කාබන් ඩයොක්සයිඩ් යනු, ලොව පුරා සුලභව දැකිය හැකි සියලූම ජීවීන් තුළ හමුවන, තද තියුණු ගන්ධයක් ඇති අවර්ණ වායුවකි. එය බොහෝ විට එහි CO2 සූත්‍රය මගින් හැඳින්වේ. එය කාබන් චක්‍රයේ ප්‍රධාන අංගයකි. තවද මෙය හරිතාගාර වායුවක් වන අතර එය ස්වාභාවික හා කුඩා ප්‍රමාණ වලින් ඇති විට හානිකර නොවුවද ඉතා ඉහළ මට්ටම් වලින් වායුගෝලයේ පවතින විට හානිකර වේ. පෘථිවි වායුගෝලයේ මෙය 1%කටත් අඩු සුළු ප්‍රාමාණයකින් පවතියි. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වන විවිධ ආකාර පවතියි. ඒවා නම්; කාබන් අඩංගු ද්‍රව්‍ය වන ගල් අඟුරු, තෙල්, ස්වාභාවික වායු දහනය වීමෙන්, පැසවීමෙන්, සතුන් ශ්වසනය කිරීමෙන් සහ ශාක මඟින් කාබෝහයිඩ්‍රේට ප්‍රාභාසංස්ලේෂණය කිරීමෙනි.
කාබන් ඩයොක්සයිඩ් වායුව පැවතීම නිසා පෘථිවියේ උෂ්ණත්වය ජීවින්ට හිතකර මට්ටමක පවත්වාගැනීමට හැකිවේ. කාබන් ඩයොක්සයිඩ් වැනි වායු මගින් පෘථිවියට ලැබෙන විකිරණ ශක්තියෙන් සමහරක් අවශෝෂණය කරන අතර එමඟින් හරිතාගාර ආචරණය ඇති කරයි. මෙම ස්වාභාවික ක්‍රියාවලිය පවත්වාගැනීම නිසා පෘථිවියේ උෂ්ණත්වය බොහෝ අඩු වීමට නොදී ජීවීන්ගේ ජෛව ක්‍රියාවලි පවත්වාගැනීමට අවශ්‍ය පරිසරයක් සකසයි.

කාබන් ඩයොක්සයිඩ් සෙල්සියස් -78 දී ඝන අවස්ථාවට පත්වේ. එවිට ඒවා වියළි අයිස් ලෙස හඳුන්වයි. ද්‍රව කාබන් ඩයොක්සයිඩ් ප්‍රධාන වශයෙන් පවතින්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවන විට ය. කාබන් ඩයොක්සයිඩ් ජලයේ ද්‍රාව්‍ය වන්නේ පීඩනය පවත්වාගෙන යන විට පමණි. පීඩනය පහත වැටුණු පසු CO2 වායුව වාතයට පැන යාමට උත්සාහ කරයි. මෙහිදී CO2 බුබුලු ජලය බවට පත්වේ.
කාබන් ඩයොක්සයිඩ් හරිතාගාර හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සමඟ ඇති සම්බන්ධය නිසා බොහෝ ආකාරවලින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත. නමුත් නියත වශයෙන්ම, කාබන් ඩයොක්සයිඩ් යනු බොහෝ ප්‍රයෝජනවත් කාර්යයන් සහිත ස්වාභාවිකව ඇති වන වායුවකි.
කාබනීකෘත බීම, ගිනි නිවන උපකරණ, ජීවිතාරක්ෂක කබා දක්වා කාබන් ඩයොක්සයිඩ් වලින් ලෝකය තුළ ප්‍රයෝජන ගණනාවක් ඇත. අප ගන්නා ශාකමය ආහාර නිපදවීම සදහා අවශ්‍ය ශක්තිය පරිවර්තනය කිරීම සඳහා ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලියට කාබන් ඩයොක්සයිඩ් අත්‍යවශ්‍ය වේ. මෙය ජීවීන්ට කාබන් ඩයෝක්සිඩ් වලින් ඇති ප්‍රදානම ප්‍රයෝජනයයි.
කාබන් ඩයොක්සයිඩ් යනු විවික්ත ද්‍රවයයක් ලෙස විස්තර කල පළමු වායුවයි. 1640 දී පමණ ජෑන් බැප්ටිස්ට් වෑන් හෙල්මොන්ට් නිරීක්ෂණය කළ පරිදි සංවෘත බඳුනක අඟුරු පුලුස්සා දැමූ විට එහි ප්‍රථිපලයක් ලෙස අලු වල ස්කන්ධය මුල් අඟුරු වල ස්කන්ධයට වඩා බෙහෙවින් අඩු විය. ඔහුගේ නිගමනය වූයේ අඟුරු වල ඉතිරි කොටස අදෘශ්‍යමාන ද්‍රවයක් බවට පරිවර්තනය වී ඇති බවයි. මොහු එය වායුවක් ලෙස නම් තැබීය. පසු කාලීනව විවිධ විද්‍යාඥයන් විසින් කාබන් ඩයොක්සයිඩ් පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත.
