සියලු ජීවින්ට අත්‍යවශ්‍ය ජලය
ජලය යනු ස්වභාවධර්මයේ අපූර්ව වූ දායාදයන්ගෙන් වැදගත්ම සාධකයකි. විද්‍යාත්මකව හයිඩ්‍රජන් පරමාණු දෙකකින් හා ඔක්සිජන් පරමාණු එකකින් සැදුම්ලත් තැනුම් ඒකකයක් ජල අණුවක් ලෙස හඳුන්වනු ලබන අතර ජලය, භෞතික වශයෙන් ඝන, ද්‍රව හා වායුමය ලෙස අවස්ථා තුනකින් දක්නට ලැබේ. පෘථිවි ගෝලය මතුපිටදී සාමාන්‍ය තත්ත්වයන් යටතේ වැඩිම ජල ප්‍රතිශතයක් පවතින්නේ ද්‍රව අවස්ථාවේ වන අතර ජල චක්‍රයේ ද වැඩි ප්‍රතිශතයක් ද්‍රව ජලය ආකාරයෙන් පවතී. පෘථිවියෙන් 71%ක් පමණ සමන්විත වන්නේ ජලය වන අතර එම ප්‍රමාණයෙන් 96.5%ක්ම සාගර සහ මුහුදු අශ්‍රිතව කරදිය වශයෙන් පවතියි. 2.5%ක පමණ ප්‍රමාණයක් මිරිදිය ලෙස පවතින අතර එම ප්‍රමාණයෙන් 68.7%ක්ම පවතින්නේ අයිස් සහ ග්ලැසියර් ලෙසය. භූගත මිරිදිය ප්‍රමාණය නොසලකා හැරියහොත් මිනිස් පරිභෝජනය සඳහා තිබෙන්නේ ඉන් 1% ටත් වඩා අඩු ජල ප්‍රමාණයකි. මෙම ප්‍රමණයෙන්, බීමට සුදුසු තත්වයේ ජලය පවතින්නේ ඉතාම අවම මට්ටමකය. අප මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ ජලය පානයේ වැදගත්කම පිළිබඳව වන අතර පානය සඳහා යොදාගත යුත්තේ පිරිසිදු ද්‍රව ජලයයි.

ජලයේ සංයුතිය
ජලය යනු රසයකින්, ගන්ධයකින් හෝ වර්ණයකින් තොර දියරමය ස්වාභාවයෙන් පවතින්නකි. ජලයේ සාමාන්‍ය ඝනත්වය වන්නේ 1000kg/m3 වන අතර අයිස්වල ඝනත්වය ඊට වඩා අඩු අගයක් ගනියි. මේ නිසාම අයිස් ද්‍රව ජලය මත පාවීම සිදුවේ. ජලයේ සංයුතිය ගැන සැලකීමේදී විවිධ ලවණ වර්ග මෙන්ම වායු වර්ග ද එහි අන්තර්ගත වේ. ක්ලෝරයිඩ, සල්ෆේට, නයිට්‍රේට සහ බයිකාබනේට වැනි ලවණ වර්ග ජලයේ අන්තර්ගත වන අතර ඇතැම් විට කෘමිනාශක සහ රසායනික පොහොර තුල දියවී පවතින බැර ලෝහ ද භූගත ජලයට එකතු විය හැකිය. කැල්සියම් සහ මැග්නීසියම් වැනි අයන වැඩිපුර ජලයේ අන්තර්ගත වීම ජලයේ කඨිනත්වයට එක එල්ලේ බලපායි. මේ හේතුවෙන් දත්වල අවපැහැ ගැනිවීම වැනි අහිතකර තත්ව ඇතිවිය හැකිය. බැර ලෝහ පානීය ජලයට එකතු වීම හේතුවෙන් වකුගඩු රෝග ආදී තත්ව ඇතිවීම සිදුවේ.
ජලයේ ඇතැම් වායූන් ද දියව පවතියි. ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, ඇමෝනියා සහ සල්ෆර් අඩංගු වායූන් මේ සඳහා උදාහරණ වේ. ජලයේ ඔක්සිජන් දියවීම, ජලජ ජීවීන්ට ශ්වසනය සිදු කිරීමට උපකාරී වේ. ජලජ පැළෑටි සඳහා ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීමට කාබන් ඩයොක්සයිඩ් වැනි වායූන් ජලයේ දියවීම වැදගත් වේ. මීට අමතරව ජලය තුළ ක්ෂූද්‍ර ජීවීන් සහ කාබනික ද්‍රව්‍ය ද අන්තර්ගත වේ.
