ගොරකා තතු
Clusiaceae ශාක පවුලට අයත් Garcinia gummi-gutta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොරකා ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන බෝගයකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උසකින් යුක්ත ය. මෙම ශාකයේ විශේෂත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙවර්ගයම එකම ශාකයේ හට ගැනීමයි.
නාග කේසර (Guttiferae) කුලයට අයත් ගොරකා ප්‍රභේද හතරකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරාකා සහ එළ ගොරකා ලෙස ඒවා හඳුන්වනු ලබන අතර රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රසවත් කිරීමට යොදා ගනියි.
රතු ගොරකා ඉදුණු විට රත් පැහැ ගන්නා අතර ඇතුළත මදය ද රත් පැහැති ය. ඉදුණු එළ ගොරකා ඵලය කහ පැහැති වන අතර මදය කහ මිශ්‍ර සුදු පැහැයක් ගනියි. මෙම ගොරකා වර්ග දෙකෙහිම මද, පළතුරක් ලෙස ආහාරයට ගනියි.

ගොරකා වල අන්තර්ගතය
ගොරකා ප්‍රධාන වශයෙන් ඇඹුල් රසයෙන් යුක්ත වන අතර ඒ තුළ විටමින් සී බහුලව අන්තර්ගතය. ඊට අමතරව ජලය, ටාටරික් අම්ලය, පොටෑසියම් හා විවිධ විටමින් වර්ග රාශියක් මේ තුළ අඩංගු වේ. උෂ්ණ ගුණයෙන් සහ සැහැල්ලු ගුණයෙන් යුතු ගොරකා අතීතයේ සිට පැරැණ්ණන් රසකාරකයක් සහ ආහාර පරිරක්ෂකයක් ලෙස සිය ආහාර වේලට එක් කර ගත්තේ මෙහි ඇති ඖෂධීය ගුණය පිළිබඳ අවබෝධයෙන් විය යුතු ය.
ගොරකා වල විස්මිත ගුණ
එදිනෙදා ජීවිතයේදී ගොරකා වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුළුබඩුවක්, ආහාර රසකාරකයක් සහ ආහාර පරිරක්ෂකයක් ලෙසයි. ඊට අමතරව විශ්මිත ඖෂධීය ගුණයන් රාශියක් මේ මගින් අපේ ශරීරයට ලබා ගත හැකි ය.
චරක මහා ඉසිවරයා හදවතට හිතකර දිව්‍යමය ආහාර දහයක් හඳුන්වා දුන් බවත් ගොරකා ද ඉන් එකක් බවත් ඉපැරැණි පොතපතෙහි සඳහන් වේ. ආයුර්වේදයේ දී රෝග ප්‍රතිකාරක සඳහා මෙහි පංචාංගයම යොදාගන්නා බව ද කියැවේ.
රුධිරගත කොලෙස්ටරෝල් පාලනයටත්, හදවතේ ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම වළකාලීමටත් ගොරකා මහෝපකාරී වේ. මෙමගින් සිරුර තුළ සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල් වල අහිතකර LDL කොලෙස්ටරෝල් අඩු වී, හිතකර HDL වර්ධනය වන බව කියැවේ. එමෙන්ම මෙමගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා කාර්යක්ෂම වී ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වේ. රෝගාබාධ හා ආසාදනය වලට එරෙහිව ක්‍රියාත්මක වී උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය රෝග වැළැක්වීමට හෝ ඉක්මනින් සුවපත් කිරීමට උපකාරී වේ. ආහාර රුචිය වර්ධනය කරන අතර ඉදිමුම්, දැවිලි, සන්ධි රෝග සමනය කරයි. ගොරකා ගර්භාෂ රෝග වලට ගුණදායක වන අතර විදුරුමස් රෝග වලට ද හිතකර වේ.

