ජංගම දුරකථනය හා බැටරිය

වර්තමානය වන විට ලෝකය පුරා විශ්වීය සන්නිවේදන ජාලයක් ගොඩනැගී ඇති අතරම ගෝලීයකරණය සියළු ක්ෂේත්‍රයන් සඳහා බලපෑම් එල්ල කරමින් පවතී. මේ හේතුව නිසාම සමාජයේ බොහෝ දෙනා අත ජංගම දුරකථනයක් දක්නට ලැබෙන අතර ඇතැම් විට භාවිත වන ජංගම දුරකථන ප්‍රමාණය ජනගහනය ද ඉක්මවා යන අවස්ථාවන් දක්නට ඇත. එමෙන්ම ඔබ අත ඇති ජංගම දුරකථනය ඔබව ලෝකයේ බොහෝ දෑ සමඟ සම්බන්ධ කළ හැකි අපූර්ව සන්නිවේදන මෙවලමක් බවට පත් වී හමාර ය. ජංගම දුරකථනය භාවිතයෙන් කළ හැකි රැකියාවන් සහ ආදායම් මාර්ග ද වර්තමානය වන විට සුලබ තත්ත්වයකි.
මෙය ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් නිපදවා ඇති අතර මෙම උපකරණයේ ක්‍රියාකාරීත්වයට බලය සපයන උපාංගය ජංගම දුරකථනයේ බැටරිය ලෙස හඳුන්වනු ලබයි. මෙම බැටරිය දුරකථන භාවිතය හරහා ඔබට විශාල මෙහෙයක් සපයන්නා සේම එය භාවිතයෙන් ඉවත් කළ පසුව ද නිසි පරිදි තමා සන්තකයෙන් බැහැර කිරීම පිළිබඳව ද ඔබ අප සියල්ලන්ම අවධානය යොමු කළ යුතු ය. එමෙන්ම එය නොසැලකිලිමත් ලෙස බැහැර කිරීමෙන් සිදු විය හැකි පරිසර හානිය එමගින් ඇති වන සෞඛ්‍ය ගැටළු පිළිබඳව ද සියලු දෙනාම දැනුම්වත් වීම ඉතාමත් වැදගත් ය.
බැටරියේ අඩංගු ද්‍රව්‍ය
සාමාන්‍යයෙන් බොහෝ ස්මාර්ට් ජංගම දුරකථන තුළ ලිතියම් අයන බැටරි අඩංගු වේ. මේවා පරිසරයට ඉතා විෂ සහිත වන අතර, මෙම ලිතියම්-අයන බැටරි වල කොබෝල්ට්, නිකල්, මැන්ගනීස් හෝ යකඩ මිශ්‍රණයකින් සාදන ලද ලෝහ ඔක්සයිඩ් කැතෝඩයක් ඇත. එමෙන්ම ලිතියම් අයන රඳවාගත හැකි සිදුරු සහිත ඇනෝඩයක් ඇත. එසේම මෙම සැකසුම ගිනි ගැනීම් ඇති වීමේ අවදානමෙන් ද යුක්ත ය. මෙහි එන ලිතියම්, කෝබෝල්ට් සහ නිකල් වැනි මූලද්‍රව්‍ය බැර ලෝහ වන අතර ඒවා ජීවීන්ගේ ශරීරයට විෂ සහිත වේ.
මිනිස් සෞඛ්‍යයට, සතුන්ට හා පරිසරයට ඇති බලපෑම

ජංගම දුරකථනයේ බැටරිය විෂ සහිත සහ හානිකර ද්‍රව්‍යයන්ගෙන් තැනී ඇති බැවින් එය කිසිසේත්ම පරිසරයට සහ සතුන්ට හිතකර වන්නේ නම් නැත. නිසි ක්‍රමවේදයකින් තොරව ඒවා පරිසරයට මුදා හැරීමෙන් බාහිර පරිසරයට හා ජල මාර්ග වලට විෂ එකතු වීමේ අවදානමක් පවතී. මෙම අවදානම තුළ, සියලුම ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට පත් වීමට ඇති ඉඩකඩ බොහෝ ය. එබැවින් එය කිසිසේත්ම නොකළ යුත්තකි.