ජලයේ සංයුතිය | ප්රමාණය |
කැල්සියම් | 0.7 – 0.8 mg |
මැග්නීසියම් | 0.1 -0.2 mg |
සෝඩියම් | 0.5 – 0.8 mg |
පොටෑසියම් | 0.2 – 0.3 mg |
ක්ලෝරයිඩ් | 0.3 – 1.2 mg |
ෆ්ලෝරයිඩ් | 0.0 – 0.2 mg |
නයිට්රේට් | 0.1 – 0.2 mg |
සල්ෆේට් | 0.0 – 1.3 mg |
වියළි ප්‍රතිරෝධක (TDS) | 4 – 6 |
pH | 6.6 – 7 |

මිනිස් ශරීරයේ ජල අවශ්‍යතාව
වැඩිහිටි පුද්ගලයකුගේ ශරීරයෙන් 60%කට වඩා වැඩි ප්‍රතිශතයක් පවතින්නේ ජලයයි. රුධිරයෙන් 90%ක ප්‍රතිශතයක් ද ඇත්තේ ජලයයි. සාමන්‍යයෙන් බිලිදෙකු උපදින විට ශරීර ස්කන්ධයෙන් 80%ක් පවතින්නේ ජලයයි. එමෙන්ම මිනිස් මොළය සහ හෘදය 73%ක පමණ ජල ප්‍රතිශතයකට හිමිකම් කියන අතර, පෙනහළු වලින් 83%ක් හා සමෙන් 64%ක් ද, මාංශපේෂි හා වකුගඩු වලින් 79%ක් ද එමෙන්ම අස්ථි වලින් 31%ක් ද ඇත්තේ ජලය යි. ඉහත ප්‍රතිශතයන් පහළ බැසීම එම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල වීමට සෘජුවම බලපාන බැවින් ජලය නොමැති ව දින 03-05ත් අතර කාලයකට වඩා මිනිසෙකුට කිසිසේත්ම ජීවත් විය නො හැකි බව වෛද්‍ය මතය යි.
ශරීරයට ජලය ලබාගත හැකි ආකාර
අප පානීය ජලය ලබා ගන්නා ආකාර බොහොමයක් පැවතුණ ද ඒවායේ ඇති සෞඛ්‍යය සම්පන්න බව පිළිබඳව අවධානය යොමු කරන්නේ සුළු පිරිසක් පමණකි. නළ ළිං, උල්පත් ජලය, නළ මාර්ග හා නාගරික ජල සැපයුම්, බෝතල් කළ පානීය ජලය ආදී බොහෝ ක්‍රමවේදයන් අප භාවිත කරන අතර, ප්‍රභවය කුමක් වුවත්, ලැබෙන ජලයේ ගුණාත්මකභාවය ප්‍රශස්ත මට්ටමක පවතී නම් එය අපට සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට හේතු නොවනු ඇත. එමෙන්ම කෘත්‍රිම ආහාර හා පාන වර්ග භාවිතයෙන් මිදී පිරිසිදු ජලය හා, ශරීරයේ විජලනය වළක්වන ඉහළ ජල ප්‍රතිශතයක් සහිත එළවළු හා පළතුරු වර්ග ආහාරයට ගැනීම නීරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පදනම සපයනු ඇත.
ජලය බහුල ස්වභාවික ආහාර ලෙස පිපිඤ්ඤා සහ කොමඩු (96%), තක්කාලි (95%), බ්‍රොකලී (90%), දොඩම් (86%), ඇපල් (85%) ආදිය දැක්විය හැකිය. නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන්, රසයෙන්, ගුණයෙන් හා ජල ප්‍රතිශතයෙන් ඉහළ, තම ගෙවත්තේ වගා කරගත හැකි දේශීය එළවළු හා පලතුරු පරිභෝජනයට ගැනීම, ආනයනික ඇපල්, දොඩම් වැනි රසායනිකයන් එක් කළ පලතුරු පරිභෝජනයට වඩා ඉතා සුදුසු බව කිව යුතු ය. කාමරංගා, ජම්බු සහ පේර වැනි පලතුරු වර්ග ගෙවත්තේ පහසුවෙන් වගා කළ හැකි අතර ඒවායේ අන්තර්ගත ජලය ප්‍රමාණය ඉතා ඉහල මට්ටමක පවතියි.
