Greenhopes-Amlapowder
Greenhopes-
myherbals
Myherbals-Capsules

රුව වඩන, විෂබීජ නසන කහ

You are currently viewing රුව වඩන, විෂබීජ නසන කහ

 

කහ යනු ප්‍රධාන වශයෙන් ලංකාව ඇතුලු ආසියාතික රටවල් බොහෝමයක භාවිත වන කුළුබඩු වර්ගයකි. Curcuma longa  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන කහ අයත් වන්නේ Zingiberaceae යන කුලයටයි. ඈත අතීතයේ සිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධානතම විෂබීජ නාශක ඖෂධයක් ලෙස මෙන්ම  ශ්වසන අපහසුතා හා ශරීරයේ හටගන්නා අධික වේදනාවන් ආදිය සමනය කිරීම සඳහා ද කහ භාවිත කර ඇත. වර්තමානය වන විට ආතරයිටීස් තත්වයන්ට, සම, අක්මාව හා පිත්තාශය ආශ්‍රිත රෝග පාලනය සඳහා අවශ්‍ය පෝෂණ ගුණයන්  අඩංගු පෝෂණ අතිරේකයක් ලෙසින්ද කහ භාවිත කරනු ලබයි. කහ තුළ අන්තර්ගත ක්‍රියාකාරී සංයෝගයක්  වන කුර්කුමිනොයිඩ්ස් කහ වර්ණයෙන් යුක්ත වන අතර එය ආහාර වර්ණ ගැන්වීම සඳහා හා විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහාද යොදා ගනියි. අමු කහ ලෙස භාවිත කරන්නේ කහ ශාකයේ රයිසෝම ලෙස හඳුන්වනු ලබන පොළොව යට ඇති කොටසයි.

කහ -රුව වඩන, විෂබීජ නසන කහ-www.herbalvoice.lk 

කහ ශාකය අඩි 3.3 ක් පමණ උසට වැඩෙන අතර සරල පත්‍ර සහිත වේ. භූගතව හට ගන්නා රයිසෝම අඟල් 1-3 ත් අතර දිගකින් යුක්ත වේ. කහ වලට ආවේණික වූ  ප්‍රසන්න සුවඳත්, තිත්ත රසයත් එයට සුවිශේෂී බවක් එක් කරයි. අමු කහ, වද කහ වැනි කහ වර්ග කිහිපයක්ම ලංකාවේ ද පහසුවෙන් වගා කෙරෙන අතර මේ වන විට කහ වගාව සදහා විශාල ඉල්ලුමක් මෙරට මෙන්ම විදේශීය වශයෙන් ද පවතියි.

කහ තුල අන්තර්ගත වටිනාකම්

කහ තුළ අධික සෞඛ්‍යමය වටිනාකම්  වලින් යුතු වූ ජෛව ක්‍රියාකාරී සංයෝග අඩංගු වේ. මෙම ක්‍රියාකාරී සංයෝග ඉහතදී සඳහන් කළ පරිදී කුර්කුමිනොයිඩ්ස් ලෙස හඳුන්වනු ලබන අතර කුර්කුමින් එ අතරින් සුවිශේෂී වේ. කුර්කුමින් කහවල ප්‍රධානතම ක්‍රියාකාරී සංයෝගය ලෙස ක්‍රියා කරයි. මේ තුළ ශක්තිමත් ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාරක හැකියාවක් පවතී. නමුත් කහ තුළ අන්තර්ගත කුර්කුමින් ප්‍රමාණය එහි බරින් 3% ක් වැනි අවම අගයක් ගනී. කහ කුඩු මේදයේ දියවන අතර මේද සහිත ආහාර සමඟ ශරීරයට එක් කර ගැනීමෙන් වඩාත් හිතකර ප්‍රතිඵල ලැබිය හැකිය. පෙර සඳහන් කල පරිදි කුර්කුමින් සතු ස්වභාවික ප්‍රතිප්‍රදාහක ගුණයන්   ශරීරයට බාහිරින් ඇතුළු වන ආගන්තුක ද්‍රව්‍යයන් සමඟ සටන් කිරීම හා ශරීරය තුළ සිදුවන හානියන් නැවත යථා තත්වයට පත් කිරීම සිදු කරයි.