පසට විෂ ද්‍රව්‍ය එකතු වීමෙන් ඒවා ජල උල්පත්, ජල මාර්ග, ඇළ, දොළ, ගංගා, වැව්, පොකුණු ආදී වූ සියලුම ජල පද්ධතීන්ට එකතු වේ. මේවා භාවිතයට ගැනීමෙන් මිනිස් ශරීරය තුළ නොයෙකුත් ලෙඩ රෝග සෑදීමේ අවදානමක් ඇත. මේ තුළින් සමාජයේ පිළිකා අවදානම ඉහළ යයි. එමෙන්ම ආමාශය හා බඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වේ. සිරුරේ විෂ තැන්පත් වීම අක්මාවට ද බලපෑම් එල්ල කරයි. ප්‍රධානතම අවදානම් වලින් එකක් නම් වකුගඩු රෝග ඇති වීම යි. මිනිසුන්ගේ ජීවිත විනාශ වී ඔවුන් මිය යාමට හේතු වන දරුණු රෝගාබාධයන් රැසක් ඇති කිරීමට ඔබ අත ඇති ජංගම දුරකථනයේ බැටරිය සෘජුවම හේතු වේ.
එමෙන්ම ජල මාර්ග වලින් සහ ස්වභාවික ජල උල්පත් වලින් ජලය පානය කරනු ලබන සතුන් කෙරෙහි ඇති අවදානම ද සුළුපටු නො වේ. එම සතුන් රෝගී වීම හෝ බොහෝ විට මිය යාමට පවා මෙය හේතුවක් විය හැකි ය. ජලජ ජීවීන් හා ජලජ ශාක මුළුමනින්ම විනාශයට ඇද වැටේ. පසේ හා ජලයේ ඇති විෂ සහිත බව නිසාම ශාක ගහණය ද විනාශ වේ. මිනිසුන්ගේ වගා කටයුතු සහ මුළුමහත් ජීවිතයම මෙන්ම සත්ත්ව හා ශාක ප්‍රජාවගේ ද විනාශය සනිටුවහන් කරමින් පරිසර පද්ධතියේම සමතුලිතතාවය බිඳ දමා විනාශ මුඛයට රැගෙන යන්නට ඔබ නොසැලකිලිමත් කමින් මුදා හරිනු ලබන ජංගම දුරකථන බැටරිය සමත් ය. එබැවින් ඔබ අත ඇති පරිසරයට හා මිනිසුන්ට විනාශකාරී ලෙස බලපෑම් ඇති කරන මෙම උපාංගය කිසිසේත්ම අනාරක්ෂිත ලෙස පරිසරයට බැහැර නොකිරීමට කාරුණික වන්න.
එමෙන්ම මෙම ජංගම දුරකථන බැටරිය ගිනි ගන්නා සුළු ය. එබැවින් එය ආරෝපණය කිරීමේ දී පවා රත් කිරීමකට ලක් නොවන පරිදි ප්‍රවේසම් විය යුතු ය. පරිසරයට බැහැර කිරීමේ දී ද මෙම ගිනි ගැනීමේ අවදානම නිසා ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව ද ඔබ සිතා බැලිය යුතුම ය. ශාක හා සත්ත්ව ප්‍රජාවට සුවිශාල හානියක් ඇති කිරීමේ හැකියාව මෙම පුංචි උපකරණය සතු ය. එබැවින් එය අනාරක්ෂිත ලෙස පරිසරයට බැහැර කිරීම කිසිසේත්ම නොකළ යුතු ය. වඩාත්ම ආරක්ෂාකාරී ක්‍රමවේදය නම් ප්‍රතිචක්‍රිකරණය යි. ඉහත සියලු අවදානම් තත්ත්වයන් වළක්වා ගැනීමට මෙය ඉවහල් වනු ඇත.