නිවැරදිව ජලය පානය කළ යුතු ආකාරය

සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකු දෛනිකව ජලය වීදුරු 8ක් හෙවත් අවම ජලය ලීටර් 2ක්වත් පානට කළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනු ලබන අතර
වැඩුණු පිරිමියෙකු | ලීටර් 3.7 |
වැඩිහිටි කාන්තාවක් | ජලය ලීටර් 2.7 |
අවුරුදු 1-5 අතර ළමයින් | ජලය මිලිලීටර් 750ත් ලීටරයත් අතර |
අවුරුදු 6-10 අතර දරුවෙකු | ලීටරයත් ලීටර් 1.5ත් අතර |
අවුරුදු 11-18 අතර දරුවකු | ලීටර් 1.5- ලීටර්2 ත් අතර |
ප්‍රමාණයක් පානය කළ යුතු ය.
දවසේ උදේ කාලයේ දී ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම සුදුසු වන අතර සවස් කාලයේ දී තරමක් අඩුවෙන් පානය කළ යුතු ය. නින්දට පෙර ජලය පානය කිරීම සෞඛ්‍යයට හිතකර වන අතර එය තරබාරු බව අඩු කිරීමට සහ හෘදයාබාධ වැළැක්වීමට උපකාරී වේ. එහෙත් නින්දට යාමට පැය බාගයකට පමණ පෙර ජලය පානය කිරීම වඩාත් සුදුසු වන අතර නින්දට යන අවස්ථාවේදීම ජලය පානය කිරීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය.
එමෙන් ම ආහාර ගන්නා අතරතුර ජලය සුළු ප්‍රමාණයක් පානය කිරීම එතරම් ගැටළුකාරී නොවූව ද වීදුරුවක් හෝ දෙකක් පානය කළහොත් එය ආහාර ජීරණයට බාධා පමුණුවයි. ආහාර ගැනීමට පැය දෙකකට පෙර හා පසුව ජලය හොඳින් පානය කිරීම යහපත් බව වෛද්‍යවරුන්ගේ පිළිගැනීම යි. අධික උණුසුම් හෝ ශීත ජලය ද පානයට සුදුසු නොවන අතර ශරීර උෂ්ණත්වයට ආසන්න ජලය පානය කිරීම වඩාත් සුදුසු ය.
දෛනික ජල අවශ්‍යතාවය සපුරාගැනීමට නම් පුරුද්දක් වශයෙන් ඔබ යන සෑම ස්ථානයකටම ජලය බෝතලයක් රැගෙන යෑමට උත්සහ කල යුතුයි. එහිදී ඔබ ගෙන යන බෝතලය සෞඛ්‍යයට හිතකර වීම ද අතිශය වැදගත් ය. එක්වරක් භාවිත කර ඉවත දැමිය යුතු ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතයෙන් වළකින්න. නැවත පාවිච්චි කිරීමට සුදුසු ප්ලාස්ටික් හෝ වීදුරු බෝතලයක් ඔබට භාවිත කළ හැකි ය. ආයුර්වේදයට අනුව පානීය ජලය ගබඩා කිරීමට වඩාත් සුදුසු වන්නේ මැටි, රිදී හෝ තඹ බඳුන් ය. ඒවා ජලයෙහි ඇති අහිතකර ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට සමත් ය.
ජලයනොමැති ලෝකයක් පිලිබදව අපට සිතිය හැකි ද?
ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ජලය පානය අතිශයින්ම වැදගත් වේ. ආහාර දිරවීමට ජලය යනු අත්‍යවශ්‍ය මූලිකාංගයකි. එමෙන්ම ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීමට හා ශරීරයට ඛණිජ ලවණ, විටමින්, ඇමයිනෝ අම්ල, ග්ලූකෝස් සහ අනෙකුත් පෝෂක කොටස් උරාගැනීමටත්, ඒවා සෛල කරා පරිවහනය කිරීමටත් ජලය සුවිසල් දායකත්වයක් සපයයි. එමෙන්ම බහිස්ස්‍රාවීය ක්‍රියාවලියට වැඩිම දායකත්වයක් සපයන්නේ ද ජලය යි. ශරීරයේ සහ රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය හා බොහෝ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජලය දායක වෙයි. එමෙන්ම ශරීරයේ උෂ්ණත්වය යාමනය කිරීමටත්, මොළයේ හා අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගැනීමටත්, සන්ධි හා මාංශපේෂි ක්‍රියාකාරීත්වයටත් ජලය අත්‍යවශ්‍ය වේ. එමෙන්ම හිසරදය, මානසික ආතතිය, හා සම වියළීම වළක්වාලමින්, දීප්තිමත් නිරෝගී සමක් ලැබීමට ද හොඳින් ජලය පානය කිරීම හේතුවකි. සමස්තයක් ලෙස ගත් කල, ජීවයේ පදනම වන්නේ ජලය යි. මන්ද යත් අපගේ ශරීරයේ මූලික තැනුම් ඒකකය වන සෛලවල ජීවය පැවතීමට නම් ජලය අත්‍යවශ්‍ය සාධකයකි.

ශරීරයේ සියලුම පරිවෘත්තිය ක්‍රියා සඳහා ජලය අත්‍යවශ්‍යවේ
රාත්‍රියේ නින්දට ගොස්, පැය 10-12 වැනි දීර්ඝ කාලයක් ජලය පානයෙන් තොරව සිටීම නිසා උදෑසන අවදි වන විට අපේ ශරීරය අධික ලෙස විජලනයට ලක්ව පවතියි. ඒ වන විට ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා බොහෝමයක් අඩ පණ වී තිබීම හේතුවෙන් අපට උදෑසන අවදි වූ සැනින් ශරීරයට ඒ තරම් ප්‍රාණවත් ගතියක් නොදැනෙයි. මේ නිසා උදෑසන අවදි වූ විට කිරිපිටි වෙනුවට, පිරිසිදු ජලය වීදුරුවක් පානය කිරීම ඉතා වැදගත් වේ. ශරීරයේ සිදුවන විවිධ පරිවෘත්තිය ක්‍රියා වල සිදුවන රසායනික ප්‍රාතික්‍රියා නිවැරදිව සිදු කිරීමට ජල අණු අත්‍යවශ්‍ය ප්‍රතික්‍රියකයක් ලෙස ක්‍රියා කරයි. එසේම ශරීරය තුල ඇති ඔක්සිජන් වැනි වායු අණු වර්ග සදහා ක්‍රියා කිරීමට අවශ්‍ය තෙතමනය ද ජලය මගින් ලබාදේ.ජලය නොමැති වුවහොත් ශරීරයේ සිදුවන සියලු පරිවෘත්තිය ක්‍රියා අඩපණ වී යාම සිදුවේ.

අර්ශස් රෝගය පාලනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි
අර්ශස් රෝගය යනු බොහෝ පුද්ගලයන් වයස් භේදයකින් තොරව නිහඩව විදින වේදනාකාරි රෝගයකි. මේ රෝග තත්වය නිසා කායිකව මෙන්ම මානසිකව ද පීඩා ඇති වේ. මෙම රෝග තත්වය ඇති වූ විගස එය නිට්ටාවටම සුව කල හැකි ප්ර්ත්‍යක්ෂ ඖෂධයක් වශයෙන් පිරිසිදු ජලය පානය දැක්විය හැකිය. දිනපතා උදෑසන අවදි වූ සැනින් හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම පුරුද්දක් වශයෙන් මාස කිහිපයක් එක දිගට සිදු කළහොත්, අර්ශස් රෝගය නිට්ටාවටම සුව කරගැනීමට ඔබට හැකියාව ලැබේ. විවිධ බෙහෙත් වර්ග පානය තුලින් තවත් අතුරු රෝග ඇති කරගැනීම වෙනුවට, ජලය පානය තුලින් මෙවැනි රෝග වළක්වා ගැනීම මගින් ඔබගේ කාලය මෙන්ම මුදල් ද අපතේ නොයනු ඇත.
