙම සෝයා බෝංචි සහ එමගින් සෑදූ ආහාර පරිබෝජනය උපකාරී වේ. හෘද රෝග පාලනයට ද, මෙම නිෂ්පාදන ඉවහල් වේ. මෙහි අඩංගු ඉහල ප්‍රතිඔක්සිකාරක නිසා මිනිස් ශරීරය පිලිකා වලින් අරක්ෂා කරයි. ශරීරයේ ඇති හානි පමුණුවන කොලෙස්ටෙරෝල් මට්ටම ද පාලනය කරයි. රුධිර පීඩනය අවම කිරීමට ද මෙමගින් හැකියාව ලැබේ. සෝයා බෝංචි වල අඩංගු අයිසොෆ්ලේවන් නම් සංයෝගය මගින් කාන්තාවන්ගේ ඔසප් වීමේ වේදනාව ද අවම කරයි. මළ බද්ධය වලකාලීමට ද සෝයා ආශ්‍රිත නිෂ්පාදන උපකාරී වේ. තව ද, අස්ථි පද්ධතිය ශක්තිමත්ව තබාගැනීමටත්, රතු රුධිරානු සෛල නිපදවීමටත් සෝයා ආහාර උදවු වේ.
නිර්දේශිත ප්‍රභේද
x MISB 01
x PB-1
x PM-13
කාලගුණික තත්ව
සෝයා බෝංචි වියලි හා අතරමැදි කාලගුණික තත්වයන්හි වගාවට වඩාත් උචිත වේ. පසෙ∙හි pH අගය 6-7 අතර විය යුතුය. පසෙහි වැඩිපුර තෙතමනයක් තිබීම නුසුදුසුය.
වගාව
හෙක්ටෙයාරයකට කිලෝග්‍රෑම් 50ක පමණ බීජ ප්‍රමාණයක් අවශ්‍ය වේ. බීජ සිටුවීමේදී පස, ජලය හොඳින් ගලා යන බිමක් නම් තැනිතලා ස්ථානයක බීජ සිටුවීම කල යුතුය. ජලය හොඳින් ගලා නොයන බිමක් නම් බීජ සිටුවීමට උස් පාත්ති යොදා ගත හැකිවේ. බීජ සිටුවීමේදී පසෙහි සෙන්ටි මීටර 3ක පමණ ගැඹුරක් පවත්වා ගත යුතුය. පැළ අතර පරතරය සෙන්ටි මීටර 40∙5 අතර පවත්වාගත යුතු අතරම එක වලකට එක් බීජයක් ප්‍රමාණවත් වේ.
පොහොර යෙදීම
කාබනික පොහොර වලින් සෝයා බෝංචි වගා කල හැකි අතර මල් පිපෙන කාලයේදී නයිට්‍රජන් පොහොර (ගොම පොහොර) යෙදීම අවශ්‍ය වේ. ජලය යෙදීම පලමු මස පුරාවටම දින 4ක් බැගින්ද පසුව දින 6, 7කට වරක් බැගින්ද සිදු කෙරේ. අස්වනු නෙලීමට සති 3කට පමණ පෙර ජල සම්පාදනය නැවැත්වීම වැදගත්ය.
අස්වනු නෙලීම
අස්වනු නෙලීමට සුදුසු කාලයට පත් වන විට කරල් වල පැහැය කහ පැහැති වේ. ඉන් දින 4ත් 9ක් ඇතුලත අස්වනු නෙලීම සුදුසුය. පසුව තෙතමනය අවම වන තෙක් වියලා ඉදිරි නිෂ්පාදන සඳහා යොදා ගත හැකිය.
සෝයා බෝංචි යොදාගනිමින් නිෂ්පාදන රාශියක් මේ වන විට වෙල්දපොලේ දක්නට ලැබේ. මෙවැනි නිෂ්පාදන තුලින් එදිනෙදා පෝෂණ අවශ්‍යතාව සපයාගත හැකි අතර ඉහළ රසයක් ද ලබාගත හැකිය.
ගන්න අපේ දේ
ශ්‍රී ලංකාවේ වගා කොට මෙරටම නිෂ්පාදනය කරන බොහෝ ගුණදායි ධාන්‍ය වර්ග රැසක් තිබෙන අතර ඒවායින් නිපදවූ අගය එකතු කරන ලද ආහාර වර්ග රැසක් ද මේ වන විට දේශීය වෙළදපොලෙහි දක්නට ලැබේ. මෙවැනි ආහාර පරිබෝජනය තුලින් වඩා සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමටත්,ඒ තුලින් දේශීය ආර්ථිකය දියුණුවට පත් කිරීමටත් හැකියාව පවතින බව සියලුම දෙනා තේරුම් ගත යුතුය.ධාන්‍ය