ශරීරයේ තරබාරු බව අඩු කරයි
තරබාරුකම දුරු කිරීම සහ අනවශ්‍ය මේද දහනය ද ගොරකා මගින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයන් ය. මෙමගින් ඔබට සිහින් සිරුරක් ලබාගැනීමට අනිවාර්යයෙන්ම හැකි වනු ඇත. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට, ආහාර වල විෂ සමනයට, බඩවැල්වල පිළිකා වැළැක්වීමට මෙන්ම බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීමට ද ගොරකා උපකාරී වේ. කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාර කිරීමේ දී ගොරකා පොතු සහ මල් යොදාගන්නා අතර වකුගඩු වල ඇති ගල්, කැබලි කිරීමේ ශක්තිය ද ගොරකා සතු ය. රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට ද ගොරකා උපකාරී වේ. එමෙන්ම ශරීරයේ තැල්මට ද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
රක්තවාතය, වණ, බඩවැල්වල රෝග සහ සත්ත්ව රෝග සඳහා ඖෂධ සැකසීමට ගොරකා යොදා ගනියි.
බලයා, කෙලවල්ලා වැනි සැර මාළුවලින් ඇති විය හැකි ආසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නැමැති රසායනය ගොරකා මගින් 80%කින් උදාසීන කරන බව සොයාගෙන ඇත.
මීට අමතරව දේශීය කෙම් ක්‍රම සහ ශාන්තිකර්ම සඳහා ද ගොරකා යොදා ගනු ලබයි.

ගොරකා භාවිත කළ හැක්කේ කොහොම ද?
ආයුර්වේදයේ දී ගොරකාවල පංචාංගයම භාවිතයට ගන්නා අතර එදිනෙදා ජීවිතයේ දී ගොරකා ගෙඩිය පලා, අව්වේ වියළා ආහාර රස කිරීමට යොදා ගනු ලබයි. මාළු ඇඹුල්තියල්, පොළොස් ආදී ව්‍යාංජන රසවත් කිරීමට මෙම ගොරකා අත්‍යවශ්‍ය ය. ගොරකා මද වලින් තෙල් සිඳ ගැනීමෙන් ඒවා ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. පානයක් ලෙස ද ගොරකා පිළියෙළ කරගත හැකි අතර එය ඔබට නිවසේ දී ම සිදු කරගත හැකි ය. මේ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් පිළිබඳ තොරතුරු අන්තර්ජාලය ඇසුරින් ඔබට පහසුවෙන්ම ලබාගත හැකිය.
ගොරකා මගින් ලබාගත හැකි අනවශ්‍ය මේද දහනය, තරබාරු බව අඩු කිරීම සහ කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව ආදී විශ්මිත ප්‍රතිලාභ හේතුවෙන් වර්තමානය වන විට කාර්යබහුල ජීවන රටාවට ගැළපෙන පරිදි ගොරකා ආශ්‍රිතව නිපැයූ නිෂ්පාදනයන් ද වෙළඳපළ තුළ දක්නට ඇත. මේවා පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සකසා ඇති අතර ඖෂධීය ගුණයට කිසි ලෙසකින් හෝ හානි වීමක් ද සිදු නොවේ.
ගොරකා පේස්ට්
ගොරකා, ජලය, ලුණු සහ ආහාර පරිරක්ෂකයක් අඩංගු නිෂ්පාදනයකි. ආහාර පිසීමේ දී භාවිත කිරීමට පුලුවන. දියවැඩියාව පාලනයට, කොලෙස්ටරෝල් පාලනයට සහ අධික තරබාරු බව පාලනය කරමින් අනවශ්‍ය මේද දහනය කිරීමට උපකාරී වේ. නිවසේ දී පිළියෙළ කරගැනීමට මෙන්ම කාර්යබහුලත්වය අනුව මේවා වෙළඳපළින් මිල දී ගැනිමට ද හැකියාව ඇත.
ගොරකා චූර්ණය
මෙය අධික තරබාරු බව අඩු කිරීම සඳහා මහඟු ඖෂධයකි. අනවශ්‍ය ලෙස මාංශපේෂි වර්ධනය හේතුවෙන් ඇති වන තරබාරු බව අඩු කරන අතරම මෙය කොලෙස්ටරෝල් පාලනයට සහ දියවැඩියාව පාලනයට ද යොදාගත හැකි ය. ප්‍රතිලාභ ලැබීමට නම් අවම වශයෙන් අඛණ්ඩව මාස තුනක්වත් පරිභෝජනය කළ යුතු ය. සුපිරි වෙළඳසල් සහ දේශීය ඖෂධ අලෙවි කරන අලෙවිසල් ආදියෙන් මේවා මිල දී ගත හැකිවේ.
ගොරකා තේ
වර්තමානය වන විට වඩාත් ප්‍රචලිතව ඇති ඖෂධීය පානයන්ගෙන් එකකි. හරිත තේ හෝ කළු තේ සමඟ මිශ්‍රිත තේ බෑග් ලෙස බොහෝ විට මේවා වෙළඳපළ තුළ දක්නට ඇත. මේවායේ ද ප්‍රධාන ඉලක්කය වනුයේ තරබාරු බව දුරලා සිරුරේ හැඩය පවත්වා ගැනීමයි. ඊට අමතරව මානසික පීඩනය දුරු කිරීම ද, සිරුරේ සීනි මට්ටම පාලනය කිරීම ද, කොලෙස්ටරෝල් පාලනය කිරීම ද මෙමගින් සිදු වේ. බොහෝ විට මෙම නිෂ්පාදනයන් ඔබට මිල දී ගත හැක්කේ ඔසුසල් සහ සුපිරි වෙළඳසල් මගිනි.