ශරීරයේ බර අඩු කරගැනීමට උපකාරීවේ
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා බොහෝ දෙනෙක් නොයෙක් ආකාරයේ උපක්‍රම අනුගමනය කිරීම සිදු කරයි. විශේෂයෙන්ම කාන්තාවන් තම ශරීරයේ බර අඩු කරගැනීමට විවිධ ආකාරයේ ආහාර පාලන ක්‍රම, ව්‍යායාම රටාවන් මෙන්ම කෘතිම බෙහෙත් වර්ග ද භාවිත කරයි. නමුත් මේ සියල්ලක්ම පාහේ ඔබව බොහෝ වෙහෙසට පත් කර තිබීම හැරෙන්නට සාර්ථක ප්‍රථිපල අත්කර නොදෙනෙවා විය හැකිය. නමුත් වැඩිපුර පිරිසිදු ජලය පානය කිරීම තුලින් ඔබේ ශරීරයේ බර අඩු කරගැනීමට අනිවාර්‍යයෙන්ම හැකියාව ලැබේ. මේ බව විවිධ පර්යේෂණ වලින් පවා සනාථ කොට තිබෙන අතර එමගින් සාර්ථක ප්‍රථිපල අත් කරගත් අය ද බොහෝ සිටිති.
ශරීරයේ සන්ධි වලට ස්නේහකයක් ලෙස ක්‍රියා කරයි
ශරීරයේ ඇති සන්ධි වල ජලය 80%ක් පමණ අන්තර්ගත අතර එමගින් විවිධ ආකාරයේ ආතතීන් මගින් සන්ධි වලටත්, පේශී වලටත් සිදුවිය හැකි හානි වලක්වාලයි. ජලය පානය අඩු වූ විට සන්ධි වල කැක්කුම් හටගන්නා අතර ප්‍රමාණවත් පරිදි ජලය පානය තුලින් එම වේදනාවන් පහසුවෙන් සමනය කරගත හැකිය. කකුල්, අත පය ආශ්‍රිතව ඇතිවන මාංශ පේෂි වේදනාවන් සමනය කරගැනීමට ද ජලය පානය කිරීම ඉවහල් වේ.
කෙල සහ ශ්ලේශ්මල වල ප්‍රධාන සංඝටකයක් ලෙස
ආහාර ජීර්ණය කිරීමට මෙන්ම මුඛය තුලදී ආහාර තලපයක් සැකසීමටත්, රස දැනීමටත්, ආහාර තෙතමනයෙන් යුතුව තැබීමටත් ඉවහල් වන්නේ ඛේඨයේ ඇති ජලයයි. එසේම මුව ඇතුලත පිරිසිදුව තබාගැනීමටත් ඛේඨයේ ඇති ජලය උපකාරී වේ. එපමණක් නොව, දත් දිරා යාම වැලැක්වීමට ද ඛේඨ ස්‍රාවයේ ඇති ජලය උපකාරී වේ. නාසය සහ ඇස් ආශ්‍රිතව ඇති ශ්ලේශ්මල මගින් එම අවයව අභ්‍යන්තරය වියලීමෙන් වලක්වන අතර නාසය හරහා ශ්වසන මාර්ගයට කුණු දූවිලි යෑම ද වළක්වාලයි.
ශරීරයේ උෂ්ණත්වය යාමනය කරන අතර මොළය රැකදෙයි
ශරීරයේ ඇති ජලය මගින් එහි උෂ්ණත්වය සිරුර පුරාම නියත අගයක පවත්වා ගැනීමට උපකාරී වේ. සමේ ඇතුලත ස්ථර වල ඇති ජලය, බාහිර පරිසරය උණුසුම්ව පවතින අවස්ථා වලදී සම මතුපිටට පැමිණෙන අතර දහඩිය සමග වාෂ්ප වීම මගින් දේහය සිසිල් කරයි.
