Greenhopes-Amlapowder
Greenhopes-
myherbals
Myherbals-Capsules

වකුගඩු රෝගයට ගුණ දෙන “ඉගිනි” ගැන ඔබ අසා තිබෙනවාද?

You are currently viewing වකුගඩු රෝගයට ගුණ දෙන “ඉගිනි” ගැන ඔබ අසා තිබෙනවාද?

මේ ගස් වැල්, සතා සිවුපාවා, ඇළ දොල, ගංගා යන සියල්ලේම අයිතිකරුවා වන්නේ සොබාදහමයි. මිනිසාටත්, අන් ජීවීන් සියල්ලන්ටමත් අවශ්‍ය වන සියලුම දේ සොබාදහම විසින් ලබාදී ඇති බවට කිසිදු සැකයක් නැත. මේ පරිසරය තුළ බොහෝමයක් ශාක ඇති නමුත් ඒවායෙන් ඔබ දන්නා ශාක ඇත්තේ ඉතාම අල්පයකි. මෙම ශාක වල ඇති ගුණාත්මක බව පිලිබඳව අප බොහෝ දෙනෙකු නොදන්නා තරම්ය. ශ්‍රී ලංකාව වූ කලී එවන් වටිනා ශාක බොහෝමයකට උරුමකම් කියන පින්වත් දේශයකි. මෙම ලිපිය දිග හැරෙන්නේ එවන් අපූරූ ශාකයක් පිලිබදවයි.

මොනවද මේ ඉගිනි?

“ඉගිනි” යන ශාකය සහ එහි ගුණාත්මක බව පිලිබදව කරුණු දන්නා සහ නොදන්නා සියලුම දෙනා වෙනුවෙන් මෙම විස්තර උපකාරී වනු ඇත.  ඉගිනි යනු ඉතා උසට වැඩෙන ශාකයකි. මෙම ශාකය හදුන්වන තවත් නමක් වන්නේ, “නිර්මලී” යන්නයි. ඉගිනි වලින් සාදාගත් පානයන් තුළින් අපේ මුතුන් මිත්තන් බොහෝ වාසි ලබාගත්තෝය. ඉපැරැණි වැව් වටා මෙම ශාක වැවීම තුලින් වැව් ජලය පිරිසිදු කිරිම ස්වාභාවිකවම සිදු විය. නිර්මලී ලෙස මෙම ශාකය හදුන්වනු ලබන්නේ ද ඒ නිසාවෙනි. වර්තමානයේ රජරට ප්‍රදේශය ආශ්‍රිතව බොහෝමයක් ජනයා අතර පවතින අති විශාල සෞඛ්‍ය ගැටලුවක් ලෙස වකුගඩු රෝගය ගත හැකිය. ජලයේ ඇති බැර ලෝහ මීට ප්‍රධාන හේතුවක් වේ. ඉගිනි ශාකයට මෙවැනි බැර ලෝහ සමග බන්ධන සාදා ගැනීමට හැකියාවක් තිබෙන අතර එනිසාවෙන් ස්වාභාවිකව ජලය පිරිසිදු කිරීමේ විශේෂ හැකියාවක් මෙම ඉගිනි ශාකයේ ඇට වලට තිබේ. තවත් බොහෝමයක් වටිනාකම් සහිත දිව්‍යමය ශාකයක් ලෙස මෙම ඉගිනි ගස දැක්විය හැකිය.