කහ -රුව වඩන, විෂබීජ නසන කහ-www.herbalvoice.lk 

https://commons.wikimedia.org/wiki/File:Turmeric_field.jpg

ලෙඩ රෝග බොහෝමයකට සුව දෙන කහ

 කිසිදු අයුරකින් ප්‍රදාහයක් ඇති නොකරමින් අපව මරණයට පත් කිරීමේ හැකියාව පවා බැක්ටීරියා, වෛරස වැනි ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍රජීවීන් සතුව පවතී. එමඟින් සෛල හා පටක වලට දැඩි ලෙස හානිවීමක් සිදු වේ. මෙමඟින් ශරීරයේ අවයව වල ක්‍රියාකාරීත්වය පහත වැටෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස හදවත් රෝග, පෙනහලු ආශ්‍රිත රෝග, පිළිකා හා පරිවෘත්තීය ක්‍රියා තුළ ඇතිවන දුර්වලකම් ආදිය හටගනී. මේ සියල්ලටම ප්‍රතිකාරයක් ලෙස කුර්කුමින් තුළ අඩංගු ප්‍රතිප්‍රදාහක ගුණය භාවිත කළ හැකිය.

කහ වල ඇති මෙම සංයෝගය මගින් මිනිස් ශරීරයේ සෛලවල න්‍යෂ්ටිය තුළට ඇතුළු වී ප්‍රදාහක තත්වයන් ඇති කරන අණු අවහිර කරනු ලබයි. ඒ අනුව ශරීරය තුළ ඇතිවන ප්‍රදාහක තත්වයන් සමඟ සටන් කරමින් ශරීරය නිරෝගීව පවත්වා ගැනීම සඳහා කහ ඉතා සුවිශේෂී ප්‍රතිකාරයක් වේ. තවද, කහ මඟින් ශරීරයේ ප්‍රතිඔක්සිකාරක හැකියාව ඉහළ නංවයි. වයස්ගත වීමත් සමඟ ශරීරයට හානි ඇතිවීම හා රෝග බහුල වීම සිදු  වන්නේ මෙම ඔක්සිකාරක නිසාය. ශරීරය තුළ පවතින මුක්ත ඛණ්ඩක හෙවත් නිදහස් අණු දේහය තුළ අන්තර්ගත වැදගත් කාබනික සංයෝග වන මේද අම්ල,ප්‍රෝටීන හෝ DNA  සමඟ ප්‍රතික්‍රියා කර ශරීරයට හානි ඇති කරයි. එබැවින් මෙම ප්‍රතිඔක්සිකාරක හැකියාවක් පවතින කුර්කුමින් දේහයේ පවතින නිදහස් අණු උදාසීන කරයි. එමෙන්ම ප්‍රතිඔක්සිකාරක එන්සයිම වල ක්‍රියාකාරීත්වයද ඉහල නංවයි. 

තවද මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමත්, මොළය ආශ්‍රිත රෝග වලට ඇති අවදානම අඩු කිරීමත් කහ මඟින් ලබා ගත හැකි විශේෂ ප්‍රයෝජනයන්ය. නියුරෝන යනු මිනිස් ශරීරයේ මතක ශක්තිය ගබඩා කිරීමට මෙන්ම තවත් බොහෝ ක්‍රියාවන් පාලනය කරන මොළයේ අඩංගු සෛල කොටස්‍ ය. වයස්ගත වීමත් සමඟ මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදුවන නිසා ඇති වන ඇල්සයිමර් රෝගය හා විෂාදය වැනි රෝගී තත්වයන් නිසා න්‍යුරෝන වල ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල වේ. නමුත් කහ තුළ අන්තර්ගත කුර්කුමින් වලට එම තත්වය පාලනය කිරීමට හැකියාවක් ඇත. එනිසා මොළය  ආශ්‍රිතව හට ගන්නා රෝග මෙන්ම වයස්ගත වීම නිසා හටගන්නා රෝග වලට ඇති අවදානම  අඩු කරමින් මතක ශක්තිය වර්ධනය කිරීම ද කහ මඟින් සිදු කරයි. 

