Greenhopes-Amlapowder
Greenhopes-
myherbals


guna-herbalvoice.lk

තුරු ගොමුවෙන් සුවපත් දිවියකට

අපේ මහ පොළොවේ වැඩෙන ශාකසාරවල ඇති , ඔබ මෙතෙක් නොදත් වටිනා ගුණයන් බොහෝමයි. ඒවා ඔබේ ආහාර රටාවට නිවැරැදිව එක් කරගෙන නිරෝගී සම්පන්න දිවියක සාඩම්බර හිමිකරුවන් වෙමු.

ගුණ – නිවැරදි, පෝෂ්යදායක ආහාර රටාවකට හුරුවෙමු

අතීතයේ ජීවත් වූ අපේ මුතුන්මිත්තන් ශක්ති සම්පන්න ශරීරයකට උරුමකම් කීමට හේතුවක් ලෙස ඔවුන්ගේ ජීවන රටාව තුළ තිබූ ආහාර පාන ගෙනහැර දැක්විය හැකිය. ශක්තිය මෙන්ම නිරෝගි බව ද එක් කළ කැඳ වැනි පානයන් භාවිතය මගින් ඔවුන් අපමණ ගුණයන් රාශියක් තම ජීවිත වලට ලබාගත්තේය. මීට අමතරව පළා වර්ග, කොස්, දෙල් ආදී ආහාර වර්ග බත මෙන්ම ඔවුනට සමීප විය. මෙවැනි ආහාර වර්ග සඳහා ලෝකය පුරා සිටින බොහෝමයක් දෙනාගේ ඉල්ලුමක් මේ වන විට පවතින නමුත්, ඒවා පහසුවෙන් ලබාගැනීමට ඔවුනට අවකාශයක් නොමැති තරම්ය. එවන් වූ බොහෝමයක් පිරිස් වෙනුවෙන්ම පෝෂණ ගුණය සුරැකෙන පරිදි කල් පවතින අයුරින් සකසන ලද දේශීය ආහාර වර්ග පහසුවෙන් ඇණවුම් කිරීමට සහ මිලදී ගැනීමට වත්මන් වෙළදපොල තුළ යම් තාක් හෝ අවකාශය තිබීම සතුටට කරුණකි.

බත් යනු ශ්රී ලාංකිකයන්ගේ මෙන්ම ආසියාතික රටවල් බොහෝමයක ජනයාගේ ප්රධානතම අහාරය වේ. වර්තමානයේ ගුණයෙන් අඩු සහල් වර්ග වෙළදපොලේ තිබෙන නමුත් අතීතයේ ශ්රී ලංකාව තුළ දේශීය සහල් විශේෂ 1500කට අධික සංඛ්යාවක් තිබී ඇත. ඒවායේ ඉහළ ගුණාත්මක බව ක්රමයෙන් අප අතරෙන් ඈත්ව යන මොහොතක එම සහල් විශේෂ සැලකිය යුතු ප්රමාණයක රසය සහ ගුණය ඔබ අතට පත් කිරීමට ද අප සූදානම්ව සිටියි. අනාගත පරම්පරාව මෙන්ම වත්මන් පරම්පාව ද අතීත ශ්රී ලාංකීය රසය හදුනන, නිරෝගි පරපුරක් වනු දැකීම අපගේ අභිප්රායයි.