විල්පත්තුවටත් අහිමි වන ඉගිනි

බොහෝ දෙනෙක් මෙම ශාකය ගැන නොදැන සිටීමට හේතුව වන්නේ ඉගිනි ශාකය බොහෝමයක් පෙදෙස් වලින් වද වී යාමට ලක් වී තිබීමයි. වර්තමානය වන විට විල්පත්තුවෙන් ද මෙම ශාකය අහිමිවෙමින් පවතියි. ඉගිනි ශාකය සාමාන්‍යයෙන් මීටර් 5-15 ත් අතර උසට වැඩෙන දේශීය ශාකයක් වන අතර එය බහුවාර්ෂික ශාකයකි. මෙම ගසේ පොත්ත රලු ස්වාභාවයක් ගන්නා අතර ඉරිතැලී ගිය බවක් පෙන්නුම් කරයි. මෙම ශාකයේ පත්‍ර දිගැටි වන අතර දිලිසෙන සුලු වේ. ඉගිනි ශාකයේ මල් සුදු පැහැයක් ගන්නා අතර ඉතාම සුගන්ධවත් වේ. මෙහි වූ කුඩා ගෙඩි ඉදුණු පසුව ලා කහ පැහැයක් ගනියි. ඉගිනි අයත් වන්නේ Loganiacea පවුලටය. මෙහි විද්‍යාත්මක නම වන්නේ Strychonus potatorum ය. මෙම ශාකයෙන් ලබාගන්නා මුල්,පොතු, ගෙඩි ආදී සෑම කොටසකම ඉතා සුවිශේෂී ගුණයන් රාශියක් අඩංගු වේ.

ingini tree,ingini seeds benefits, ingini drink, ingini eta, ingini seeds side effects, ingini powder, ingini tea, health benefits of ingini, igini milk price in sri lanka, apexaura, apex aura hand wash, nirmali tree, clearing nut in water purification, strychnos potatorum water purification, inginee milk price, igini milk powder benefits, inginee tree, igini milk powder price in sri lanka, clearing nut benefits

සර්වාංගයම නිරෝගී කරන ඉගිනි

ඉගිනි යනු අතීතයෙ සිටම අප රටේ භාවිත වූ දේශිය ඔසු පානයකි. එසේම පුරාණ දේශීය වෛද්‍යවරුන් තම රෝගින් සුව කර ගැනිමට භාවිත කල විශිෂ්ට බෙහෙතක් ලෙස ඉගිනි නම් කල හැකිය. විදේශික ආක්‍රමණ සමඟ අප අපගේ දේශියත්වයෙන් ක්‍රමයෙන් බැහැර වී ආගන්තුක ආහාර මෙන්ම ආගන්තුක ජීවන රටාවකට ද හුරු විය. එහි ප්‍රතිඵල මේ වන විට අපි අත් විදින්නෙමු. අප පිටි කිරි පානයට හුරු වූයේ ද එලෙසය. නමුත් බොහෝ ඔසු පානයන් අප දේශය තුළ තිබියදී අප ඒවා අත් නොහළ යුතු බව අනිවාර්යෙන්ම වටහා ගත යුතුය.

ඉගිනි ගසේ ඇට සහ කොළ ඇස් ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගැනේ. තවද පාචනය, කුෂ්ඨ රෝග, දියවැඩියාව, වන ශෝත, ශ්වාසනාලිකා ප්‍රදාහය, මූත්‍රා අඩස්සිය, වකුගඩු සහ මුත්‍රාශයේ හටගන්නා ගල් ආදී රෝග තත්ව සඳහා ප්‍රතිකාර වශයෙන් මෙම ශාකයේ පොතු, මුල්, ගෙඩි සහ ඇට භාවිත කරයි. ආසියාතික රටවල මෙන්ම ටැන්සානියාව වැනි රටවල මෙම ශාකයේ කොළ මගින් අක්ෂි රෝග සුව කිරීම සිදු කරනු ලබයි. ඉගිනි ශාකයේ මුල යොදාගෙන සකස් කරන පාන වර්ග මගින් ලිංගාශ්‍රිතව බෝවන රෝග වැලැක්වීම ද සිදු කෙරේ. මෙම ශාකයේ කොළ මගින් සකසන පාන වර්ග වලින් අපස්මාරය රෝග තත්වයට ප්‍රතිකාර කිරීමට හැකියාව පවතී. මෙහි මුල තැම්බූ වාෂ්ප ඇල්ලීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව සුව කරගැනීමට හැකියාව පවතින අතර එහි මුලෙන් සාදා ගන්නා බෙහෙත් හරහා ලිංගික ශක්තිය වැඩි දියුණු කරගත හැකිය. මෙම මුල් මගින් සාදාගත් ඔසු මගින් කැස්ස සමනය, සර්පයන් දෂ්ඨ කිරීමකදී විෂ ඉවත් කිරීම, විරේක කිරීම සහ ශරීරය සිසිල් කිරීම වැනි කාර්යයන් ද සිදු කරයි.