ජංගම දුරකථන බැටරිය ප්‍රතිචක්‍රිකරණය කිරීමේ වාසි
ඉහත සඳහන් කළ පරිදි ඔබ භාවිත කර ඉවතලන ඔබේ දුරකථනයේ බැටරිය ඔබ සන්තකයෙන් බැහැර කිරීමට අවශ්‍ය නම් පිළිපැදිය යුතු වන ඉහළම ආරක්ෂිත භාවයකින් යුත් සුදුසුම ක්‍රමවේදය වනුයේ ප්‍රතිචක්‍රිකරණය යි. මෙමගින් ඔබට පරිසර ආරක්ෂණය මෙන්ම ඊට අමතරව ද බොහෝ ප්‍රතිලාභ ලබාගත හැකි ය.
ඔබේ ජංගම දුරකථන බැටරිය හැකිතාක් ආරක්ෂිතව සහ ආයු කාලය වැඩි වන පරිදි භාවිත කළ යුතු ය. එවිට ජංගම දුරකථන නැවත නිෂ්පාදනයේ අවශ්‍යතාව පහළ යන අතර එමගින් ජංගම දුරකථන නිෂ්පාදනයේ දී සිදු වන පරිසර හානිය සුළු වශයෙන් හෝ අවම කිරීමට ද දායක විය හැකි ය. හැකි උපරිම කාලයක් භාවිත කිරීමෙන් අනතුරුව එය වගකීම් සහිතව නිසි පරිදි බැහැර කළ යුතු ය. එනම්, ප්‍රතිචක්‍රිකරණය සඳහා ලබා දිය යුතු ය. එමගින් මිනිසාට සහ පරිසරයට සිදු වන හානිය ද අවම වේ.
එමෙන්ම මෙම උපාංගයන් තුළ ඉතා වටිනා ලෝහ වර්ග සහ මූලද්‍රව්‍යයන් අඩංගු වේ. ඒවා ප්‍රතිචක්‍රිකරණය තුළින් වෙන් කරගෙන නැවත නිෂ්පාදනයන් සඳහා යොදා ගැනීමේ හැකියාවක් ද පවතී. මෙය ඔබගේ ආර්ථිකයට ද හිතකර ක්‍රමවේදයකි. එමගින් ප්‍රතිලාභ ලබන්නේ ඔබ පමණක් නො වේ. සියලුම ශාක සහ සත්ත්ව ප්‍රජාව ද, මිනිස් සංහතිය ද එහි සාඩම්බර හිමිකරුවන් වෙති. ජංගම දුරකථන බැටරිය පමණක් නොව, සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රතිචක්‍රිකරණය කිරීම මුළු ලෝකයේම පරිසර පද්ධතිය වෙනුවෙන් කළ යුතු ඉමහත් වටිනා ක්‍රියාවලියකි. ඇමෙරිකාවේ ඇපල් සමාගම මගින් 2015 වර්ෂයේදී පවුම් මිලියන 90ක් පමණ වටිනා පරිහරණය කරන ලද මෙවැනි ජංගම දුරකථන බැටරි සහ ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රතිචක්‍රිකරණය කිරීමේ වැඩසටහනක් සාර්ථක ලෙස දියත් කරන ලදී. වරක් භාවිත කොට ඉවත් කරන ලද මෙවැනි ජංගම දුරකථන බැටරි හා අමතර කොටස් ඇත්නම් වෙනත් දුරකථනයක් මිලට ගැනීමට පෙරාතුව, එවැනි භාවිත කළ කොටස් මිලදී ගන්නා සමාගමක් වෙත ඒවා ලබාදීම මැනවි.
නිව්යෝක් සහ කැලිෆෝනියාවේ නීතිය
අමෙරිකාවේ නිව්යෝක් සහ කැලිෆෝනියාව යන ප්‍රාන්ත වල ජංගම දුරකථන බැටරි නිසි පරිදි බැහැර කිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති පවතියි. මෙම ප්‍රාන්ත වල ජංගම දුරකථන නිෂ්පාදකයන් සහ විකුණන පුද්ගලයින් හරහා ජනතාවගෙන් මෙම බැටරි නොමිලේ එකතු කිරීම සිදු කරයි. මෙම ක්‍රියාවලිය නිසා ජංගම දුරකථන බැටරි වෙනත් ස්ථාන වල හෝ පරිසරයට මුදා හැරීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකයි. මෙම ප්‍රාන්ත වල මෙන් ලෝකයේ වෙනත් රටවල ද ජංගම දුරකථන බැටරි නිසි අයුරින් බැහැර කරන්නේ නම් එය ලෝකයටම වැඩදායි වනු ඇත.