ගොරකා කරල්
ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර ඔබට හැඩැති සිරුරක් ලබාදීම සදහාත් කොලෙස්ටෙරෝල් වැනි රෝගි තත්ව වලින් ඔබව ආරක්ෂා කිරීමත් උදෙසා නිපදවූ ගොරකා කරල්, දැන් වෙළදපොලේ පහසු මිලට විකිණීමට තිබේ. කෘතිම නිෂ්පාදන වලට තිත තබා මෙවැනි ස්වාභාවික නිෂ්පාදන වලට යොමු වීම තුලින් ඔබට සාර්ථක ප්‍රතිපල නිසැකවම ලැබෙනු ඇත.
ගොරකා භාවිතය අහිතකර විය හැකි අවස්ථා
ගොරකා වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති ග්ලූකෝස්, අක්මාව තුළ දී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වේ. එම නිසා ලේ වල සීනි ප්‍රමාණය අඩු වේ. මේ නිසා දැනටමත් දියවැඩියාව රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් වැඩිපුර ගොරකා යෙදූ ආහාර පරිභෝජනය කිරීම සුදුසු නොවේ. කිසිඳු ඔසුවක් අධිපරිභෝජනය සුදුසු නොවන බැවින් වෛද්‍ය නිර්දේශයන් මත කටයුතු කිරීම වඩාත් සුදුසු ය.
රසවත් කුළුබඩුවක් ලෙස මෙන්ම ගුණවත් ඖෂධයක් ලෙසින් ද ගොරකා භාවිත කරමු
හැඩැති සිරුරක් ලබා ගැනීමට මෙන්ම, නිරෝගී ජීවිතයක් ලබා ගැනීමට ද මිනිසුන් වශයෙන් අප සිහින දකින්නෙමු. එහෙත් කාර්යබහුල ජීවන රටාව තුළ අපට බොහෝ දේවල් මගහැරී යන අතරම එය අපේ ජීවිතයේ නිරෝගී භාවයට ද බලපෑම් එල්ල කරයි. එබැවින් තමා ගැන සැලකිලිමත් වීම ද ඕනෑම අයෙකුට වැදගත් ය. මෙවන් ඖෂධීය ගුණයෙන් ඉහළ හෙළ ඔසු කොපමණක් ඔබගේ භාවිතයෙන් මගහැරී යන්නේ දැයි ඔබ සිතුවා ද? ඖෂධයන් ලෙසින් මේවා මහා පරිමාණයෙන් භාවිත කිරීමට අවශ්‍ය නො වන අතර, අවශ්‍ය වනුයේ ඔබගේ ජීවන රටාවට ගැළපෙන අයුරින් ක්‍රමවේදයන් සකසාගෙන මේවා සුළු වශයෙන් හෝ ඔබගේ ආහාර වේලට එකතු කරගැනීමයි.

මේවා බොහොමයක් ඔබට නිවස තුළම සකසා ගත හැකි ය. නූතනයේ දේශීය නිෂ්පාදනයන් බොහොමයක් වෙළඳපළ තුළ ද පවතී. කාර්යබහුල ඔබට ඒවා මිල දී ගෙන ආහාරයට එකතු කරගත හැකිය. එය දේශීය ව්‍යවසායකත්වයන්‍ට සවියක් වන්නා සේම ඔබ සහ ඔබගේ ළබැඳියන්ගේ සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වා ගැනීමට ද උපකාරී වේ. මෙමගින් අනාගතයේ ඔබට නිරෝගී ජීවිතයකට ද මඟ පෑදෙනු ඇත.
හෙළ ඔසු වල වටිනාකම් ජීවිතයට එකතු කර ගනිමින් නිරෝගීභාවය ළඟා කර ගනිමු.