ඉතා ප්‍රසිද්ධ තෛල වර්ග වන චන්ද්‍රකාන්ති තෛලය සහ රාජතරංගණී තෛලය වැනි බෙහෙත් තෙල් වර්ග නිපදවීමට ඉගිනි ඇට යොදාගනු ලැබේ. මූත්‍රකාරක, වමනකාරක සහ විෂබීජ නැසීම සඳහා ද මෙම ඉගිනි ශාකයේ කොටස් යොදා ගනු ලැබේ.

ඉගිනි පානය මගින් ඔබට බොහෝ වාසි ලැබෙනු ඇත. සම සහ මුහුණ පැහැපත් කිරීම, ශරීරයේ විෂ හරණය කිරීම, මතක ශක්තිය වැඩි කිරීම, ආහාර රුචිය වැඩි කිරීම, වකුගඩු ආශ්‍රිත රෝග සහ මුත්‍රා ආසාදන වලකාලීම, රුධිරයේ සීනි මට්ටම සමබර කිරීම, දුම්පානය හා මත්ද්‍රව්‍ය නිසා පවතින මහන්සිය නැති කිරීම, අනවශ්‍ය ලෙස මහත්වූ උදරය අඩු කිරීම, ශරීර ශක්තිය වර්ධනය කිරීම, සෙම් රෝග සමනය කිරීම, මල බද්ධය නැති කිරීම, අජීර්ණ හා අර්ශස් වැලැක්වීම, හිසරදය සමනය, මොළයේ යහපත් ක්‍රියාකාරිත්වය, සහ රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම ආදිය එම වාසි වලින් කිහිපයකි. පානයක් ලෙස සකස් කරන ලද ඉගිනි මේ වන විට වෙළදපලේ මිලදී ගැනීමට තිබීම සතුටට කාරණයකි. මිනිස් ශරීරයේ නිධන්ගත රෝග බොහෝමයකට හේතු වන විස සහිත පිටරට කිරි පිටි වර්ග පානය කිරීමට වඩා, මෙවැනි පානයක් ඔබටත් ඔබේ දරුවාටත් ලබාගැනීමට හැකි නම් ඉතා වටිනු ඇත.

 වකුගඩු රෝග සමනය කිරීමට හැකියාව ඇති ඉගිනි

දිනෙන් දින ශ්‍රී ලංකාව තුළ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව ඉහල යන බව අප සැවොම දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙම රෝගය සදහා මුහුණ පෑමට සිදුව තිබෙන්නේ රජරට කලාපයේ අහිංසක ජනතාවට වීම තවත් කනගාටුදායක කරුණකි. මෙම රෝගී තත්වය පිලිබඳව බොහෝ පිරිස් පර්යේෂණ සිදු කොට ඇති අතර ඒ බොහෝමයකින් සනාථ වී තිබෙන ආකාරයට මෙම රෝගයට හේතුව ලෙස එම ප්‍රදේශ වල භූගත ජලයට එකතු වී ඇති බැර ලෝහ දක්වා තිබේ. ගොවිතැන් කටයුතු සඳහා අධික ලෙස රසායනික පොහොර වර්ග සහ කෘමිනාශක භාවිතය මෙම ගැටලුවට ප්‍රධාන ලෙස බලපා ඇත.