2020ට නියමිතව තිබූ ඔලිම්පික් උලෙළේ පදක්කම් සෑදීමට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබී කල් ගිය ඔලිම්පික් උලෙළේ සත්කාරක රට වන ජපානය මගින් එහි පදක්කම් සෑදීමට යොදාගෙන තිබෙන්නේ ඉවතලන ජංගම දුරකථන උපාංග හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වීම විශේෂ ය. එරට පරිසර දූෂණය අවම කිරීමට ගත් සාර්ථක පියවරක් ලෙස මෙය ලෝකයටම ආදර්ශයකි.
ශ්‍රීලංකාව තුළ ජංගම දුරකථන බැටරි ප්‍රතිචක්‍රීකරණයට ගෙන ඇති පියවර
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද භාවිත කරන ලද ජංගම දුරකථන බැටරි සහ අනෙකුත්, ජංගම දුරකතන ආශ්‍රිත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කොටස් ආදිය එකතු කිරීමේ මධ්‍යස්ථාන “ඩයලොග් ඇක්සියාටා” ආයතනය විසින් විශේෂ ව්‍යාපෘතියක් යටතේ ක්‍රියාත්මක කොට තිබේ. මෙම එකතු කිරීමේ මධ්‍යස්ථාන දීප ව්‍යාප්ත ලෙස පවතින අතර ඒවා එකතු කිරීමෙන් අනතුරුව නිසි ක්‍රමවේදයන්ට අනුව ප්‍රතිචක්‍රිකරණය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබීම සතුටට කරුණකි.
ජංගම දුරකථන බැටරි සහ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වැදගත්කම
දැනටමත් මෙරට හා ලෝකය පුරාම එකතු වී ඇති ඉලෙක්ට්‍රොනික අපද්‍රවය ප්‍රමාණය මෙතකයි කියා ගණන් බැලීම අපහසුය. එසේම සෑම පැයකට වරක්ම අලුතෙන් තව තවත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ජංගම දුරකථන බැටරි ඊට එකතු වේ. එනිසා මිහිතලයට සිදුවන හානිය මෙන්ම මිනිසා ඇතුලු සියලුම ජීවීන්ට සිදුවිය හැකි හානිය අති මහත්‍ය. එබැවින් භාවිත කරන ලද ජංගම දුරකථන බැටරි ඇතුලු අනෙකුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි අයුරින් එකතු කොට, ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු කිරීම බොහෝ සෙයින් වැදගත් වේ.
මෙම ඉලෙක්ට්‍රොනික කොටස් පරිසරයට එකතු වීම තුලින් සොබාදහමට සිදුවන හානිය පිලිබදව සමස්ථ ජනතාවම දැනුවත් කිරීම අප සැමගේ යුතුකමක් වන්නේ ය. රට පුරා නිසි ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ ඒවා කළමනාකරණය කිරීමේ ක්‍රියාවලීන් පෞද්ගලික අංශයේ සහ රජයේ අංශ වල මැදිහත් වීමෙන් දියුණු කළ යුතුය.
පරිසරයට හානි කිරීම තුළින් මිනිසා හානි කරගනු ලබන්නේ තමාටම වන අතර ඒ බව තේරුම් ගන්නා විට ඔහු සැම විටම ප්‍රමාද ය. එබැවින් ඔබේ ජංගම දුරකථන බැටරිය ලෝකයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන්නක් වීමට කිසිසේත්ම ඉඩ නොතබන්න. එය ප්‍රතිචක්‍රිකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව මතු පරපුරට ද කියාදීම මිනිසුන් වශයෙන් අප සියල්ලෝම සතු යුතුකමකි. සොබාදහම රැකීම තුලින් මිනිසා ද නිසැකවම රැකෙනු ඇත.