එසේම මොලය, ෂුෂුම්නාව වැනි සංවේදී අවයව වියලීමෙන් වලක්වා, ඒවා නිරෝගිව පවත්වා ගැනීමට ද ජලය උපකාරී වේ. මේ මගින් ස්නායු පණිවිඩ නිවැරදිව සන්නිවේදනය වීමට අවකාශ සලසන අතර ශරීරය පුරාම හෝර්මෝන මට්ටම යාමනයට ද උපකාර කරයි. හොදින් ජලය පානය කිරීම මගින් සිතීමේ හැකියාව වර්ධනය වන බවට පර්යේෂණ වලින් ද සනාථ කොට තිබේ.
රුධිර පීඩනය අවම කරයි
රුධිරයේ ඇති ජල මට්ටම අවම වූ විට රුධිරයේ ඝනකම් බව වැඩි වේ. මෙනිසා අධික රුධිර පීඩනය වැනි තත්ව ඇති විය හැකිය. එනිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම තුලින් අඩි රුධිර පීඩන තත්වයන් වලක්වාගත හැකිය. ඉතා හොදින් ජලය පානය හේතුවෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම ද අඩු වන බව පර්යේෂණ මගින් සනාථ කොට තිබේ. වෙහෙසවූ අවස්ථා වලදී සහ ආතතිමය අවස්ථා වලදී ඉහල යන රුධිර පීඩනය අවම කරගැනීමට ජලය ඉවහල් වන්නේ එබැවිනි.
ඔබගේ වකුගඩු ආරක්ෂා කරයි
වකුගඩු මගින් ශරීරයේ ඇති තරල ප්‍රමාණය යාමනය කරන අතර එහි යහපත් ක්‍රියාකාරිත්වයට පිරිසිදු ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. ශරීරයේ ඇති විවිධ වෛරස් හා බැක්ටීරියා වැනි රෝගකාරක, ශරීරයේ ඇති වෙනත් අපද්‍රව්‍ය මෙන්ම වැඩිපුර ඇති ඖෂධ ආදිය ශරීරයෙන් ක්‍රමවත්ව බැහැර කිරීමට වකුගඩු උපකාරී වේ. මේ සඳහා ජලය පානය කිරීම අතිශයින් වැදගත් වේ. එසේ ප්‍රමාණවත් පරිදි ජලය ලබා නොගතහොත්, වකුගඩු අකර්මණ්‍ය වන අතර ගල් ඇතිවීම වැනි සංකූලතා ඇති විය හැකිය.
සම පැහැපත් කිරීමට ප්රධාන වශයෙන් දායක වෙයි
ආහාර ජීර්ණය කිරීමට මෙන්ම මුඛය තුලදී ආහාර තලපයක් සැකසීමටත්, රස දැනීමටත්, ආහාර තෙතමනයෙන් යුතුව තැබීමටත් ඉවහල් වන්නේ ඛේඨයේ ඇති ජලයයි. එසේම මුව ඇතුලත පිරිසිදුව තබාගැනීමටත් ඛේඨයේ ඇති ජලය උපකාරී වේ. එපමණක් නොව, දත් දිරා යාම වැලැක්වීමට ද ඛේඨ ස්‍රාවයේ ඇති ජලය උපකාරී වේ. නාසය සහ ඇස් ආශ්‍රිතව ඇති ශ්ලේශ්මල මගින් එම අවයව අභ්‍යන්තරය වියලීමෙන් වලක්වන අතර නාසය හරහා ශ්වසන මාර්ගයට කුණු දූවිලි යෑම ද වළක්වාලයි.
ශරීරයේ උෂ්ණත්වය යාමනය කරන අතර මොළය රැක දෙයි
ශරීරයේ ඇති ජලය මගින් එහි උෂ්ණත්වය සිරුර පුරාම නියත අගයක පවත්වා ගැනීමට උපකාරී වේ. සමේ ඇතුලත ස්ථර වල ඇති ජලය, බාහිර පරිසරය උණුසුම්ව පවතින අවස්ථා වලදී සම මතුපිටට පැමිණෙන අතර දහඩිය සමග වාෂ්ප වීම මගින් දේහය සිසිල් කරයි.