ලොව සිදුවන මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ හෘදයාබාධ නිසාය. හෘදයාබාධ හටගැනීමේ ක්‍රියාවලියේ ඇතිවන  යම් යම් අවස්ථා මෙමඟින් මැඩ පවත්වයි. එමෙන්ම හෘද රෝග ඇතිවීමට හේතු වන ප්‍රදාහයන්, ඔක්සිකරණ ක්‍රියාවලියන් ආදිය,  කහ පරිභෝජනය කිරීම තුළින් අවම කර ගත හැකිය. එමෙන්ම සෛලවල  අසාමාන්‍ය වර්ධනය නිසා හටගන්නා පිළිකා තත්වයන් ඇතිවීමේ අවදානම අවම කිරීමට කහ සතුව විශේෂ හැකියාවක් ඇත. මෙහි වැදගත්කම වන්නේ අණුක මට්ටමෙන් පිළිකාව පැතිරීමේ හැකියාව අවම කිරීමට කහ වල අඩංගු සංයෝග වලට පුලුවන්කම තිබීමයි. එසේ සිදු කරන්නේ පෙර සඳහන් කල පරිදි  ප්‍රතිඔක්සිකරණ ක්‍රියාවලිය මඟින් දේහයේ පවතින මුක්ත ඛණ්ඩ උදාසීන කිරීම මඟිනි.

කහවල අඩංගු ප්‍රතිප්‍රදාහක හැකියාව මඟින් අස්ථි ප්‍රදාහයන් නිසා ඇතිවන ආතර්යිටීස් තත්වයන් අවම කිරීම  සිදු කරයි. එමෙන්ම විෂාදය, මානසික පීඩනය වැනි ගැටළුකාරී රෝගයන් ඇතිවේමේ අවදානම අවම කිරීමට කහ සතුව විශේෂිත වූ හැකියාවක් ඇත. තවද ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහල නැංවීමටද කහ සතුව විශේෂ හැකියාවක් ඇත. මෙලෙස අස්ථි, පෙනහළු, රුධිර නාල වැනි කොටස් වල නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට කහ ඉතා වැදගත් ඖෂධයක් වන බව ඔබට වැටහෙනු ඇත.

 රූපලාවණ්‍ය සදහා නැතිවම බැරි කහ

ඉහත සඳහන් කල සෞඛ්‍යමය වටිනාකම් වලට අමතරව  විවිධ රූපලාවණ්‍ය කටයුතු හා නිෂ්පාදන සඳහාද කහ ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලබයි. පෙර සඳහන් කළ පරිදී කහ තුළ අඩංගු ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාරක ගුණයන් සමෙහි ප්‍රභාව වඩවමින් සමට ස්වභාවිකවම දීප්තිමත් බවක් එක් කරයි. එබැවින් අලේපන වර්ග, ෆේෂ් වොෂ්, ස්ක්‍රබ් ආදී ඉතා විශාල පරාසයක් තුළ වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා කහ ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරයි.

කහ -රුව වඩන, විෂබීජ නසන කහ-www.herbalvoice.lk 

මේ වන විටත් පහසුවෙන් වෙලදපොලෙන් මිලදීගත හැකි අයුරින් නිෂ්පාදිත කහ අඩංගු සබන් වර්ග, මුහුණ සේදුම් කාරක, ක්‍රීම් සහ වෙනත් ආලේපන වර්ග මෙන්ම ෆේස් පැක් ආදිය ද පහසු මිලට වෙලදපොලෙන් ලබාගැනීමට ඔබට හැකියාව තිබේ. මෙම නිශ්පාදන සුදුසු අයුරින් නිසි කලක් නිවැරැදිව ආලේපනය තුලින් ඔබට වඩාත් පැහැපත් මෙන්ම නීරෝගි සමක් ලබාගැනීමට හැකිවනු ඇත. මේ වන විටත් ලොව පුරා ජීවත් වන බොහෝමයක් දෙනා කහ සාරය අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන කෙරෙහි තම වැඩි අවධානය යොමු කොට තිබෙන්නේ ඒවායේ අඩංගු ස්වාභාවික ශාක සාර ගුණය නිසාවෙනි. කෘතිම නිෂ්පාදන වෙනුවට මෙවැනි ස්වාභාවික ආලේපන යොදා ගැනීම තුලින් ඔබටත් අදහාගත නොහැකි ප්‍රථිපල රාශියක් ලබාගත හැකිවනු ඇත. 

සමෙහි තුවාලයක් ඇති වූ විට ප්‍රදාහයන් හෝ අසාත්මිකතා හා ඔක්සිකරණ ක්‍රියාවලියන් සිදු වීම වලක්වා සමෙහි පටක වර්ධනය වේගවත් කරමින් තුවාල සුව වීම වේගවත් කිරීමට කහ වලට හැකියාව තිබේ. එමෙන්ම සමෙහි පවතින් කොලැජන් මට්ටම නිසි ආකාරයෙන් පවත්වා ගැනීමටද කහ භාවිත කල හැකිය. අමු කහ , වද කහ හෝ කහ අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන  මුහුණේ ආලේප කිරීම තුළින් කුරුලෑ, ලප කැලැල් ආදිය අවම කරගත හැකිය. සමෙහි ඇතිවන දද, කුෂ්ට හා දහඩිය බිබිලි ආදිය සුව කරගැනීමට ඈත අතීතයේ සිටම කහ භාවිත කර ඇත.