අතීතයේ විසූ ජනයා තුළ විද්‍යාත්මක් දැනුමක් නොතිබුනු නමුත් විශ්වය සමග ඔවුනට ඉතා විශාල සබදතාවක් තිබූ බව නම් සැබෑය. මෙම සම්බන්ධයත් සමග ඔවුන්ට එදිනෙදා මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු සදහා ප්‍රත්‍යක්ෂ, ස්වාභාවික ප්‍රතිකර්ම තිබුනි. ඔවුහු ජලය පිරිපහදු කිරීම සඳහා ඉගිනි ඇට යොදාගත්තෝය. ඉගිනි ඇට ජල ප්‍රභව වලට දැමූ විට මඩ ගතිය නැති වී ජලය පිරිසිදු වන බව ඔවුන් අත්දැකීමෙන් දැනගත්තේය. මෙයට හේතුව වන්නේ ඉගිනි ශාකයේ ඇට වල ඇති ආම්ලික බවයි. අතිතයෙ ළිං පිරිසිදු කිරිමේදී ඉගිනි ඇට කීපයක් ලිදට දැමීමෙන් අපේක්ෂා කලේ එලෙසින් ජලය පිරීසිදු කර ගැනිමයි. වර්තමානයටත් මෙම පිරිපහදු ක්‍රමය ඉතා හොදින් ගැලපෙන්නේ ය. භූගත ජලයේ තිබෙන බැර ලෝහ සමග ඉගිනි ඇට වලට බැදීමට හැකියාවක් තිබෙන නිසා මෙම වකුගඩු රෝගය වලක්වා ගැනීමට ඉගිනි ඇට පොට්ටනි එම පළාත්වල ළිං වලට දැමීම කළ හැකිය. මෙම ක්‍රියාවලිය දියුණු කිරීම මගින් වකුගඩු රෝගයට සම්පුර්ණයෙන්ම පාහේ තිත තැබිය හැකිය.

ඉගිනි පානය සහ ඉගිනි බෙහෙත් කරල් දැන් ඔබට මිලදී ගත හැකියි

මේ තරම් වටිනාකමක් සහිත ඉගිනි පානය වර්තමානය වන විට පිටි කිරි වෙනුවට භාවිත කල හැකි බව ඔබට දැන් වැටහෙනු ඇත. මෙම පානය කිරි වර්ගයක් ලෙසින් ඔබටත් දැන් භාවිත කිර්රිමට පුලුවන. මේ වන විට වෙළදපොලේ මෙම ඉගිනි කිරි පානය පහසු මිලට ලබගැනීමට ඔබට අවකාශය පවතියි. ඔබත් මෙවැනි පානයන් එදිනෙදා ජීවිතයට එකතුකොට ඔබේත් දරුවන්ගේත් සෞඛ්‍ය නංවාගැනීමට කටයුතු කරන්න.

ඉගිනි බෙහෙත් කරල් (capsule) ද මේ වන විට වෙලදපොලේ පහසු මිලට තිබෙන අතර ඔබට ගුණයෙන් ඉහල තත්වයෙන් උසස්, දේශීය ඉගිනි කරල් වෙළදපලෙන් මිලදී ගත හැකිය.

වටිනාකම මිල කළ නොහැකි ඉගිනි රැකගමු

තව ද, ඉගිනි ගසෙන් ලබාගන්නා බීජ වල ඇති පොලිසැකරයිඩ් නම් සංයෝගය හේතුවෙන් එයට ඇලෙන සුලු ස්වභාවයයක් ලැබේ. මේ නිසාවෙන් මෙම බීජ, කඩදාසි සහ පේෂ කර්මාන්තයට ද යොදාගැනේ. මෙරට තුළ දේශීය වශයෙන් කඩදාසි සහ රෙදිපිළි කර්මාන්ත දියුණු කරගැනීමට මෙම ශාකය යොදාගත හැකිය.  තවත් බොහෝමයක් ප්‍රයෝජන සහ සෞඛ්‍ය  ගුණයන් සහිත මෙම ඉගිනි ශාකය රැකගැනීම සියලුම දෙනාගේ වගකීමකි.

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න