එසේම මොලය, ෂුෂුම්නාව වැනි සංවේදී අවයව වියලීමෙන් වලක්වා, ඒවා නිරෝගිව පවත්වා ගැනීමට ද ජලය උපකාරී වේ. මේ මගින් ස්නායු පණිවිඩ නිවැරදිව සන්නිවේදනය වීමට අවකාශ සලසන අතර ශරීරය පුරාම හෝර්මෝන මට්ටම යාමනයට ද උපකාර කරයි. හොදින් ජලය පානය කිරීම මගින් සිතීමේ හැකියාව වර්ධනය වන බවට පර්යේෂණ වලින් ද සනාථ කොට තිබේ.
රුධිර පීඩනය අවම කරයි
රුධිරයේ ඇති ජල මට්ටම අවම වූ විට රුධිරයේ ඝනකම් බව වැඩි වේ. මෙනිසා අධික රුධිර පීඩනය වැනි තත්ව ඇති විය හැකිය. එනිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම තුලින් අඩි රුධිර පීඩන තත්වයන් වලක්වාගත හැකිය. ඉතා හොදින් ජලය පානය හේතුවෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම ද අඩු වන බව පර්යේෂණ මගින් සනාථ කොට තිබේ. වෙහෙසවූ අවස්ථා වලදී සහ ආතතිමය අවස්ථා වලදී ඉහල යන රුධිර පීඩනය අවම කරගැනීමට ජලය ඉවහල් වන්නේ එබැවිනි.
ඔබගේ වකුගඩු ආරක්ෂා කරයි
වකුගඩු මගින් ශරීරයේ ඇති තරල ප්‍රමාණය යාමනය කරන අතර එහි යහපත් ක්‍රියාකාරිත්වයට පිරිසිදු ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. ශරීරයේ ඇති විවිධ වෛරස් හා බැක්ටීරියා වැනි රෝගකාරක, ශරීරයේ ඇති වෙනත් අපද්‍රව්‍ය මෙන්ම වැඩිපුර ඇති ඖෂධ ආදිය ශරීරයෙන් ක්‍රමවත්ව බැහැර කිරීමට වකුගඩු උපකාරී වේ. මේ සඳහා ජලය පානය කිරීම අතිශයින් වැදගත් වේ. එසේ ප්‍රමාණවත් පරිදි ජලය ලබා නොගතහොත්, වකුගඩු අකර්මණ්‍ය වන අතර ගල් ඇතිවීම වැනි සංකූලතා ඇති විය හැකිය.
සම පැහැපත් කිරීමට ප්රධාන වශයෙන් දායක වෙයි
පැහැපත් සමක් ලබාගැනීමටත්, කුරුලෑ ආදියෙන් තොර පැහැදිලි වතක් ලබාගැනීමටත් වෙලදපොලේ ඇති කෘතිමව සැකසූ නිෂ්පාදනයන් බොහෝමයි. නමුත් මෙවැනි නිෂ්පාදන තුලින් සමට පැහැපත් බවක් ලබාදෙන්නේ තාවකාලිකවය. පිරිසිදු ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීම ඔබ පුරුද්දක් කරගතහොත්, ඔබේ සම ක්‍රමයෙන් පැහැපත්වනු නිසැකය. එසේම මුහුණේ ඇති කුරුලෑ සහ ලප කැළැල් ද ඉවත්ව යන අතර ජලය පානය තුලින් කිසිදු මුදලක් අය නොකරගෙනම පැහැපත්, නිරෝගි සමක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබේ.
ව්‍යයාම සහ ක්‍රීඩා කිරීමේදී ඔබව ප්‍රබෝධමත් කරයි
ව්‍යයාම සහ ක්‍රීඩාවන්හී නිරත වන විට නිරන්තරයෙන් ජලය පානය කිරීමට අවශ්‍ය බව සියලුම දෙනා දන්නා කරුණකි. නමුත් මේ වන විට සිදු කරන ලද පර්යේෂණ වලින් පෙනී ගොස් ඇති ආකාරයට මෙවැනි ව්‍යායාම සහ ක්‍රීඩා වැනි අවස්ථා වලදී ඉතා හොඳ ප්‍රථිපලයක් ලබාගැනීමට ජලය පානය අනිවාර්‍යයෙන් ඉවහල් වේ.