අණුක වයුහය
කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් පරමාණු දෙකකට සහසංයුජව බන්ධනය වූ කාබන් පරමාණුවකින් සමන්විත වේ. මෙම අණුව රේඛීය හා කේන්ද්‍රීයව සමතුලිත වේ. කාබන් ඔක්සිජන් බන්ධනයේ දිග පිකෝ මීටර් 116.3 වන අතර එය කාබන් ඔක්සිජන් තනි බන්ධනයක දිගට වඩා සැළකිය යුතු තරම් කෙටිය. එය කේන්ද්‍රීය සමමිතික බැවින් අණුවට විද්‍යුත් ද්වි ධ්‍රැවයක් නොමැත. මෙහි අණුක බර 44.01 වන අතර විශිෂ්ට ගුරුත්වය සෙල්සියස් 21 දී 1.53 සහ ඝනත්වය 468kg/m3 වේ. මෙම වායුවට ඉහළ ස්ථාවරත්වයක් ඇත.
කාබන් ඩයොක්සයිඩ් පරිසරයට අවශ්‍ය ඇයි? මෙය ප්‍රමාණය ඉක්මවා වායුගෝලයේ තිබීමෙන් කුමක් සිදු වේද?

කාබන් ඩයොක්සයිඩ් සමඟ සබැඳි එක් ප්‍රධාන කරුණක් වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ දී එහි භූමිකාව සහ එය වායුගෝලයේ වැඩි වන වේගයයි. ආක්ටික් අයිස් සාම්පල් වලින්, ඇස්තමේන්තු කර ඇත්තේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වසර දහස් ගණනක් තිස්සේ ස්ථායීව පවතින බවයි. එය මිලියනයකට කොටස් 260 සිට 280 දක්වා වේ. කෙසේ වෙතත්, කාර්මික විප්ලවය උදාවූ දා සිට, කාබන් ඩයොක්සයිඩ් මට්ටම 36% කින් ඉහළ ගොස් ඇති අතර, එයින් අඩක් 1973 සිට සිදු වේ. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 280 සිට (ppm) 1700 මැද භාගයට පෙර 370 ppm දක්වා වැඩි වී තිබේ. අද වන විට ගෝලීය දේශගුණික විපර්යාස සහ ඒ ආශ්‍රිත බලපෑම් අධ්‍යයනය කරන පර්යේෂකයන්ගේ මූලික අවධානය යොමු වී ඇත්තේ මෙම වේගවත් වැඩිවීමයි.
ස්වාභාවික හා මානව ක්‍රියාකාරකම් තුළින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කළ හැකිය. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා බොහෝ දෙනා CO2 පිට කරන ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කිරීමට හේතු වී ඇත. පොසිල ඉන්ධන දහනය කරන විට වාතයට මුදා හරින්නේ කාබන් ය. කෙසේ වෙතත්, ස්වාභාවික කාබන් ඩයොක්සයිඩ් ප්‍රභව වන සත්ව හා ශාක ශ්වසනය, ගිනිකඳු පුපුරා යාම වායුගෝලයේ CO2 සාන්ද්‍රණය වැඩි කිරීමට දායක වේ. ස්වාභාවික කාබන් චක්‍රය තුළ කාබන් විවිධ ප්‍රභවයන්ගෙන් වායුගෝලයට මුදා හරින අතර එය විවිධ ප්‍රභවයන් හරහා අවශෝෂණය වේ. නිදසුනක් වශයෙන්, මිනිසුන් කාබන් ඩයොක්සයිඩ් ශ්වසනය මගින් ලබා දෙන අතර ශාක ඒවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රභවයක් බවට පත් කරයි. ශාක ප්‍රභාසංස්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරයි. සාගරය ප්‍රභවයක් සහ අවශෝෂණ මාධයයක් ලෙස ක්‍රියා කරන අතර කාබන් ඩයොක්සයිඩ් මුදා හැර ස්වාභාවික ක්‍රියාවලීන් මගින් එය අවශෝෂණය කරයි. ගිනිකඳු පුපුරායාම CO2 හි ස්වාභාවික ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. කෙසේ වෙතත්, ගිනිකඳු පුපුරා යාමෙන් නිකුත් වන කාබන් ප්‍රමාණය සාපේක්ෂව කුඩා ය.