කොවිඩ්-19 වැනි වසංගත රෝග හමුවේ සනීපාරක්ෂාව සලසයි

කහ තුළ අන්තර්ගත බැක්ටීරියා, වෛරස හා අනිකුත් විෂබීජ  විනාශ කිරීමේ හැකියාව නිසා විෂබීජ නාශකයක් ලෙස කහ යොදාගනියි. ආදි මුතුන් මිත්තන් තම නිවෙස්වල කහ දියර ඉසීම දිනපතා සිදු කර ඇත. වර්තමානයේද, එම කහ දියර ඉසීම යම්  ස්ථානවල සිදු කරනු ලබයි. එමඟින් විෂබීජ විනාශ කිරීමක් සිදුවන බව පරීක්ෂණ වලින්ද තහවුරු වී ඇත. කොවිඩ් 19 වැනි රෝග තත්වයන් වලදී නිසි ආකාරයෙන් සනීපාරක්ෂාව සලසා ගැනීමට කහ දියර නිවෙස් අවට ඉසීමත්, නිවෙසට පිටින් ගෙන එන එලවලු ආදිය කහ දියර තුල ගිල්වා තබා ඒවා විෂබීජහරණය කරගැනීමටත් සිදු කරගත හැකිය.

කහ වලින් සෑදූ බෙහෙත් කරල්

නියමිත ප්‍රමාණයට කහ ශරීරයට නොලැබෙන්නේ නම් එය පෝෂණ අතිරේකයක් ලෙස ලබාගැනීමේ හැකියාව මේ වන විට පවති. දේශීය වෙළඳපලේ දේශීය නිෂ්පාදනයක් ලෙස ස්වභාවික කහ වලින් නිෂ්පාදිත කරල් මිලදී ගැනීමට හැකියාවක් දැන් ඔබට තිබේ. නිසි ප්‍රමිතියකට  අනුව වෛද්‍ය අනුමැතිය ඇතිව නිෂ්පාදනය කර ඇති මෙම  කරල් පහසුවෙන්ම පෝෂණ අතිරේකයක් ලෙස ලබා ගැනීමට හැකිය.

කහ -රුව වඩන, විෂබීජ නසන කහ-www.herbalvoice.lk-naturalle turmeric capsules 

 

කහ සහ මී පැණි

කහ සහ මී පැණි සුසංයෝගය භාවිතය තුලින් ඔබට පැහැපත් මෙන්ම නිරෝගි සමක් ලබාගත හැකිය. මුහුණේ ඇති කුරුලෑ පාලනය කර නිකැලැල් සමක් ලබාගැනීමට මෙම සංයෝග භාවිතය තුලින් ඔබට අනිවාර්‍යයෙන්ම හැකි වනු ඇත. කහ වල ඇති ඖෂධීය සංඝටක සහ මී පැණි වල ඇති පෝෂණීය සාරය තුලින් සමට ඉතා හොද සත්කාරයක් ලබාදෙනු නියතය. මෙම සංයෝග ඇතුලත් රූපලාවණ්‍ය නිෂ්පාදන මේ වන විටත් ඔබට පහසුවෙන් වෙලදපොලෙන් මිලදීගැනීමට හැකියාව තිබේ.

ඉතා පහසුවෙන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන  මෙවන් ශාක සාරයකින් ලබාගත හැකි ප්‍රයෝජන අති මහත්‍ ය. එබැවින් මෙවැනි දේශීය නිෂ්පාදන කෙරෙහි අවධානය ලබාදීම තුලින් ඔබට නිරෝගි දිවියකට උරුමකම් කළ හැකිය. එපමණක් නොව, කහ වගාවට ඇති ඉල්ලුම නිසාවෙන්  ඒවා ඔබේ ගෙවත්තේ හෝ වගා කිරීම හරහා ඔබේ ආර්ථික තත්වය ද ඉහළ මට්ටමකට ඔසවා තබා ගැනීමට නිසැකවම ඉඩ ලැබෙනු ඇත.

 

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න