සමේ අසාත්මිකතා ඇතිවීම අවම කරයි
සමේ ඇතිවන දද, කුෂ්ඨ සහ වෙනත් අසාත්මික තත්වයන් බොහෝමයකට හේතුව වන්නේ අඩුවෙන් ජලය පානය කිරීමයි. මෙනිසා සමට නිසි ලෙස පෝෂණය නොලැබී, සම වියලීමට ලක්වේ. ඒ හේතුවෙන් විවිධ ආකාරයේ චර්ම රෝග තත්වයන් බහුලව හටගැනීම සිදු වේ. කුඩා ළමුන් ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම නිසා, චර්ම රෝග රාශියක් ඔවුන් තුළ දැකිය හැකිය. නමුත් ජලය හොදින් පාලනය කිරීම තුලින් සමට නිසි පෝෂණයක් ලැබීම සිදු වන අතර එමගින් බොහෝ අසාත්මිකතා ඇතිවීම ද වලක්වයි.
ඇදුම රෝගයෙන් ඔබව රැක දෙයි
ඇදුම රෝගය ඇතිවීම වලක්වා ගැනීමට ශරීරය විජලනය වී තිබීම වැලක්විය යුතු බවට ඇතැම් පර්යේෂණ මගින් පෙන්වාදී තිබේ. මෙනිසා ශරීරය විජලනයෙන් වලකා, හොදින් ජලය පානය කිරීම තුලින් ඇදුම රෝගී තත්වය හටගැනීමත්, එම තත්වය සමනය කිරීමටත් හැකියාව තිබේ.
ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළොත්!!
ශරීරයේ ජල ප්‍රතිශතය අඩු වූ විට විජලනය ඇතිවන අතර ශරීර අවයවයන්ට හානි වේ. සම වියළීම, මුත්‍රාවල පැහැය වෙනස් වීම ආදී ලක්ෂණයන් ශරීරය විජලනයට ලක් වීමේ අවධානමක් පෙන්නුම් කරයි. එමෙන්ම ජලය පානය අඩු වීමෙන් වකුගඩු අකර්මණ්‍ය වීම හා වකුගඩුවල සහ මුත්‍රාශයේ ගල් ඇති වීම ද, ආහාර ජීරණයේ ගැටළු හා ආහාර ජීරණ පද්ධතිය සම්බන්ධ රෝගාබාධයන් ද ඇති වේ. එබැවින් පිපාසය දැනෙන තුරු නොසිට දෛනිකව නිවැරදි ලෙස ජලය පානය කිරීම මිනිසුන්ට මෙන්ම සෑම ජීවියෙකුටම වැදගත් වේ.

ජලය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර පානය කළොත්
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත.” මෙය ජලය පානයට ද අදාළ වේ. අධික ලෙස ජලය පානයෙන් හිසරදය හා වමනය ඇති වී මරණයට පවා පත් විය හැකි බව පැවසේ. දිනකට ශරීරයෙන් ජලය ලීටර් 20-28 ප්‍රමාණයක් ඉවත් වන නමුත් පැයකට ලීටර් 0.8-1 අතර ප්‍රමාණයකට වැඩියෙන් පෙරීම වකුගඩු අක්‍රිය වීමට හේතු වේ. එසේම පමණට වඩා ජලය පානය තුලින් ශරීරයේ ඇති අත්‍යවශ්‍ය අයන හා පෝෂ්‍ය පදාර්ථ මූත්‍රා හරහා ශරීර්යෙන් හානි වීම සිදු විය හැකිය. එබැවින් ජලය පානය කිරීමේ දී ප්‍රමාණයන් පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය.
නිරෝගිමත් ජීවිතයක් උදෙසා හොඳින් ජලය පානය කරමු
ජලය යනු සොබාදම් මව් විසින් අපට ලබා දුන් වටිනාම දායාදයන්ගෙන් එකකි. ජලය තරම් නිරෝගී භාවය ලබා දීමට සමත් පානයක් මිහිපිට තවත් නොමැති බව, වාණිජමය රැල්ලට හසු වී කෘත්‍රිම ආහාර පාන ජීවිතයට එකතු කරගෙන සිය ජීවිත කාලය නිකරුණේ කෙටි කරගන්නා සියල්ලෝම තරයේ සිහි තබා ගත යුතු ය. අප සියල්ලෝම ජලය නිසි ලෙස පානය කර නිරෝගී ජීවන රටාවකට මග පාදා ගනිමු.