වායුගෝලයට එකතු වන අමතර කාබන් ඩයොක්සයිඩ් සියල්ලම කොහේ හෝ යා යුතුය. මේ වන විට මිනිසුන් විසින් වායුගෝලයට එකතු කරන ලද කාබන් ඩයොක්සයිඩ් සියයට 55 ක් පමණ ගොඩබිම් පැලෑටි සහ සාගරය මඟින් අවශෝෂණය කළද සියයට 45 ක් පමණ වායුගෝලයේ තව දුරටත් රැඳී ඇත. අවසානයේදී, ගොඩබිම හා සාගර අමතර කාබන් ඩයොක්සයිඩ් තවත් වැඩි ප්‍රමාණයක් ගනු ඇත, නමුත් සියයට 20 ක් තරම් ප්‍රමාණයක් වසර දහස් ගණනක් වායුගෝලයේ පවතිනු ඇත. වායුගෝලයේ ඇති අතිරික්ත කාබන් පෘථිවිය උණුසුම් කරන අතර භූමියේ ශාක වැඩීමට උපකාරී වේ. සාගරයේ ඇති අතිරික්ත කාබන් මගින් ජලය වඩාත් ආම්ලික වන අතර එයින් සමුද්‍ර ජීවීන් අනතුරේ හෙළයි.
කාබන් ඩයොක්සයිඩ් අණු ජල වාෂ්ප සාන්ද්‍රණය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික හරිතාගාර උණුසුම සපයයි. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය පහත වැටෙන විට පෘථිවිය සිසිල් වන අතර සමහර ජල වාෂ්ප වායුගෝලයෙන් පිටතට වැටේ. ඒ හා සමානව, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යන විට, වාතයේ උෂ්ණත්වය ඉහළ යන අතර වැඩි ජල වාෂ්ප වායුගෝලයට වාෂ්ප වන අතර එමඟින් හරිතාගාර උණුසුම වැඩි කරයි. මේ අයුරින් ගෝලීය උණුසුම 1800 සිට සෙල්සියස් 0.8කින් වැඩි වී ඇත.
වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්නේ කෙසේද?

පොසිල ඉන්ධන දහනය කිරීමෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ නංවන අතර හරිතාගාර ආචරණයට සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට කාබන් ඩයොක්සයිඩ් ප්‍රධාන දායකත්වයක් සපයයි. පොසිල ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමට ඔබට උදව් කළ හැකි අතර එමඟින් ගෝලීය උණුසුම අඩු කරයි. අවම ඇසුරුම් සහිත නිෂ්පාදන මිලදී ගැනීම අපද්‍රව්‍ය අඩු කිරීමට උපකාරී වේ. ඔබේ ගෘහස්ථ අපද්‍රව්‍ය වලින් අඩක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ඔබට වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් රාත්තල් 2,400 ක් ඉතිරි කර ගත හැකිය.
ඔබේ බිත්තිවලට පරිවරණය එකතු කිරීම සහ දොරවල් සහ ජනේල වටා ආවරණය කිරීම ඔබේ තාප පිරිවැය සියයට 25 කට වඩා අඩු කර ගත හැකිය, ඔබේ නිවස උණුසුම් කිරීමට සහ සිසිල් කිරීමට අවශ්‍ය ශක්තිය අඩු කිරීමෙන්, ඔබ රාත්‍රියේ නිදා සිටියදී හෝ දිවා කාලයේදී නිවසින් පිට සිටින විට නිවසේ තාපය අඩු කරන්න. සෑම විටම උෂ්ණත්වය මධ්‍යස්ථව තබා ගන්න. ක්‍රමලේඛගත කළ හැකි තාප ස්ථායයක් ස්ථාපනය කිරීමෙන් එය ශීත කාලයේදී අංශක 2 ක් අඩු හා ගිම්හානයේදී ඉහළ මට්ටමක තැබීමෙන් සෑම වසරකම කාබන් ඩයොක්සයිඩ් රාත්තල් 2,000 ක් ඉතිරි කර ගත හැකිය.
ඕනෑම තැනක හැකිතාක් සාමාන්‍ය විදුලි බුබුළු වෙනුවට එල්.ඊ.ඩී බල්බ ආදේශ කරන්න. මෙම බල්බ භාවිතය මේ වන විට ලෝකය පුරා ප්‍රචලිත වී ඇත. ඔබේ නිවසේ දැල්වෙන වෙනත් විදුලි බුබුලු, එල්.ඊ.ඩී විදුලි බල්බ මගින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් බල්බයේ ආයු කාලය වැඩි කරගත හැකි අතර එමගින් ඔබට යම් මුදලක් ද ඉතිරි කරගත හැකිය.
තවද හැකි සෑම අවස්ථාවකදීම පැළයක් සිටුවීමෙන් වායුගෝලයේ ඇති වැඩි කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කල හැක. මෙවැනි සුළු ක්‍රියාකාරකම් මඟින් සාමාන්‍ය ජනතාව වන අපට ගෝලීය උණුසුම අඩු කර ගැනීමට නිවසේ සිටියදීම උපකාරී කළ හැක.